
අභිධර්මයේ මූලික කරුණු අංක: 33 (සෝභන චෛතසික 07) 06-12-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 33 (සෝභන චෛතසික 07) Saturday Dhamma Discussion was conducted via Zoom on 06th December 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 දෙසැම්බර් මස 06 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල කායපස්සද්ධිය හා චිත්තපස්සද්ධිය යනාදී ද්විත්ව යුගල පිළිබඳව පැහැදිලි කරමින් සෝභන චෛතසික අවසන් කෙරිණි.
එම ද්විත්ව යුගල වන්නේ කායපස්සද්ධිය හා චිත්තපස්සද්ධිය, කායලහුතාව හා චිත්තලහුතාව, කායමුදුතාව හා චිත්තමුදුතාව, කායකම්මඤ්ඤතාව හා චිත්ත කම්මඤ්ඤතාව, කායපාගුඤ්ඤතාව හා චිත්ත පාගුඤ්ඤතාව සහ කායුජ්ජුකතාව හා චිත්තුජ්ජුකතාවයි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සෝභන චෛතසික වල කායපස්සද්ධි හා චිත්තපස්සද්ධි යනාදී ද්විත්ව යුගල පිළිබඳව පැහැදිලි කරන්න. **** (සෝභන චෛතසික එසේ පවත්වා ගැනීමට සහ ඒවායේ බලවත් හෝ දුබල බවට හේතුවෙන යුගල වශයෙන් ක්‍රියාත්මක වෙන කරුණු 12 ක් පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
- වර්තමාන ආපදා තත්වයන් හේතුකොට ලංකික සමාජයේ දුකට පත් වූවන්ට පිහිට වීම සිදු වුවත් සමාජයේ ඇති බිය, සංතාපය නිසා ද්වේශය බහුල වී ඇත. එවන් තත්වයන් තුල මෛත්‍රිය බොහෝ දෙනෙකු තුල ඇතිකර ගැනීම අපහසු වේ. ඒ සඳහා යෝනිසෝමනසිකාරය සහ චතුරාරඛ භාවනා දියුණු කිරීම වැදගත් වෙනවා නොවේ ද? **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි. දහම පුහුණු කරන්නා සිටිනා තත්වය අනුව දහම් මග පෙන්වන්නන් ක්‍රියාකළ යුතු බවත් එය වර්තමානයේදී එතරම් සාර්ථකව සිදුනොවන බවත් මෙහි දී පැහැදිලි කෙරේ.)
- කායපස්සද්ධිය හා චිත්තපස්සද්ධිය විස්තර කිරීමේ දී “කාය” හෙවත් සමූහය පිළිබඳව තව දුරට පැහැදිලි කරන්න. ***
- කායපස්සද්ධිය සහ චිත්තපස්සද්ධිය අතර නිශ්චිත වෙනසක් ඇත්තේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ඔබවහන්සේ පැහැදිලි කල වංක තුන එසේ බෙදා ඇත්තේ ඇයිදැයි තව දුරටත් පැහැදිලි කරන්න. ***
- ශීලය සම්බන්ධ පැහැදිලි කිරීමේ දී ඉහත සඳහන් කල වංක තුනේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය වඩාත්ම පැහැදිලි වෙනවා නොවේ ද? ***
- බුද්ධ පූජාව මවිසින් පිළියෙළ කොට කරන විට අමුතු සතුටක් සිතේ ඇති වන්නේ ඇයි? ***
- ස්වාමීන්වහන්සේගේ පංසලෙන් ගැබිණි මවුවරුන්ට සිදු කරන ආධාර වල වැඩි විස්තර ලබා දෙන්න. *** (මේ පිලිබඳ වැඩි දුර විස්තර මෙම pdf එකෙන් ලබා ගන්න:2025 Flood relief (For 100 Pregnant Mothers).pdf)
- මම දන්න කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ කුකුළු මස් කඩේක මස් කපලා විකුණන එක. එයා කුකුළන්ව මරන්නේ නෑ. නමුත් මිය ගිය කුකුළන්ගෙ මස් කපා විකිණීම සිදු කරනවා. මෙය අකුසල් ජනිත වන රැකියාවක්ද?
- සියලුම අජීවී රූපවල රෑප කලාප චිත්තක්ෂණ දාහතෙන් දාහතට ඇති වෙමින් නැති වෙනව ද? උදාහරණයක් ලෙස ඇඳුමකත් නිවසකත් ඇති වෙමින් ද රූප කලාප නිරුද්ධ වන්නේ?
- ප්‍රවෘත්ති විපාක ඇසුරින් පටිච්ච සමුප්පාදය පැහැදිලි කරන්නේ කෙසේද? ***
- දහවල් කෑමෙන් පසු නිදිමත දැනේ. මා බොහෝ විට සක්මන් කොට එය මග හරවා ගනිමි. ඇති වන ඇති වන නිදිමත අකුසල සිතක්ද? මෙය නැති කරගත හැක්කේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මාගේ අම්මා තාත්තාගේ වැරදි කියන විට මා හට ද්වේශයක් ඇතිවේ. එය වළක්වා ගත හැක්කේ කෙසේද? ***
- මා සිල් ගෙන ඇති විට ව්‍යායායාම් වල සමහර දවස් වල නිරත වෙමි. සාමාන්‍යයෙන් ව්‍යායාම කරන විට මා සිංදු ඇසීමට පෙළඹී සිටිමි. එයින් සිතේ උද්යෝගය වැඩි වේ. කාමච්ඡන්දයක් ඇති නොකර නොකර වීරිය වඩවා ගත හැකි ආකාරය පහදන්න. ***
- නිතර නිතර මා හට ගෙදර තීන්ත ගෑමට සිතේ. බඩු තිබෙන තැන් වෙනස් කිරීමට සිතේ. මෙයින් මිදිය හැක්කේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අපට ඇතිවන සිත් අසූ නමයෙන්, හැත්තෑ නවයක්ම හදවත තුල ඇතිවන බව ධර්ම දේශනාවක දී මා ඇසුවා. මෙය පැහැදිලි කරන්න.
- මා භාවනා කිරීමට පෙර ප්‍රත්‍යවේක්ෂාව සිදු කරමි. බුදුගුණ භාවනාවේ අරහං ගුණය වඩන අවස්ථාවේදී මෙය සිදුකරමි. මෙම ක්‍රමය නිවැරදිද?
- මා වයස හතළිහේ පසුවෙන කෙනෙකි. සුදු කෙස් ටිකෙන් ටික ඇතිවෙන විට, සිතට ගැටීමක් ඇතිවේ. හතළිස් ඇඳිරිය ඇතිවී කණ්ණාඩි දැමීමට වේදෝයි සිතේ. මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද? ***
- මා භාවනාවෙහි යෙදෙන කෙනෙකි. නමුත් සමහර අවස්ථා වලදී සිත පංච නීවරණ වලට සිත යොමුවේ. භාවනාවෙහි සියයට සීයක්ම සිත යොදවන්නේ කෙසේද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ඉහත ථිනමිද්ධය පිලිබඳ ප්‍රශ්නයේදී සතියෙන් සිටීම යනු එවේලේ දී ථිනමිද්ද සිතක් ඇති වු බව දැන ගැනීම ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- දුර්භීක්‍ෂ, කාල විපත්ති දාන පිළිබදව කෙටියෙන් පැහැදිලි කිරීමක් කර දෙන මැනවි.
- මා රැකියාවෙහි උසස් නිලයක් දරමි. මා හට මානයක් ඇතිවී ඇත. එයින් මිදිය හැක්කේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පසුගිය දින වලදී සිදුවුණු ගංවතුර, නායයාම් වලදී මිය ගිය අයගේ චුති චිත්තය ක්‍රියාත්මක වීමේ දී ක්‍රියාත්මක වෙන්න ඇත්තේ මොන වගේ චෛතසිකයක්ද?
- ගැබිණි මවුවරුන්ට සිදු කරන ආධාර, සමාලෝචනය, උපදේශය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.