සතිය සහ සම්මා සතිය. (16-07-2023)

සතිය සහ සම්මා සතිය

සතිය සහ සම්මා සතිය.  [සිහිය සහ නිවැරදි සිහිය.] – 16-07-2023 

බුදු දහමට අනුව නිවැරදි සිහිය යනු කුමක් ද යන්න පැහැදිලි කෙරුණු සතිය සහ සම්මා සතිය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් zoom තාක්ෂණය ඔස්සේ වර්ෂ 2023 ජුලි මස 16 වන දින සිදු කරන ලදී.

මෙම දේශනයේ ඇති සුවිශේෂී සහ කාලීන වැදගත්කම වන්නේ ඒ තුලින් වර්ථමානයේ බොහෝ දෙනා දන්නා සතිය බටහිරින් පැමිණි මිච්ඡා සතියක් වන බවත් එය බුදු දහමේ දක්වන සම්මා සතියට වෙනස් වන බවත් පැහැදිලි කිරීම වේ.  එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දී ඇසූ පැනයකට පිළිතුරක් ලෙසින් වර්ථමානයේ දී අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහයෙන් පාසල් වල සිදු කෙරෙන සතිය පිලිබඳ වැඩසටහන් එසේ බටහිරින් පැමිණි සතියට අනුව යන පාඨමාලාවන් බවත් පැහැදිලි කෙරිණි.

මෙම වටිනා වැඩසටහන සංවිධානය කලේ කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගිනි.

සතිය සහ සම්මා සතිය වැඩසටහනේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව ශබ්ද සංස්කරණය කල Mp3 හඬපට ලෙස පහතින් දැක්වේ.

  1. ධර්ම දේශනාව – සතිය සහ සම්මා සතිය. (16-07-2023)
  2. ධර්ම සාකච්ඡාව – සතිය සහ සම්මා සතිය. (16-07-2023)

* සතිය සහ සම්මා සතිය වීඩියෝ පටය නැරඹීමට මෙතැන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.