
අභිධර්මයේ මූලික කරුණු අංක: 56 (ප්‍රත්‍ය විභාගය 05) 12-09-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 56 (ප්‍රත්‍ය විභාගය 05) Saturday Dhamma Discussion was conducted via Zoom on 12th September 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 සැප්තැම්බර් මස 12 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: සහජාත ප්‍රත්‍යය. අන්‍යොන්‍ය ප්‍රත්‍යය.
මෙවර ධර්ම දේශනාව තුලින් සහජාත ප්‍රත්‍යය සහ අන්‍යොන්‍ය ප්‍රත්‍යය පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත සහ සිත ප්‍රායෝගිකව අධ්‍යාත්මික බවේ දියුණු කරන අයට සම්බන්ධ වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සහජාත ප්‍රත්‍යය සහ අන්‍යොන්‍ය ප්‍රත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ගැඹුරු කරුණු පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අපට සුවදායක තත්වයන් වලදී ඒ දැනෙන සුවදායක බවේ සිරවී ප්‍රපංච ඇතිවීම වලක්වා ගැනීමට සතිය සහ සම්පජඤ්ඤය ක්‍රියාත්මක වන ආකාරය අද පැහැදිලි කල කරුණු අනුව පහදා දෙන්න. **** (ඉතා වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සහජාත ප්‍රත්‍යය සහ අන්‍යොන්‍ය ප්‍රත්‍යය අතර වෙනස ඇත්තේ මේ ආකාරයෙන් ද ? ***
- සහජාත ප්‍රත්‍යයේදී පවතින්න පුළුවන් එක සිතක් නිසා “මනෝ පුබ්බං ගමා ධම්මා” යන ගාථාවේ දැක්වෙන කරුණු සමග එය මෙලෙස පැහැදිලි වෙනවා ද ? ***
- සත්වයෙක් පන්චවෝකාර භවයක උපදින විට නාමස්ඛන්දය සහ රුපස්ඛන්ධය එකවිට පහල වන්නේ සහජාත ප්‍රත්‍යයෙන් උපකාර අවශ්‍ය නිසා නොවේ ද ? ***
- පසුගිය දේශනාවේ දී අධිපති ප්‍රත්‍ය ගැන දේශනා කෙරිනි. කෙනෙක් ධර්ම, ධාර්මික ජිවිතේ වඩන විට, ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මය බවට පත්වීම, බෝජ්ජාංග ධර්ම බවට පත්වීම අතර ඇති සම්බන්දය පැහැදිලි කරන්න හැකි ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පට්ඨානය ඉගෙනීමේදී මේ සියළු ප්‍රත්‍ය කටපාඩම් කරගත යුතු ද ? නැත්නම් අවබෝධ කරගෙන භාවනා කරමින් සත්ව පුද්ගල භාවයක් නැති බව හොඳින් අවබෝධ කරගැනීම ප්‍රමාණවත් ද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ජීවිතේන්ද්‍රිය රූපය කියන දේ අපේ සමස්තය වගේ දෙයක් ද ? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- දැන් රැකියාවක් කරන නිසා ගෙදර පැමිණ ගෙදර අයට පැවසීමට ගොඩක් දේවල් නිමිති ඇත. නිමිති ගැනීම සැබවින්ම නතර කර හැක්කේ කෙසේද ? සියලුම දේවල් කතා කළ පසු සිතට නැගෙනවා මේ හිස් කතාවක් නේද කතා කළේ කියා ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කුසලය නිසා හොඳ රැකියාවක් ලැබුණද එම රැකියාවෙහි නීති වැඩි බව නිසා එම රැකියාව කරගෙන යෑම සිතට මහත් පීඩාවක් ඇති කරයි. සමහර අවස්ථාවලදී සමහරුන් පීඩා විඳින රැකියාවල් කිරීම ජීවිතයට නව පන්නරයක් ලෙස සිතුවත් විශේෂයෙන් වෛද්‍ය වෘත්තීය වැනි වෘතියක රැකියාවට යන විට පෙර ලංකාවේදී සතුටින් ආගියද ඕස්ට්‍රේලියාව වැනි රටක නීති වලට ඇති බිය නිසාම අද නම් ලෙඩ්ඩු අඩුවෙන් පැමිණෙනවා නම් හොඳයි කියා සිතෙයි. සමහර අවස්ථාවලදී බොරුවට ලෙඩුන් සමග සුහදතාවය පවත්වා ගැනීමට ඔවුන්ගේ නම ලස්සනයි වැනි දේවල් පවසයි. මෙය අකුසලයක්ද ? **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- දුබල වූ මරණාසන්න ජවන් සිතට අතීත කර්ම පවා අරමුණු වනුයේ කෙසේ ද ? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- දුටුගැමුණු කුමාරයා තම සොහොයුරා මරන්නට සොයාගෙන පැමිණි විට රහතන්වහන්සේ කෙනෙකුන් කලේ සම්‍යයක්ප්‍රයෝගයක් නොවේ ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ආත්මාර්ථය සහ ආත්මලාභය පිළිබඳව බොහෝ දෙනාගේ යහපත පිණිස ටිකක් ගැඹුරින් විස්තර කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.