අභිධර්මයේ මූලික කරුණු අංක: 54 (ප්‍ර‍ත්‍ය විභාගය 03 ) 29-08-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 54 (ප්‍ර‍ත්‍ය විභාගය 03 ) 29-08-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 54 (ප්‍ර‍ත්‍ය විභාගය 03 ) 29-08-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 54 (ප්‍ර‍ත්‍ය විභාගය 03) Saturday Dhamma Discussion  was conducted via Zoom on 29th August 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි එක්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 අගෝස්තු මස 29 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: අධිපති ප්‍ර‍ත්‍යය.

මෙවර ධර්ම දේශනාව තුලින් අධිපති ප්‍ර‍ත්‍යය පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි. මෙහිදී අධිපති ප්‍ර‍ත්‍යය පිළිබඳව වටිනා, ගැඹුරු කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.  එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: අධිපති ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා සහ ගැඹුරු කරුණු පැහැදිලි කෙරෙන වටිනා ධර්ම දේශනයකි.)
  2. ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යය උපයෝගී කර ගනිමින් අකුසල් මානසිකත්ව ජය ගැනීම සඳහා සමාධියේ දියුණු තත්වයන්ට පත්වීමට සම්මා වායාමය සහ සම්මා සතිය මොහොතින් මොහොත අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක විය යුතු නොවේ ද ? **** (භාවනාවට ඉතා වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  3. අනිමිත්ත සමාධිය ලෙස වරදවා තේරුම් ගැනීම, ඇතැම් යෝගාවචරයන් ඔවුන්ගේ සිත ථීන මිද්ධයට හෝ භවාංගයට හෝ සිත පත්වීමේ දී ඇතිකර ගැනීමට පුළුවන.  එය භාවනාවේ දියුණුවක් නොවුවත් එම තත්වයෙන් ගැලවීමට එයට පුරුදු වූ බොහෝ දෙනාට හැකියාවක් නොමැත.  ඔවුන් ආනාපානසති භාවනාව කරන විට කොතරම් උත්සාහ කලත් ඔවුන්ගේ සිත නිතැතින්ම ඒ අවස්ථාවට පත්වේ.  ඔවුන් ඒ තත්වයෙන් නිවැරදි මාවතට පිවිසීමට කලයුත්තේ කුමක් ද ? **** (ඇතැම් භාවනා යෝගීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන පැනයක් සහ පැහැදිලි කිරීමකි.  එමෙන්ම මෙහි සඳහන් වෙන මොග්ගල්ලාන සංයුත්තයේ දැක්වෙන අනිමිත්ත සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: අනිමිත්ත සූත්‍රය)
  4. භාවනාවේ දී අප කල යුත්තේ මම, මගේ යයි ඇතිවෙන සිත් වලට නොරැවටී සිටීම නොවේ ද ? එමෙන්ම වර්තමාන මොහොතේ දී ඇතිවෙන සැම සිතක්ම අප හඳුනා ගන්න ඕනෑ නේද ? බෙදා බැලීමෙන් ලෝභය සහ මෝහය අඩු වෙනවා ද ? **** (වටිනා පැනයන් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙය ඉහත අංක 02 ට සම්බන්ධ වේ.)
  5. විදර්ශනා භාවනාව කරන විට ඇතිවන්නේ තාවකාලික යටපත් වීමක් නොවේ ද ? අප භාවනා කරන විට ඵලයක් බලාපොරොත්තු වී එය කල යුතු ද ? රූපවාහිනිය, මොබයිල් දුරකථනය බැලීම සහ රේඩියෝවට සවන් දීම ශීලයට හානියක් ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. අනිමිත්ත චේතෝවිමුක්තිය මා මෙලෙස තේරුම් ගෙන ඇති ආකාරය නිවැරදි ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙම පිළිතුර ඉහත පන අංක 03 ට සම්බන්ධ වේ.)
  7. ස්වාමීන්වහන්සේ ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යය පැහැදිලි කරන විට මෝහ මුලික සිත් දෙක අයින් කලේ ඇයි ? ප්‍රිය බව ඇතිවීම සහ අනිෂ්ටාරම්මණය මදක් පැහැදිලි කරන්න. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම සහ අධිපති යන තුන එකතු කර කල පැහැදිලි කිරීම කුමක් ද ? ***
  8. අප ඕස්ට්‍රේලියාවට පැමිණි පසු මාගේ ස්වාමියාට දොස්තරවරයකු ලෙස ගෙදර ඇවිල්ලා ද වැඩ කටයුතු කිරීමට තිබෙන නිසා ඔහුට ධර්ම ඇසීමට තිබෙන ඉඩ ප්‍රස්තා අඩු වීම කර්ම විපාකයක්ද ? එය දකින විට මා හටද හිතට දුකක් ඇතිවේ. *** (ඉතා වටිනා උපදේශයකි.)
  9. මා පැමිණි මේ රට තුළ පෙරට වඩා කුසල් කිරීමට ඇති අවස්ථා අඩුය. සතෙකුට කෑම දැමීමට ද සිදු වී ඇත්තේ සැඟවුණු ලෙසින්ය. පන්සල්ද නොමැත. සිතට දුක පැමිණේ. පෙරට වඩා භාවනා කටයුතුවල යොමුවේ. මෙය විදර්ශනාවට නැගිය හැකිද ? **** (ඉතා විශිෂ්ඨ උපදේශයකි.)
  10. පඤ්චස්කන්ධයට අයත් නාම ධර්ම ලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ හඳුනා ගතිමි.  එහෙත් සමහර දේශණාවල විඤ්ඤාණ වෙනුවට ඵස්ස, මනසිකාර ලෙස හඳුන්වනු දුටුවෙමි.  මෙය පහදා දෙන්න. ***
  11. සම්මා සම්බුදුරජාණන් වහන්සේ “දුක” යැයි කියන්නේ අපේ සිතට දැනෙන දොම්නස් සහගත ස්වභාවය සහ කයට දැනෙන අමිහිරි වේදනා සහගත ස්වභාවයද ?  විදර්ශනා භාවනාවලදී “නාමරූප ධර්මයෝ ඇතිවීම් නැතිවීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන බැවින් දුක්ඛයි” යනුවෙන් භාවනා වාක්‍යයක් අසා ඇත. මේකේ තේරුම මොකක්ද ? ඇයි ඇතිවීම්-නැතිවීම් වලින් පෙළෙන හින්දා නාමරූප දුක්ඛ වන්නේ යැයි කියන්නේ ?  සැප කියා වචනයක් තියනවානේ. උදාහරණයක් විදිහට අපි සුවපහසු අසුනක ඉඳගෙනහිටියොත්, රසවත් ආහාරයක් ගත්තොත් සෞම්‍ය සහගත හැඟීමක් එනවා. අපිට සතුටු සහගත ආරචියක් ආවොත් සතුටක් එනවා. එම සැපයේ/සොම්නසේ/සතුටේ දුක්ඛ ලක්ෂණය කියන්නෙ මොකක්ද ?  මා අසා තිබෙනවා සැපය අනිත්‍ය නිසා, මොහොතකින් නැතිවෙන නිසා දුකයි කියලා. එය සත්‍යද ? එය සත්‍ය නම්, එම සැපය පවතින චිත්තක්ෂණයක් හෝ පමණ කාලය තුළ එය සැපයක්ද?  ඒ කුඩා කාලය තුල එම සැපය දුකක් වන්නේ නැද්ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. යමෙක් සෞන්දර්ය විෂයයන් හැදෑරීම, ඉගැන්වීම, රැකියාව වශයෙන් ගායනය, වාදනය හෝ නර්ථනයේ නිරත වීම නිසා අකුසල කර්ම රැස්වෙනවා ද ? ***
  13. ඉෂ්ටාරම්මණ සහ අනිෂ්ටාරම්මණ වැනි දේ සාපේක්‍ෂ ද නැතහොත් නිරපේක්‍ෂ ද ? ***
  14. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.