දස පාරමිතා අංක: 39 (උපේක්ෂා පාරමිතාව 03) 22-02-2025

දස පාරමිතා අංක: 39 (උපේක්ෂා පාරමිතාව 03) 22-02-2025

දස පාරමිතා අංක: 39 (උපේක්ෂා පාරමිතාව 03) 22-02-2025

දස පාරමිතා අංක: 39 (උපේක්ෂා පාරමිතාව 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 22nd February 2025 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට හත්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 පෙබරවාරි මස 22 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාව තුලින් බෝසතාණන් වහන්සේගේ ලෝමහංස චරිතය මූලික කොටගෙන උපේක්ෂා පාරමිතාවේ ආත්ම මූලික, මානුෂීය සහ අධ්‍යාත්මික පදනම් තුල වර්ධනය කරන ආකාරය පැහැදිලි කෙරිණි.  එමෙන්ම උපේක්ෂා පාරමිතාවේ ප්‍රභේද සහ අවසාන වශයෙන් පාරමිතාවන්ගේ ලක්‍ෂණ පැහැදිලි කරන ලදී. මෙවර දේශනාවෙන් දස පාරමිතා අවසන් කෙරිණි. 

එමෙන්ම ලබන සතියේ සිට රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේගේ “අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථය ඇසුරින් දේශනා සහ සාකච්ඡා මාලාව පැවැත්වෙනු ඇත.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ලෝමහංස චරිතය මූලික කොටගෙන උපේක්ෂා පාරමිතාවේ ආත්ම මූලික, මානුෂීය සහ අධ්‍යාත්මික පදනම් තුල වර්ධනය කරන ආකාරය කරන්න. *** (උපේක්ෂා පාරමිතාවේ ගැඹුර පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි.)
  2. දස පාරමිතා පසුගිය දේශනා වලට පිවිසුම සහ චිත්තානුපස්සනාව හොඳින් දියුණු කරන විට උපේක්ෂාව ඇති වෙනවා නොවේ ද? *** (පසුගිය දේශනා වලට පිවිසුම, සෑම දස පාරමිතා සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පිටුවකම පහල කොටසේ දක්වා ඇත.  චිත්තානුපස්සනාව පිළිබඳව වටිනා සාකච්ඡාවකි.  එය තුලින් ආත්ම මූලික තත්වයේ සිට ක්‍රමයෙන් උපේක්ෂාව දියුණු කිරීමට පසුබිමක් සැකසෙන බව පැහැදිලි කෙරේ.)
  3. උපේක්ෂාවට විරුද්ධ ධර්මයක් තිබෙනවා ද? 
  4. තාදී ගුණය යනු උපේක්ෂාවෙම කොටසක් ද? ***
  5. අපට යම් පුද්ගලයෙකුගෙන් අනර්ථයක් සිදු වූ විට එය දකින ආකාරය ස්වභාව ධර්මයෙන් අනර්ථයක් සිදු වූ විට එය දකින ආකාරයෙන් වෙනස් වන්නේ ඇයි? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. අභිධර්ම දේශනා ආරම්භ කරන විට අප මිලදී ගත යුත්තේ කුමන ධර්ම ග්‍රන්ථය ද?
  7. අරුණ මහත්මයාගේ දහම් වෙබ් අඩවිය කරුණාකර දන්වන මෙන් ඉල්ලමි. (https://damsara.org/)
  8. සංඛාර උපෙක්ඛා ඥාණයට සම්බන්ධ කර සෝවාන් වූ අයගේ උපේක්ෂාව එක එක මට්ටමින් පැවතීම පැහැදිලි කරන්න.
  9. සිහියේ තිබෙන වටිනාකම, එහි ප්‍රභේද පිළිබඳ සහ අපි කවුරුත් බලාපොරොත්තු වෙන කෙලෙස් නැති කර ගැනීමට සිහියේ තිබෙන උපකාරය පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.  මෙහිදී සඳහන් කරන බෝධි පාක්ෂික ධර්ම දේශනා මාලාව වර්ෂ 2023 දී සහ 2024 දී සිදු කෙරිණි.  ඒ වෙත මෙම යොමුවෙන් පිවිසෙන්න: Saturday Dhamma Discussions – 2023)
  10. කුසල් කරන සෑම අවස්ථාවකම පාරමිතාව හඳුනාගෙන, බෝධිය අධිෂ්ඨාන කල යුතු ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  11. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා සඳහා “නතේ අට්ඨමං ආදියන්ති” යන දේශනා ක්‍රමයෙහි දක්වන්න නියමය කාම භාවය සඳහා පමණක් බවත්, මනුලොව දි සෝවාන් ඵලයට පැමිණ ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන බ්‍රහ්ම පාරිසජ්ජ භුමියෙහි උපදින පුද්ගලයා කැමති නම් පසළොස් රූපාවචර භුමියෙහි පසළොස් වරක් ද, පංච ශුද්ධාවාසයෙහි අනාගාමිව පස් වරක්ද ලෙසින් අකනිටා බඹ ලොවෙහි දී රහත්ව පිරිනිවීම සිදුවිය හැකි බව කෙනෙක් මා හට පැවසුවා.  ඔහු පැවසුවේ එය අභිධර්මාර්ථ සංග්‍රහ විස්තරාත්මක සන්නය, අත්ථසාලිනි අත්ථයෝජනා පද සන්නය ආදී ග්‍රන්ථවලින් ගත්ත විවරණයක් බවයි. එවන පැහැදිළි කිරීමක් දහමෙහි සඳහන්ද ස්වාමින්වහන්ස? ***
  12. අනේපිඬු සිටුතුමා සහ විශාකා උපාසිකාවත් එසේ ආත්ම හතකට වැඩි කාලයක් සිටින බව අසා ඇත. ඒ ගැන පැහැදිලි කරන්න.
  13. සෝවාන් කෙනෙක් මිනිස් ලොවට එන්නේ උපරිමව හත් වතාවක් පමණක් බව ධර්ම දේශනාවකදී අසා ඇත.
  14. පෙර භවය පිළිබඳව ඇසූ කතාවක් අනුව එම සිදුවීම නිවැරදි විය හැකි ද?
  15. ගරු ස්වාමීන්වහන්සේ සිදු කල ධර්ම දේශනාවක සඳහන් කල විභව තණ්හාව පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  16. චුල්ල සොතාපන්න යනු කුමක්ද? චුල්ල සොතාපන්න කෙනා දුගතියේ ඉපදෙන්න පුලුවන්ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  17. ධම්මානුසාරී සහ සද්ධානුසාරී අය ගැන මේ අදහස නිවැරදි ද? ***
  18. අවසානය සහ ඉදිරි වැඩසටහන් විස්තරය. *** (ඉදිරි වැඩසටහන් වලට පාදක වෙන “අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.