
අභිධර්මයේ මූලික කරුණු අංක: 40 (ප්‍රසාද රූප) 21-03-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 40 (ප්‍රසාද රූප) Saturday Dhamma Discussion was conducted via Zoom on 21st March 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය හත්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මාර්තු මස 21 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු ප්‍රසාද රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: ප්‍රසාද රූප පස, චක්ෂුඃ ප්‍රසාදය
මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රසාද රූප ප්‍රසාද රූප පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. මෙහි සුවිශේෂී බව වන්නේ ප්‍රසාද රූප සියල්ල පිළිබඳව සහ ඒවාට කුසල අකුසල ක්‍රියාකාරීත්වය බලපාන අයුරු පැහැදිලි කෙරෙන ඉතා වටිනා පැහැදිලි කිරීමක් වීමයි.
- ධර්ම දේශනාව: ප්‍රසාද රූප පිළිබඳව පැහැදිලි කරන්න. **** (ප්‍රසාද රූප සියල්ල පිළිබඳව සහ ඒවාට කුසල අකුසල ක්‍රියාකාරීත්වය බලපාන අයුරු පැහැදිලි කෙරෙන ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
- මෙම වටිනා දේශනාවේදී සඳහන් වුනු කාම තණ්හා ආදිය ධ්‍යාන ලබා බ්‍රහ්ම ලෝක වලට යාම තුලින් නැතිකර ගන්නවා වෙනුවට පජානාති, සංපජානකාරී හෝති යන ආකාරයෙන් විපස්ස්නාව දියුණු කර ගැනීමෙන් වඩා පහසුවෙන් නැති කරගත හැකි නොවේ ද? **** (ඉතා වටිනා පැනයන් සහ පැහැදිලි කිරීම් ඇතුලත් වේ. එමෙන්ම ධම්මානුධම්ම ප්‍රතිපදාව දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී තහවුරු වේ.)
- ගල් කැටයක ඇත්තේ ශුද්ධාෂ්ඨක පමණක් ද? ***
- ධ්‍යාන හෝ අභිඥා පිළිබඳව ඔබ වහන්සේට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා ද?**** (ගිහියෙකු විසින් අසනා මෙවන් පැනයකට පිළිතුරු දීම උපසම්පදා භික්ෂුවකට විනයානුකුලව අකැප වේ. තමන් ලැබූ විශේෂ ධ්‍යාන සහ අධිගමයන් ගැන උපසම්පදා භික්ෂුවක් විසින් තවත් උපසම්පදා භික්ෂුවකට පමණක් පැවසීමට විනයෙන් අනුබල දී තිබේ.)
- මනුෂ්‍යයකු මියගිය විට, ජීවිතේන්ද්රිය රූපය නැති වූ විට යම් වෙලාවක් උණුසුම් ගතියක් පවතින්නේ ඉර්තුජ රූප සහ ආහාරජ රූප නිසා ද?
- ධ්‍යාන ලැබූවෙකු මාර්ග ඵල ලැබීමට නම් මනුෂ්‍ය ලෝකයේ සිටිය යුතු නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- එක වරකට එක සිතක් පමණක් උපදින විට අපේ ඇස් දෙකෙන් රූප දෙකක් එක වර දැකිය හැකිද? නැතහොත් දෙකෙන්ම එක් රූපයක් පමණක් පෙනේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අතිශය වේගවත් සිත් දෙදෙනෙකුට ඇතිවන්නේ එකවිටම ද? ***
- අප යමකට ගිනි තබන විට එහි සිදුවෙන වෙනස් වීම් අපගේ ඇඟේ සිදුවන වෙනස් කම් වලට වෙනස් ද?
- ආහාර රූප, රුප කලාප දහය තුල තිබෙනවා ද?
- අපට ඔන්ලයින් හරහා දුරස්ථව සම්බන්ධ විය හැකි ස්වාමින් වහන්සේගේ භාවනා පංතියක් තිබේ ද? **** (ගරු ස්වාමින්වහන්සේ පළමු වරට කොළඹ සිදුකිරීමට බලාපොරොත්තු වෙන මාසික එක් දින භාවනා වැඩසටහන පිළිබඳවයි.)
- මා වයස හතළිහේ පසුවන කෙනෙකි. බොහෝ පින් කටයුතු කර තිබේ. භාවනායෝගියෙකුද වේ. දෙමාපියන්ටද යුතුකම් සිදුකර ඇත. සිල්වත් පවුල් ජීවිතයක්ද ගත කරමි. මාගේ නෑදෑයින් පවසන්නේ බුදු දහමේ තිබෙන්නේද හතරෙන් එක කොටසක් පමණක් ධර්මයට යෙදිය යුතු බවය.
- බුදුදහමේ “දුක” යැයි හඳුන්වන්නේ කුමක්ද? අප සාමාන්‍ය ව්‍යවහාරයේ අත්දකින දුක කියන එකමද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- විඤ්ඤාණයක් පිහිටීම සදහා රූපයක් අවශ්‍යයි නේද? අරූප ලෝකයේ විඤ්ඤාණය පිහිටන්නේ කොහොමද? ***
- මා භාවනා කරන කෙනෙකි. තවමත් ලස්සන ඇඳුම් ඇඳගෙන කැපී පෙනෙන ස්වභාවයක් ලබා ගැනීමට කැමතිය. එයින් ඇති කරන දුක්ඛිත ස්වභාවය තවමත් සිතට නොදැනේ. මෙවැනි කාමච්ඡන්දයන් ඇතිවන අවස්ථාවලදී එම කාමච්ඡන්දය ඇති වූ බව හඳුනාගත හැකිය. ඊට පසුව සිදු කළ යුත්තේ කුමක්ද?
- මල සිරුරක සීතල සහ තද ගතිය දැනෙන්නේ පඨවි ධාතුව බලවත් නිසා ද? අනෙක් ධාතූන් ඉක්මනින්ම ප්රහාරනය වනවා ද? එහෙත් මලසිරුරේ ඉදිමීමට සහ නරක්වීමට වායො සහ තේජෝ ධාතුව අවශ්‍යයි නේද?
- සහම්පති මහා බ්‍රහ්මයා වගේ කෙනෙක් මනුෂ්‍ය ලෝකෙට ඇවිත් කොහොමද මනුෂ්‍ය ලෝකෙට අදාලව කය සකස් කරගන්නේ? පංච ඉන්ද්රිය සහ පංච අභිනඥා අතර වෙනස කුමක්ද?
- අසංඥ තලයේ ජීවීන්ට ජීවිතේන්ද්රිය තියෙනවාද? එම ජීවීන් ගල් වැනි අජීවී වස්තූන්ට සමානද?
- අසඥ්ඥ තලය තුල දී සිත නිශ්ක්‍රීය වෙන ආකාරය පහදා දෙන්න. විඤ්ඤාණය නිසා නේද රූපය (ආයතන) ඇති වන්නේ. රූප ක්‍රියා කරවන්නට චිත්ත කිරිය වායෝ ධාතුව ඇති වන්නේ නැහැ නේද?
- බොහෝ දෙනෙක් ගේ විශ්වාසයක් තියෙනවා යක්ෂ භුතාදීන්ට සත්ත්වයෙක්ගේ සිතකට බලපෑම් කළහැකි බව. වේගවත් සිතකට එසේ බලපෑම් කළ හැකි ආකාරය පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අද දේශනාවෙදි සදහන් වූ ආහාර, ඍතු අනුව වෙනස් වීමක් කර්මයමයි කියල හිතන්න පුළුවන් නේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමහර අවස්ථා වලදී කෙතරම් අසුභ භාවනාව වැඩුවත් සුභ සංඥාවම මතුවේ. පෙර මහත්මයෙකු ඇසූ ප්‍රශ්නයට පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරක් දුන්නේය. එනම් හතරෙන් එකක් පමණක් පින්කම් වලට සහ අනෙකුත් වියදම් වලට යොදවන ලෙසය. එහෙත් මරණානුස්සතිය වඩන කෙනෙකු මීට වඩා පින්කම් කිරීමට උනන්දු විය යුතු නේද? දෙමාපියන්ට, මහා සංඝරත්නයට මීට වඩා අප කැප විය යුතු නොවේ ද, කුසල් රැස්කිරීම පිණිස භාවනාවට අමතරව?
- ඇසින් රූපයක් දැක එය කෙරෙහි රාගයක් හට ගන්නා විට එය ඇතිවන්නේ අවිද්‍යාව නිසා කියා සිතූ විට මා හට තව තවත් ඒ පිළිබඳව සිතීම තුළින් එම අකුසලය ප්රහාණය කළ හැකිද? එසේත් නොමැති නම් එම රූපය දුටු විට සහ ඒ අවස්ථාවේ දීම ඇස හටගනී, රූපය හටගනී, ඒ නිසා ඇතිවන සිතත් හට ගන්නේ ලෙස අනිත්‍ය මෙනෙහි කළ විටද එම අකුසලය දුරුකර ගත හැකි නොවේද? මෙය බිත්තර කට්ටකට සිරවී සිටින නිසා ඇතිවන රාග සිතක් බව හඳුනාගත හැකි වේද?
- නාම විදර්ශනාව කරන විට එක් සිතකින් ඊළඟ සිත බලන්න කියා උපදෙස් දුන්නා වුවත් ඒ තරම් වේගවත් සංසිධියක් අප බලන්නේ කෙසේද? ***
- සමාලෝචනය සහ අවසානය. **** (ප්‍රශ්න නැගීම පිළිබඳව ඉතා වටිනා උපදේශ ඇතුලත් වේ.)
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.