උපක්කිලේස සූත්‍රය – Upakkilesa Sutta

උපක්කිලේස සූත්‍රය – Upakkilesa Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 21 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 ඔක්තෝබර් මස 30 වන දින ආරම්භ කර නොවැම්බර් මස 13 වෙනි දින අවසන් කරන ලදී.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ සමාධිය පිලිබඳ සිදුකරන දේශනා මාලාවේ තෙවන සූත්‍රය ලෙස සමාධිභාවනා සූත්‍රයට පසුව මෙම සූත්‍ර දේශනාව ආරම්භ කරන ලදී.

මෙම සූත්‍රයේදී දිව්‍ය චක්‍ෂුසය ලබාගෙන එය තහවුරු කර ගැනීමට බාධා වෙන උපක්ලේශ පිළිබඳව වටිනා විස්තරයක් ඇතුලත් වේ.  එමෙන්ම මෙය ඒ කාලයේ බුදු රජාණන් වහන්සේට වත් නොනැමුණු කලහකාරී සංඝ පිරිස් මෙන්ම එකිනෙකා සමග ඉතා සමගි සම්පන්නව ජීවත්වූ සංඝ පිරිස් පිළිබඳව වටිනා චර්යාත්මක වෙනස්කම්, සංසන්දනාත්මකව හෙළි දැක්වෙන වටිනා සුත්‍රයකි.

දෙවන සහ තෙවන ධර්ම දේශනාවන් සහ ධර්ම සාකච්ඡාවන් තුල භාවනා යෝගීන් හට ඉතා වටිනා ප්‍රායෝගික කරුණු ඇතුලත් වේ. 

උපක්කිලේස සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: උපක්කිලේස සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – උපක්කිලේස සූත්‍රය. (30-10-2022)
  2. ධර්ම සාකච්ඡාව 01 – උපක්කිලේස සූත්‍රය. (30-10-2022)
  3. ධර්ම දේශනාව 02 – උපක්කිලේස සූත්‍රය. (06-11-2022)
  4. ධර්ම සාකච්ඡාව 02 – උපක්කිලේස සූත්‍රය. (06-11-2022)
  5. ධර්ම දේශනාව 03 – උපක්කිලේස සූත්‍රය. (13-11-2022)
  6. ධර්ම සාකච්ඡාව 03 – උපක්කිලේස සූත්‍රය. (13-11-2022)

උපක්කිලේස සූත්‍ර දේශනා මාලාව මෙතැකින් අවසාන වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.