
අභිධර්මයේ මූලික කරුණු අංක: 41 (ප්‍රසාද රූප 02) 28-03-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 41 (ප්‍රසාද රූප 02) Saturday Dhamma Discussion was conducted via Zoom on 28th March 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය අටවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මාර්තු මස 28 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු ප්‍රසාද රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: දර්ශනාදිය සිදු වන ආකාරය
මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රසාද රූප කලාප පිලිබඳව දර්ශනාදිය සිදු වන ආකාරය ගැන ඉතා ප්‍රායෝගික පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඇතැම් විශිෂ්ඨ පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: ප්‍රසාද රූප කලාප පිළිබඳව දර්ශනාදිය සිදු වන ආකාරය පැහැදිලි කරන්න. **** (ප්‍රසාද රූප කලාප පිලිබඳව දර්ශනාදිය සිදු වන ආකාරය ගැන ඉතා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
- අපට ඉන්ද්‍රියන්ගෙන් දෙන දේවල් ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව ගැනීම පුහුණු කිරීම තුලින් සාමාන්‍යයෙන් දැනගන්නා දේවල් පරයා ගැඹුරට යාම පිලිබඳ උදාහරණයක්. **** (විපස්සනාවේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනා සහ සමථ භාවනා දියුණු කල පසුව එදිනෙදා ජීවිතයේදී අපට ඉන්ද්‍රිය සහ මානසික වශයෙන් දැනෙන දේ සතියෙන්/නුවණින් තියුණු කිරීම තුලින් සාමාන්‍යයෙන් අපට නොදැනෙන විශාල ක්‍ෂේත්‍ර තුලට ඇතුල්වෙන ක්‍රමවේදයක් පිලිබඳ වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
- ශබ්දය කියන්නේ පරමාර්ථ ධර්මයක් ද නැතහොත් ප්‍රඥප්තියක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- චුල්ලපන්ථක ස්වාමින්වහන්සේ මවන තමන් වහන්සේ වැනි රූප වලට ප්‍රතිචාර දැක්වීමට පුළුවන් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ශබ්දය ඉර්තුවෙන් උපදින්නට පුළුවන් නොවේද?
- ඈත තියෙන ශබ්ද නොඇසීමට පරිවරණය කිරීමේ දී එය නොඇසෙන බව තේරුම් ගන්නේ කෙසේද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි.)
- අසුභ භාවනාව ගැන මදක් පහදන්න. විටෙක සිරුර අසුභයයි සිතුනද සමහර විට කය සුභ යැයි සිතේ. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පිළිතුරකි.)
- මේ කය සම්පූර්ණයෙන්ම සතර ආහාරයෙන් හටගෙන ඇති සත්වයෙක් පුද්ගලයෙක් නැති බව දැන් හොදින්ම පැහැදිලියි. සම්පූර්ණයෙන්ම සක්කාය දිට්ඨිය නැතිවීමට තව කුමක් කළ යුතු ද? *** (වටිනා පිළිතුරකි.)
- මා භාවනා වැඩසටහන් වලට යන විට එහි ඇතිවන අසාධාරණකම් දැක විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයේ අයගේ ඇති මාන්නය දැක කලකිරීමට පත්වෙමි. සමහරුන් භාවනා වැඩසටහනට දැන් එන්නේද නැත. මෙය හොඳ විදර්ශනාවක් කර ගන්නේ කෙසේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- උපතක්, සැපතක් නොලැබූ ආත්ම භාවයක් නැති බව දේශනා කල ඇත. එනමුත් බෝධිසත්වයන් වහන්සේලා (නියත විවරණ ලැබීමට පෙර උදාහරණයක් ලෙස මාතුපෝසක ජාතකයේ බෝධිසත්වයන් වහන්සේ) සාමාන්‍යය සත්වයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- රූප කලප දෙකක් කිසිවිට එකතු නොවන්නේ නම්, රුධිරයට එන්නතක් විදීමේ දී සහ තීන්ත වර්ග දෙකක් එකතු කිරීමේ දී ඒ ඒ රූප කලාප එකතුවීමක් නොවන්නේද?
- මා හට ඇති නරක ගුණයක් ලෙස මා හට හැඟී ගොස් ඇත්තේ ගුරුවරුන් සැර නම් මා ඒ මාර්ගය අතහැරීමය. මා හට හැඟෙන්නේ ඔවුන්ගේ වැරදිමය. පුද්ගලයන් මෙලෙස හැසිරෙන්නේ මන්ද, මෛත්‍රී ගුණයන් ඔවුන් තුළ නැද්ද? මෙය මාගේ ධර්ම මාර්ගයට ගැටළුවක් ලෙස යැයි හැඟේ. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මා බොහෝ කුසල් කොට ඇත. බොහෝ මුදල් ඒ සඳහා වියදම් කර ඇත. සමහර අවස්ථාවලදී මා මාහට වියදම් කරන විට දැනෙන්නේ මෙය ආයෝජනයක් නොවන බවය. කුසල් කරන විට දැනෙන්නේ එය ආයෝජනයක් එනම් සසරම නිවෙන බවය. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අද දින භාවනා වැඩසටහනේදී චගානුස්සතිය සහ දේවතානුස්සතිය පුහුණු කළා. එය කරන විට සිතේ සතුටක් ඇති වුනා. ඒ සමග මේ භාවනාවන් කිරීම සුදුසු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පිංකම් කිරීමේදී මට ලෝභ සිතෙනවා අඩු වුවත් තමා සම්බන්ධ වියදම් කිරීමේදී ඇතැම් විට වියදම් අඩු කිරීමට සිත් ඇති වේ. ඒ ඇයි? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- භාවනා වැඩසටහන් වලදී අටසිල් සමාදම් වී නිවසට පැමිණි පසු දරුවන් සමග ආහාර ගැනීමට කැමැත්තක් ඇති වේ. ඒ ගැන කුමක් කල යුතු ද? ***
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.