අභිධර්මයේ මූලික කරුණු අංක: 58 (ප්‍ර‍ත්‍ය විභාගය 07) 03-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 58 (ප්‍ර‍ත්‍ය විභාගය 07) 03-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 58 (ප්‍ර‍ත්‍ය විභාගය 07) 03-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 58 (ප්‍ර‍ත්‍ය විභාගය 07) Saturday Dhamma Discussion  was conducted via Zoom on 03rd October 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ඔක්තෝබර් මස 03 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: උපනිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය.

මෙවර ධර්ම දේශනාව තුලින් උපනිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය පිළිබඳව ගැඹුරු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.  එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත සහ ප්‍රායෝගිකව අධ්‍යාත්මික බව දියුණු කරන අයට සම්බන්ධ වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. 


  1. ධර්ම දේශනාව: උපනිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා ප්‍රායෝගික වටිනාකමක් ඇති දේශනාවකි.)
  2. ගිහි අප බොහෝවිට නිවසේ දී කිට්ටු අය සමග කථාබහ කරන විට උපනිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයේ ක්‍රියාකාරීත්වයට හසු වී අකුසල රැස් කර ගන්නෙමු.  කාලයක් තුල දී එම තත්වයෙන් බිරිඳ යම් තරමකට මුදවා ගනිමින් සහ මා තුල ඇති වූ අවබෝධය මෙසේ පැහැදිලි කරමි. **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. අකුසලය කුසලයට ප්‍රත්‍ය වීමේ දී සති සම්පජඤ්ඤය අප උපදවා ගන්නවා ද නැතහොත් අපතුල ඉපදෙනවා ද ? ***
  4. වර්තමානයේ දී බුදුදහම විකෘති කරන සංඝ සමාජයක් පැවතීම ගැන ඔබවහන්සේ ගේ අදහස පැහැදිලි කරන්න.
  5. කුසලයෙන් අකුසලයට පත්වෙනවා යන කාරණයට සම්බන්ධව දුෂ්කර පන්සලකට අප කරන දානය ගැන ඇතිවූ මෙම ගැටළුව පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. දුෂ්කර පන්සලකට අප කරන උපකාර තුලින් පෞද්ගලික හිතවත්කම් සුදුසු වේ ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. උපනිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙදී උප වන්නේ කුමක් ප්‍රධාන වීමෙන් ද ?
  8. තමා නිවැරදි වූවත් මහජනයා තමා පිලිබඳ වැරදි දෙයක් හිතනවා නම් එය භික්‍ෂුන් වහන්සේලා විසින් සලකා බැලිය යුතු දෙයක් ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. මා කුසලයක් කළ පසු එම දවසම බොහෝ විට සිත ප්‍රීතියෙන් පිනා යයි. එම කුසලයත් අනිත්‍ය යැයි සිතා විදර්ශනා කළ යුතුද ?  උදාහරණයක් ලෙස මා කළ දානයක රූප සටහන් දකින විට මගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.  එවන් අවස්ථාවකද මා සිතිය යුත්තේ මේ දකින රූපය එකක් මම දැනගන්න රූපය එකක් ලෙස සිතා ඒ පිළිබඳව උපේක්ෂාවෙන් බැලීමද ?  එසේත් නොමැති නම් සිත ප්‍රීතියෙන් පිනා යාම ඇතිවී නැතිවී යන ආකාරය බලා සිටීම ද ?  කුසලයක් සිදුකළ පසු අපට එය සංඛතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි ලෙස සිතිය හැකිද ?  මා අසා ඇති ආකාරය කාමාවචර භූමියේ සිදු කළ හැකි ඉහළම කුසලය අනිත්‍ය භාවනාව වැඩීමයි.  පිරිසක් සමග කටයුතු කිරීමේදී බොහෝවිට එකිනෙකාගේ මත විරෝධී අදහස් ඇතිවී සිතට නොරිස්සුම්භාවය ඇතිවේ. දරුවන්ගේ වැරදි ක්‍රියාවන් නිවැරදි කිරීමට සිදු වේ.  සමහර අවස්ථාවලදී මේ සිතට මහත් පීඩාවක් ගෙන දේ.  පීඩාවක් ඇති කර නොගෙන අන් අයගේ මත විරෝධී අදහස් වලට නිවැරදි ආකාරයෙන් මුහුණ දෙන්නේ කෙසේද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. චිත්තයන්හි අනන්තර ස්වභාවය බොහෝ ප්‍රත්‍යයන්ට උපකාර වෙනවා නේ ද ?  එකම දේ විවිධාකාරයෙන් පැහැදිලි කිරීමක් වෙනවා නේද ස්වාමීන් වහන්ස විවිධ ප්‍රත්‍ය විග්‍රහයන්ගෙන් ?  අතිපිහිත වීමක් වෙනවා නේ ද ?
  11. සමාජය තුළ ඇති වන ව්‍යාකූලතා සමග හා සමාජ සාධාරණය සඳහා යම් යම් සටන් කිරිම් නිසා ඇතිවන කම්පනයන් නැති කර ගැනීමට උපදෙසක් ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. සප්ත විඤ්ඤාණ ධාතු යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද ? මෙය වීතරාගී සිත විස්තර කරන විට දක්වා ඇත.
  13. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.