දස පාරමිතා අංක: 37 (උපේක්ෂා පාරමිතාව) 08-02-2025

දස පාරමිතා අංක: 37 (උපේක්ෂා පාරමිතාව) 08-02-2025

දස පාරමිතා අංක: 37 (උපේක්ෂා පාරමිතාව) 08-02-2025

දස පාරමිතා අංක: 37 (උපේක්ෂා පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 08th February 2025 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට පස්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 පෙබරවාරි මස 08 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාව තුලින් උපේක්ෂා පාරමිතාවේ මූලික කරුණු පැහැදිලි කෙරිණි.  එමෙන්ම උපේක්ෂාව ඥාන සම්ප්‍රයුක්තව වැඩීමේ දී එය උපේක්ෂා බ්‍රහ්මවිහාර සහ උපේක්ෂා පාරමිතා වශයෙන් දියුණු කරන ආකාරය ගැඹුරින් පැහැදිලි කෙරිණි.  එසේම උපේක්ෂා පාරමිතාව ඉතා සියුම් ධර්මයක් වන්නේ කුමන හේතුන් නිසාවෙන්ද යන බව ද මෙහිදී පැහැදිලි කෙරුණු වැදගත් කාරණයක් විය. .

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී මාතෘකාවට අදාළ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: උපේක්ෂා පාරමිතාව පැහැදිලි කරන්න. *** (උපේක්ෂා පාරමිතාව සියුම් ලෙස සහ ගැඹුරින් පැහැදිලි කරන ඉතා වටිනා දේශනාවකි.)
  2. සතිපට්ඨාන චිත්තනුපස්සනාවේ සහ ධම්මනුපස්සනාවේ දී කෙලෙස් සමනය කරන මාවත මේ විස්තර කල උපේක්ෂා පාරමිතාව පුහුණු කිරීමට වෙනස් වේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා සාකච්ඡාවකි.)
  3. මම මෛත්‍රී භාවනාව මවිසින් වඩන්නේ මා මූලික කොට ගෙන නොවේ.  එම ක්‍රමය දැනට පවතින මෛත්‍රී භාවනාව වැඩීමේ ක්‍රමයට වෙනස් වෙන නිසා එය පිළිබඳව පැහැදිලි කර දෙන්න. **** (වටිනා පැනයක්, ඉතා වටිනා සාකච්ඡාවක් සහ ඉතා වටිනා, විශිෂ්ට පැහැදිලි කිරීමකි.)
  4. සක්කාය දිට්ඨිය දුරුකර ගැනීමට මේ කාලයේදී ගුෂ්ක විපස්සනාව කිරීම අපහසු වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. ඇතැම් අය ධර්ම විරෝධී කරුණු පවසන විට ඒ පිළිබඳව ඒ අයට පැහැදිලි කිරීම නිෂ්ඵල බව හැඟුණු විට මේ අයුරින් නිහඬ වීම නිවැරදි ද? *** (වටිනා කාලීන පැනයක්, සාකච්ඡාවක් සහ ඉතා වටිනා විරල පැහැදිලි කිරීමකි.)
  6. ​​හිත ඇවිස්සෙන්නෙ නැතිව තබා ගැනීමට මෛත්‍රිය උපේක්ෂා ව ආදිය වැදගත් නේද?  හිත ඇතුළට කිමිදෙන්නට සතිසම්පඤ්ඤය වැදගත් නේද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  7. නෙක්ඛම්ම පාරමිතා ගුණයත් උපේක්ඛා පාරමිතාව වැඩීමට උපකාර වෙනවාද? ***
  8. විදර්ශනා භාවනාවට පමණක් බුද්ධානුස්සතිය වැනි එක් සමථ භාවනාවක් වැඩීම ප්‍රමානවත් ද?  නැතිනම් සම්ථ භාවනා කිහිපයක් වැඩිය යුතු ද?
  9. උපේක්‍ෂාව දියුණු වීමේදී ප්‍රඥාවෙන් සමබර වීමේදී උපේක්‍ෂාව පිහිටි විටදීත් අප නිරතුරුව ප්‍රඥාවෙන් සමබර කිරීම කල යුතු ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. මානය ඇති වීමේ දී තමා යන්නෙන් පරිබාහිරව එම චිත්ත ස්වභාවය හඳුනා ගැනීම වඩා වැදගත් වෙනවා නොවේ ද? *** (වටිනා අදහසක් සහ පැහැදිලි කිරීමකි.)
  11. අනෙකෙකු තමාට සමානයි කියා සිතන්නෙත් මානය නිසා නොවේ ද? ***
  12. අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.