
අභිධර්මයේ මූලික කරුණු අංක: 55 (ප්‍රත්‍ය විභාගය 04) 05-09-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 55 (ප්‍රත්‍ය විභාගය 04) Saturday Dhamma Discussion was conducted via Zoom on 05th September 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 සැප්තැම්බර් මස 05 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: අධිපති ප්‍රත්‍යය. අනන්තර ප්‍රත්‍යය හා සමනන්තර ප්‍රත්‍යය.
මෙවර ධර්ම දේශනාව තුලින් සහජාතාධිපති ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍යය සහ සමනන්තර ප්‍රත්‍යය පැහැදිලි කෙරිණි. මෙහි දී එම කරුණු පිළිබඳව වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.
එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත සහ සිත ප්‍රායෝගිකව අධ්‍යාත්මික බවින් දියුණු කරන අයට සම්බන්ධ වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සහජාතාධිපති ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍යය සහ සමනන්තර ප්‍රත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ප්‍රායෝගිකව බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන වටිනා කරුණු රැසක් මෙම දේශනාවේ දී පැහැදිලි කෙරිණි.)
- මරණය අභියස දී මා තුල බියක් ඇති නොවී අන්අයගේ මානසිකත්වය, කරන කටයුතු දැන ගනිමින්ම සන්සුන් බවක් ඇති වූයේ කුමන හේතුවකින් ද ? **** (ඉතා වටිනා පැනයක් සහ විපස්සනා මනසිකාරයක් තුලින් වීමංසාව මරණය අභියස දී ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අකුසල් උනත් අධිපති ප්‍රත්‍යයේ පිහිටන්න පුළුවන් නේ ද? ***
- සමහර අවස්ථා වලදී රාගය නිසා විවාහ වී දරුවන් ලැබීම නිසා දුක් විඳින බවත් සිතට නැගී. මෙවැනිම සේ එදිනෙදා ජීවිතයේදී අප අකමැති දේවල් ගැටීම් ඇතිවෙන දේවල් ඇතිවේ. එවැනි ගැටීම්වලින් මිදිය හැක්කේ කෙසේද ? **** (දහම් මගට යොමුවී ඇති අයට ඉතා වටිනා කාලීන පැනයක් සහ විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
- අනන්තර සහ සමනන්තර ප්‍රත්‍ය තත්වය කර්මයට හදා ගන්න එපා යනුවෙන් දක්වා ඇති කරුණ පැහැදිලි කරන්න. එමෙන්ම නුසුදුසු තැන්වල සිටීමෙන් කෙලෙස් ඇති වෙනවා කියන කාරණයත් මෙයට සම්බන්ධ වෙනවා නේ ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ද්විහේතුක හා ත්‍රිහේතුක පහදා දෙන්න. ***
- රූපායතන ආදී අරම්මන නිසා චක්ෂු යනාදී විඥාන ඇතිවේ. නමුත් මෙම විපාක සිත්වලින් අරම්මණය හදුනාගත නොහැක. අනුබන්ධන වීථි මගිනි ආරම්මණය නිශ්චිතිව හදුනා ගත හැක්කේ. එහිදී කෙසේ නම් අරම්මන පසු සිත්වලට ප්‍රත්‍ය වේද ? ***
- අප දැන් ඕස්ට්‍රේලියාවේ සිටින නිසා ගිය අවුරුද්දේ දී ලංකාවේ වස්සාන සමයේ දී කල පින්කම් සිහි වී මෙහි පන්සලක් නොමැති නිසා එම එම පින්කම් සිහි වී සමහර විට සිතට දුකක් උපදී. මෙය ද්වේශය ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- රැකියාවට යෑමට පෙර සිතට කමටහනක් රැගෙන ගියත් රැකියාවේ අධික කටයුතු නිසා එම කමටහන වැඩීමට අමතක වී යයි. දුක් වේදනාව හට ගන්නේ ස්පර්ශය නිසා බව යැයි සිතීමයි කමටහන. මෙය ප්‍රායෝගික කමටහනක් බවට පත්කර ගන්නේ කෙසේද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ශ්‍රද්ධාව දහම්පාසල් පොත් සහ වෙනත් පොත් ගණනාවක ඇත්තේ තෙරුවන් කෙරෙහි පැහැදීම ආදී වශයෙනි. නමුත් වෙනත් ආගමිකයන් පින්දහම් කරනවිට ඇතිවන ශ්‍රද්ධාව කෙලෙස විග්රහ වන්නේද ? **** (ඉතා වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.