
අභිධර්මයේ මූලික කරුණු අංක: 47 (ආහාර රූපය) 09-05-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 47 (ආහාර රූපය) Saturday Dhamma Discussion was conducted via Zoom on 09th May 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දාහතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මැයි මස 09 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: ආහාර රූපය.
මෙවර ධර්ම දේශනාව තුලින් ආහාර රූපය පිළිබඳව පුළුල් පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි. එමෙන්ම ඵස්ස ආහාර, මනෝසඤ්චේතනා ආහාර සහ විඤ්ඤාණ ආහාර යන අනෙකුත් ආහාර පිළිබඳව ද වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: ආහාර රූපය පැහැදිලි කරන්න. **** (ආහාර රූපය පිළිබඳව සිදුකල ඉතා වටිනා දේශනයකි.)
- හිමාලයේ යෝගීවරුන් ආහාර නැතිව වර්ෂ ගණනාවක් භාවනා යෝගීව සිටින්නේ කෙසේ ද? එසේම අප බුදුරජානන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන සමයේ ගහකින් අසලට වැටෙන කොළයකින් ආහාරය සම්පුර්ණ කරගත්තේ කෙසේ ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- එමෙන්ම භිෂුන් වහන්සේලාට විකාල භෝජන ශික්‍ෂාපදය ඇති වූයේ එවන් අදහසකින් ද? ***
- ආහාරයේ අවශ්‍යතාවය වාහනයකට ඉන්ධන අවශ්‍ය වීම වැනි උපමාවකින් පැහැදිලි කල හැකි ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- හෙට ඉරිදා දිනයේ සිට මාසික භාවනා වැඩසටහනක් කොළඹ පැවැත්වන බව කලින් බලාපොරොත්තු වුවත් එහි ඉදිරි තත්වය කෙසේ ද? ***
- ප්‍රීතිය ආහාර කොට ගන්නවා කියන්නෙත් ඉහත කී ආහාර ආකාරයක් ද? ***
- ඵස්සය වේදනාවට, සංඥාවට, සංඛාර යනාදියට ආහාර වෙනවා ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මහා කුසල් සිත් අටෙන් ඇති ඥාන සම්ප්‍රයුක්ත කුසල් හතර වන ත්‍රිහේතුක කුසල් වලට අනුව ඕමක සහ උත්කෘෂ්ඨ කුසල් වල චෛතසික වෙනස් වෙනවා ද? ***
- ප්‍රතිසන්ධි චිත්තය භවාංග චිත්ත පරම්පරාවට හේතු වෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ප්‍රතිසන්ධි චිත්තය ඇතිවෙන මොහොතේම කාය දසක, භාව දසක සහ වස්තු දසක ඇති වෙනවා. ඒ දසක තුනේම ජීවිතේන්ද්‍රිය රූපය අඩංගු නිසා ඒවායින් ඇති වෙන රූප, ශරීරයේ සැම තැනම ආයු කාලය තියෙන තෙක්ම පවතිනවා ද? ***
- අපි භාවනා කරන විට දින දහයේ භාවනා වැඩසටහන් වලදී පැය දොළහක් පමණ ආනාපානසති භාවනාව කරමින් සුළු ආහාරයකින් යැපෙන්නට පුළුවන. ඒ ගැන පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පඨවි බල සුන්දරි… යන ගාථාවේ තේරුම සැකවින් පහදා දෙන මෙන් කරුනාවෙන් ඉල්ලමි. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කාසායකන්ථක ස්වාමින් වහන්සේට යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගෙන දානයක් පුජා කිරීම තුලින් ද භික්ෂුන් වහන්සේට දෙනු ලැබූ දාන ආනිසංස ලැබෙනවා කියා අසා ඇත. කාසායකන්ථක අඹු දරුවෝ ඇති දැඩි කරන, රැකියා කරන කෙනෙක් වීම නිසා ඒ කෙනා ස්වාමින් වහන්සේ කෙනෙක්, දක්‍ෂිනෙයිය ගුණ ඇති කෙනෙක් නොවෙයි නේද? දරුවෝ හදන නිසා, මෛතූන සේවයේ ආදියේ යෙදීම නිසා තව දුරටත් භික්ෂුන් වහන්සේ කෙනෙක් නොවෙයි නේද? එනිසා එවැනි කෙනෙක් ගෙන් එම දාන ආනිසංස ලැබෙන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මෙවර වෙසක් මාසයට පෝය දෙකක් තියෙනවා. අපි මෙවර බුදු තෙමගුල සමරන්නේ මෙම මාසයේ අගය යෙදෙන පුර පෝය දිනයේදීයි. නමුත් මේ මාසයේ පළවෙනිදාට යෙදුනු පෝයත් ගන්න පුලුවන් නේද? එහෙම නැත්නම් මේ පෝය දෙකින් වඩා නිවැරදි පෝය දිනය හරියටම යොදා ගන්න අර ලමයා ඉදිරිපත් කල උපන්දින ගැටලුව වගේ ගැටලුවක් පේනවනෙ. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ස්වාමින්වහන්සේ රූපය විදර්ශනා කරන්න නිමිති කිහිපයක්ම සදහන් කලා. ස්වාමීන් වහන්ස, ඉන් එකකින් හෝ විදර්ශනා කරන හැටි කියල දෙන්න. ***
- අධික ශෝකයක දී සහ අධික සතුටක දි කිසිම ආහාරයක් ගැනිමට බඩගිනි ස්වභාවයක් ඇති නොවන්නේ මන්ද? එවිට ශරිරයේ කුමක්ද සිදුවන්නේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මා බෞද්ධ පරිසරයක් ගෙදර ඇති කරගෙන දරුවන් සමග සිටිමි. මාගේ පියා පිටරටකින් පැමිණි පසු මාගේ ගෙදර මත් වතුර පානය කරන්නට හැකි දැයි අසයි. මේවාට පිළිතුරු දෙන විට මා ඔහුට පැවසුවේ හිස් වචන කතා නොකරන ලෙසය. එයට ඔහු අමනාප වී සිටී. කළ යුත්තේ කුමක්ද ? එය උපාදානය කරයි. ඇලීමෙන් ගැටීමෙන් තොරවීම සඳහා අනිත්‍ය භාවනාව තවදුරටත් පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පාචක අග්නිය යනු කුමක්ද යන්න පැහැදිලි කර දෙන්න. ***
- දම්සක්පැවතුම් සූත්‍ර මුද්‍රාව ඇති බුදු පිළිමයකට ස්වාමින්වහන්සේ කෙනෙක්ම කීවා දානය පිලිගැන්වුයේ නැති වුනාට කමක් නැහැ කියා. එය නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- නාම ජීවිතින්ද්‍රිය මෙන්ම භවාංග සිතත් සිත නොකැඩී පවත්වා ගැනීමට උදව් වෙනවා නොවේ ද? මේ දෙකේ වෙනස මෙයද? ***
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.