
අභිධර්මයේ මූලික කරුණු අංක: 49 (විකාර රූප තුන සහ ලක්ෂණ රූප සතර) 23-05-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 49 (විකාර රූප තුන) Saturday Dhamma Discussion was conducted via Zoom on 23rd May 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දහසය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මැයි මස 23 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: විකාර රූප තුන
මෙවර ධර්ම දේශනාව තුලින් විකාර රූප තුන සහ ලක්ෂණ රූප සතර පිළිබඳව වටිනා පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී ඇතැම් වටිනා ප්‍රායෝගික පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: විකාර රූප තුන සහ ලක්ෂණ රූප සතර පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
- විකාර රූප තුනේ බලපෑම වඩාත් දැනෙන්නේ නිතිපතා කරන ශාරීරික ව්‍යායාම නිසාද නැතහොත් නීති භාවනා නිසාද නැතහොත් ඒවායේ සංකලනයක් නිසා ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ලක්ෂණ රූප වල දී පැහැදිලි කල බිඳීයාම අප භංග ඥානය උපදවා ගත් කල මොහොතින් මොහොත නාම රූපයන්ගේ බිඳීයාම යාම පෙනේ. එහිදී එම බිඳෙන ක්ෂණයේම අපේ සිතට එය පෙනෙනවා නොවේ ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ඊළඟ සෙනසුරාදා වෙසක් පෝය නිසා මෙම ධර්ම සාකච්ඡාව සිදු නොවෙනවා නොවේ ද? *** (ඇතැම් විට මීළඟ සෙනසුරාදාවන් දෙකේ දීම වැඩසටහන පැවැත්වීමට නොහැකි විය හැකි බව මෙහිදී පැහැදිලි කෙරේ.)
- ඕපපාතික සහ සංසේදජ සත්වයන්ට ඉන්ද්රිය වැඩෙන්නේ කිනම් ආකාරයකට ද? මනුෂ්‍යයන් මව්කුස තුල සිටින විට එය කෙසේ වේද? ***
- උපචය සහ සන්තති වශයෙන් දෙකක් දක්වා ඇත්තේ ඇයි? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- විකාර රූප තුනේ ක්‍රියාකාරීත්වය ආයුර්වේදයේ සඳහන් වෙන, වා පිත් සෙම් වල ක්‍රියාකාරීත්වයට සමාන ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අනිෂ්පන්න රූප නැතිව අභිධර්මය පවතින්න බැරි ඇයි? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කුඩා චිත්තක්ෂණ පිලිබඳ මෙම ගැටළුව පහදා දෙන්න. ***
- මාගේ ඉතා කිට්ටු ඥාති මාතාවකගේ ඉතා රෝගී තත්වයක දී මවිසින් සිදුකල ක්‍රියාව ඇයගේ සුවයට හේතු වුවා ද? එසේම එය ඇයගේ චුති අවස්ථාවට යහපත් අයුරින් බලපායි ද? **** (ඉතා වටිනා ප්‍රායෝගික අත්දැකීමක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අපගේ කය මේ අයුරින් අහිතකර තත්වයන් ගෙන් ඈත්කර පැවත් වීම කාය භාවනා ලෙස ගන්නට පුළුවන් ද? ***
- නිෂ්පන්න රූප සහ අනිෂ්පන්න රූප පිළිබඳව මේ ආකාරයට සිතීම නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සිතුවිලි සමග ධාතූන් ක්‍රියාත්මක වෙනවා නේද? තරහා යනකොට දාඩිය දාලා දත් තද වෙනවා. ඒ ධාතු වෙනස්වීමක් නේ. වයසට යනකොට කයත් ධාතු මේරී මැරී වයසට යනවා. මේ ධාතු ස්වභාවයන් කය සම්බන්ධව පමණක් නෙවේ, හිතත් කයත් දෙක සමගම ක්‍රියාත්මක වෙනවා නේද? ***
- චිත්තජ රූප ලෙස පහල වන්නේ වායෝ ධාතුව පමණද? පඨවි ආදි ධාතුන් ද පහල වන්නේද? ***
- භාවනා කරන කොට බිත්තියට පිට හේත්තු කරගෙන සිටීම පිළිබද සුදුසු නුසුදුසු බව පහදලා දෙන්න. මෙය අත්‍යවශ්‍යම කාරණාවක් ද? මෙහිදී නින්දට නොවැටේ, බෙල්ල සෘජුව තබාගෙන සිටීමට හැකිය. *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- සංවරථෙන සිලං යනුවෙන් අසා ඇත. අපි දස අකුසලයෙන් සහ දිනපතා සති සමිපජන්යෙන් දවස ගත කරනවා නම් පොහොය දින වලදි නැවත සිල් සමාදන් විම අවශ්‍ය වෙිද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ගොඩක් වෙලාවට අසුභ භාවනාව වඩන නමුත් සමහර අවස්ථා වලදී රාගයට හසු වී යයි. එවැනි අවස්ථාවක දී කල යුත්තේ කුමක් ද? ***
- දුර රැකියාවකට යන නිසා මෑණියන්ගෙන් ඈත්වී යාමට සිදුවෙන බව සිතු විට හිතට දුකක් ඇති වේ. මේ අවස්ථාවේදී මා කල යුත්තේ ප්‍රියයන්ගෙන් වෙන්වීම සිතීමද? නැතහොත් මෙය ද්වේශ සිතක් යයි සිතා එහි ඇති වී නැතිවෙන ස්වභාවය බැලීම ද? ***
- ථේරවාදය පිළිබඳව මෙම කරුණ පහදා දෙන්න. ***
- බොහෝ අය පිං දහම් වල යෙදීම පටන් ගන්නේ මැදි වියේ දීයි. එය සසර පුරුද්දක් ලෙස කියනවා. ඒ වුනත් රෝගී තත්වයක් ඇති වුනාම හිත හරියට බය වෙනවා. අකුසල් සිතකින් මිය ගියොත් අප දුගතියේ උපදී. එසේ වුවහොත් අප තව තවත් අකුසලයේ ගැලෙමින් දිගු කාලයක් සසරේ යයි ද? නැතහොත් අප කල කුසල් මතුවී අප නැවත සුගතියට එයි ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- විකාර රූප තුන එකිනෙකට සම්බන්ධයි නොවේ ද? ***
- අප එක ඉරියව්වක සිට කකුල් හිරි වටෙන විට අපට ඇවිදීමට අපහසු වේ. නමුත් ටික වෙලාවකින් එය මග හැරී යයි. එසේ නැවත ක්‍රියාකාරීත්වයට පත්වීම කම්මඤ්ඤතා රූපය ද? ***
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.