අභිධර්මයේ මූලික කරුණු අංක: 43 (ගෝචර රූප 02) 11-04-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 43 (ගෝචර රූප 02) 11-04-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 43 (ගෝචර රූප 02) 11-04-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 43 (ගෝචර රූප 02) Saturday Dhamma Discussion  was conducted via Zoom on 11th April 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දහ වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 අප්‍රේල් මස 11 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු ගෝචර රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: ගෝචර රූප

මෙවර ධර්ම දේශනාව තුලින් ගෝචර රූප වල රසය සහ ස්ප්‍ර‍ෂ්ටව්‍යය පැහැදිලි කෙරිණි.  මෙහිදී අපට සාමාන්‍යයෙන් පැහැදිලි ලෙස නොතේරෙන අභිධර්මයේ මූලික කරුණු සමහරක් හොඳින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.  එසේම මෙම වැඩසටහනට සම්බන්ධ වෙන නවක පිරිසට අවවාදයක් ලෙසින් ගරු ස්වාමින් වහන්සේ දහම් සාකච්ඡා වලදී ශ්‍රද්ධාව සහ ප්‍රඥාව විශේෂයෙන්ම වැදගත් වන බව අවසානයේ දී පැහැදිලි කල සේක.


  1. ධර්ම දේශනාව: ගෝචර රූප වල රසය සහ ස්ප්‍ර‍ෂ්ටව්‍යය පැහැදිලි කරන්න. **** (බොහෝවිට අපට නොපැහැදිලි අභිධර්මයේ ඇතැම් මුලික කරුණු පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි.)
  2. අප බලාපොරොත්තු වෙන ආකාරය මත අපගේ කාය විඥානය උපදිනවා නම් අපගේ භාවනාව දියුණු වෙන විට එය දැනෙන ආකාරයේ ස්වභාවය පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. කලාප භාවනාව කරන්නේ කෙසේද? *** (ධාතු මනසිකාරය පිලිබඳ වැරදි වැටහීමක් නිවැරදි කෙරෙන පැහැදිලි කිරීමකි.)
  4. අප්‍රාණික දෙයක නව රූප ඇතිවීම තවත් ටිකක් විස්තර කර දෙන්න? බීජ ගුණය අප්‍රාණික දේවල් වලත් තිබේද? ගලක්/කොන්ක්‍රීට් කණුවක් වැනි දෙයක් අපට එක වගේම පෙනෙන්නේ ඇයි? ගලක ඇතිවන නව රූප ඇති වන්නේ සෘතු නියාමය නිසා නම්, එම නව රූප වලත් පැරණි රූප වලම ගුණ (පාට/තද ගතිය වැනි) තිබෙන්නේ ඇයි? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.) 
  5. ධාතු මනසිකාර භාවනාවේදී අපි මනසින් කුමක් සිතිය යුතු ද? ***
  6. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා හොඳයැයි සිතා පිටරටක අධ්‍යාපනය ලබාදීමේ ඇත්තේ ලෝභයද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අපට පීඩා දෙන අරමුණු වලින් ඉවත් වූවත් එම රූප මනසේ නැවතත් ඇති වන්නේ කෙසේද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. කෙනෙක් මැරෙන්නට සිටින විට කර්ම නිමිති, ගති නිමිති පෙනෙන්නේ චුති සිත ඇතිවෙන විට ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. චක්ඛු ප්‍රසාදය යනු එක රූපයක්ද නැතහොත් රුප කොට්ටාස වල එකතුවක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. රූප පිළිබඳව අප ඉගෙන ගැනීමේ ප්‍රධාන අරමුණ සක්කාය දිට්ඨිය නැතිකර ගැනීම ද? ***
  11. ආනාපානසති භාවනාව පටන් ගන්න විට අනුගමනය කල යුතු නිවැරදි ක්‍රමයක් තිබේදැයි පහදා දෙන්න. ***
  12. හිතට සමහර අවස්ථා වල දී එපා වුණු ස්වභාවයක් හට ගනී.  එවැනි අවස්ථාවල දී කළ යුත්තේ මෙහි ඇති වන නැති වන ස්වභාවය බැලීම ද?  මෙවැනි අවස්ථාවලදී මා කරන්නේ හොඳට ඇඳ පැළඳ ගෙන කඩේකට ගොස් ආහාර ගැනීමයි. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  13. අපට අනිෂ්ඨ රූප එය ඌරාට ඉෂ්ඨ රූපයක් වේද? ආරම්මණය පැහැදිලි කරන විට එය සාමාන්‍ය ලෝකය දකින ලෙස ධර්මයේ විස්තර කරයිද? නැතහොත් ඒ ඒ පුද්ගලානුබද්ධව විස්තර කරයිද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  14. විශේෂයෙන් ගෙදර තුළ දී නිරාමිස සතුටක් ඇතිකර ගැනීමට අවශ්‍ය වී ඇත.  ගෙදර තුළදී සිත කාම සැපයට නොඇලීම සඳහා අතීත පුරුදු සිහිකර ගනිමින් නිරාමිස සතුට ඇතිකර ගත හැකි ආකාර මොනවාද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  15. යම් වැඩක් කරන විට සිහියෙන් සිටිය යුතු වන්නේ ඒ වැඩය පිළිබදව ද ධර්මය පිලිබඳව ද? ***
  16. ආමිස හෝ නිරාමිස සැපයක් සෙවීම සක්කාය දිට්ඨියට ආහාරයක් වෙනවා නොවේ ද?
  17. ළඟදී අප නිවස අසලට පැමිණි අසල්වාසීන්ගේ ශබ්ද නිසා මා හට සමහර අවස්ථාවලදී ගෙදර සිටීමට ප්‍රියතාවයක් නොමැත.  නමුත් සෑම විටම නොවේ.  සතුටු සිතින් භාවනා කොට සමාධිමත් සිතක් හට ගැනීමට ඉඩ ඇත.  එවැනි ගැටීම ඇතිවන අවස්ථාවල මා සිදු කරන්නේ විනෝද චාරිකාවක් යෑමයි.  මෙය පංච කාමය බව දනී.  තවත් උගුලකට වැටෙන බව ද දනී. නමුත් සිත එම යෝජනාවම සිදුකරයි. කළ යුත්තේ කුමක්ද? ***
  18. ආනාපාන සතිය පටන් ගන්න කලින් පූර්ව කෘතිය කරන්න කියලත් මතක් කර දෙන්න ඕන නේද? ***
  19. සමාලෝචනය සහ අවසානය. ****

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.