
අභිධර්මයේ මූලික කරුණු අංක: 44 (භාව රූප) 18-04-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 44 (භාව රූප) Saturday Dhamma Discussion was conducted via Zoom on 18th April 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය එකොලොස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 අප්‍රේල් මස 18 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු භාව රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: භාවරූප දෙක
මෙවර ධර්ම දේශනාව තුලින් සිංහල දෙමල අවුරුදු චාරිත්‍ර වල නියම අරුත සහ භාව රූප ගැන පැහැදිලි කෙරිණි. මෙහිදී අපට වැදගත් කරුණු රැසක් හොඳින් පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: අළුත් අවුරුදු චාරිත්‍ර වල නියම අරුත සහ භාව රූප ගැන පැහැදිලි කිරීම. **** (අභිධර්මයේ ඇතැම් මූලික සිද්ධාන්ත අනුව අළුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව සහ භාව රූප පැහැදිලි කිරීමේ ආරම්භයක් ඇතුලත් වටිනා දේශනාවකි.)
- මම බුද්ධ පූජාව සිදු කොට ඊළඟ ආත්මයේ පුරුෂ ආත්මයක් ප්‍රර්ථනා කරනවා. එය නිවැරදි ද? එමෙන්ම ඒ සඳහා තම සැමියාගෙන් අවසර ලබාගන්නට ඕනෑ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අප්රහීනත්වයයි, ප්රහීනත්වයයි අතර වෙනස පැහැදිලි කරන්න. ***
- තේජෝ ධාතුවෙන් කම්ම නියාම, ඉර්තු නියාම, බීජ නියාම සහ චිත්ත නියාම වශයෙන් රූප වලට බලපෑම් කරන ආකාරය නැවතත් පැහැදිලි කරන්න. ***
- ආනාපානසති භාවනාව හොඳින් කරන විට කාය පස්සධිය, චිත්ත පස්සධිය ඇති අවස්ථාව සමාධි තත්වයක් නෙවෙයි නේද? ***
- ස්ත්‍රී භාවයෙන් උපත ලැබුවත් නිවන් දැකීමට එය බාධාවක් නොවෙයි නේද? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- භාව රූප දෙකට වඩා තියෙන්න පුළුවන් ද? ***
- බල්ලෙක්ගේ සිරුරේ ගැහැණු පිරිමි ලිංග වෙනස්කම් භාව රූප නිසා ඇති වන්නක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අවුරුදු කාලයේදී බොහෝ විට ඇති වන්නේ ලෝභ සහගත සිතුවිලි නොවේද? නිවාඩුව නිසා සංග්‍රහා පැවැත්වීම, අලුත් ඇඳුම් ගැනීම, විනෝද චාරිකා යෑම වැනි දේ. ***
- කුසල මූල පටිච්චසමුප්පාදය ගැන සුළුවෙන් හෝ පැහැදිලි කිරීමක් කරන්න. **** (වැරදි අදහසක් නිවැරදි කරමින් සිදු කෙරෙන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- විදර්ශනා වැඩෙන විට ඇතිවන කුසල් සිත් වලින් කර්ම උපද වනවා ද?
- යම් කෙනෙක් අධ්‍යාපනයෙන් උගත් වූවත්, කොතරම් ධර්මය ශ්‍රවණය කලත්, ධර්මය ජීවිතයට ගලපා ගන්න නොහැකි වෙන්නේ ත්‍රිහේතුක ප්රතිසන්දිකයෙක් නොවීම නිසාද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- රතන සුත්‍රය කීප වතාවක් එක දිගටම සජ්ඣායනා කරන විට මුල් ආරාධනා ගාථා දෙක සහ අවසන් ගාථා තුන (සක්‍ර දේවතාවන් විසින් කියන ලද) ඒ සෑම වතා වකම සජ්ඣායනා කල යුතු ද? ***
- පුරුෂ ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරන්නේ කාන්තාවක් වශයෙන් ඇතිවන ගැටලු වලින් පැන යාමට නොවේද? ***
- විනය පිටකයේ ස්ත්‍රී නිමිති දෙකක් සහ පුරුෂ නිමිති දෙකක් සහිත මිනිස්සු ඇති බව අසා ඇත. කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
- අවුරුදු කාල නිවාඩු වලදී බොහෝ දෙනා දැන් කාලේ යන්නේ හෝටල් වල පවුල් පිටින් ගත කිරීමටය. තවත් කාමයෙහි ඇලීගැලී සිටීමටයි. කාම ලෝකය තුළ මෙසේ සැරිසැරීම රාග සිතිවිලි වැඩිවීම නිසා දුකින් දුකට පත්වීමක් නොවේද? ***
- මම දැකලා අහලා තියෙනවා මේ භවයේම ස්ත්‍රීන් පුරුෂ වුන අය. ස්වාමීන් වහන්ස ඒ කුසලයක් ද?
- පටිචිචසමුප්පාද ධර්මයේ සදහන් ‘ඵස්ස’ හා සබිබචිත්ත සාධාරන චෛතසික අතර ඇති ‘ඵස්ස’ එකක්ද? දෙකක්ද?
- තම ස්වාමියාගේ සහයෝගයක් නැතිව කාන්තාවකට තනියම පුරුෂ ආත්මයක් ලබාගැනීමට කටයුතු කල නොහැකි ද? ***
- තේජෝ ධාතුව මගින් තවත් රූප කලාප ඇති කරන්නා ලෙස අනිත් ධාතුන් මගින් ද රූප කලාප ඇති කිරීමට පුළුවන් ද? ***
- ආර්යෝපවාදය සිදුවුවහොත්, මාර්ගඵල මේ භවයේදී ලබා ගත නොහැකිද? සමාව ගැනීමෙන් එයින් අත් මිදිය හැකියි ද? ***
- කෙනෙක් සියදිවි නසා ගැනීමේ දී ජීවිතය ගැන කලකිරීමකින් නැවත නොඉපදේවා සිතින් මරණයට පත් උනොත් භාවය සකස් වෙන්නේ කෙසේද? ***
- මඳ වේලාවකට පමණයි කියා සින්දු ඇසුවද ඊට පසුව එම සින්දුවම දිගින් දිගටම අහන්න පෙළඹුණා. අවසානයක් නොමැති සැපයක් කරා සත්වයාව පමුණුවන කාමය මෙතරම්ම බිහිසුනු ද? ***
- රූප කලාප ශක්ති ප්‍රභේදයක් පමණද? ***
- මනෝද්වාරික රූප කලාප සැකසී ඇත්තේ ශුධාෂ්ටක රුප කලාප වලින් පමණ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.