
අභිධර්මයේ මූලික කරුණු අංක: 32 (සෝභන චෛතසික 06) 22-11-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 32 (සෝභන චෛතසික 06) Saturday Dhamma Discussion was conducted via Zoom on 22nd November 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූනව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 නොවැම්බර් මස 22 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල තත්‍රමජ්ඣත්තතාව පිළිබඳව පැහැදිලි කෙරිණි. මෙම තත්‍රමජ්ඣත්තතා චෛතසිකය මගින් සෝභන සිත්වල සිදු කරන ප්‍රධාන කෘත්‍යට ගැලපෙන පරිදි ධර්මයන්ගේ වේග සම කරන ස්වභාවය බව මෙහි දී පැහැදිලි කරන ලදී.
එමෙන්ම උපේක්ෂා පාරමිතාව සහ උපේක්ෂා බ්‍රහ්මවිහාරය පිළිබඳවත් තත්රමජ්ඣත්තතාවයට සම්බන්ධ කෙරෙමින් ධර්ම දේශනාවේ දී පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සෝභන චෛතසික වල තත්‍රමජ්ඣත්තතාව පිළිබඳව පැහැදිලි කරන්න. **** (තත්‍රමජ්ඣත්තතාව පිලිබඳ මෙම වටිනා දේශනාවෙන් තත්‍රමජ්ඣත්තතාව සහ උපේක්ෂාව දියුණු කිරීම පිළිබඳවත් එය ප්‍රායෝගික ජීවිතයේදී කෙලෙස යොදා ගත යුතුදැයි යන්නත් පැහැදිලි කෙරේ.)
- අප විසින් සමාධිය දියුණු කරන විට මේ ආකාරයෙන් තත්‍රමජ්ඣත්තතාවය එයට සම්බන්ධ කල හැකි වේ ද? **** (වටිනා පැනයක් සහ සාකච්ඡාවකි.)
- තත්‍රමජ්ඣත්තතාවය පිළිබඳව අවුරුදු දෙදහස් පන්සීයකට පෙර දේශනා කල ආකාරය වර්තමානයේදී පැහැදිලි කෙරෙන ආකාරයට වඩා වෙනස් විය හැකි නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ඇතැම් නිඝන්ඨ ආගමිකයින් දැන් බෞද්ධ ආකල්ප බහුල ලෙසින් විශ්වාස කරනවා. මේ ගැන ඔබවහන්සේගේ අදහස පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අලෝභය, සම්මා අලෝභය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හෝ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල නොයෙදීමටත්, දසපාරමිතා, දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, ත්‍රිවිධ පුන්යක්ක්රියා ආදියේ මුලින්ම සඳහන් වීමටත් හේතුව කුමක් ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අනුරුද්ධ සූත්‍ර අට්ඨකතාවට අනුව දේශනාව ශ්‍රවණය කලා. එම සූත්‍රයේ ධර්ම යනු නිවණ බවත්, සංස්කාරයන්ගේ ඇතිවීම නැති වීම දකින උදයත්ත ගාමිණී පටිපදා ඥානය ඇති තැනැත්තා බවත් ය. මේ කාරණය නිවැරදිදැයි පැහැදිලි කර දෙන සේක. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- කෙනෙක් මියගිය පසු සත්දවස දානය දෙන දිනය නිවැරදිව ගණනය කිරීම කරන්නේ කෙසේද? මෙය අසන්නෙ විවිධ මත ඇති නිසයි. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- රූපාරම්මණයක් ඇති වී චිත්ත වීථියක් ඇතිව අවසාන වීම අතරතුර ඇතිවන රූප ආරම්මණය විය නොහැකිද?
- ඉන්ද්රිය භාවනා සූත්‍රය ප්‍රායෝගිකව ජීවිතයට භාවිතා කළ හැකි ආකාරය පහදන්න.
- කාමච්ඡන්දයක් ඇතිවූ පසු එය හඳුනා ගැනීමට හැකිය. ඊට පසුව කළ යුත්තේ කුමක්ද?
- සතිමත් බවින් සිටීම පමණක් ප්‍රමාණවත්ද ? එයින් අවබෝධ වන්නේ විදර්ශනාව ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කිරීමේ දී අප අවධානය දිය යුත්තේ ටැප් එකක් අරින විට එහි සීතල බවට ද, රස්නයට ද, එසේ නොමැති නම් අපගේ ඉරියව්වලට ද? මේ මොහොතේ සිටීම පමණක් ප්‍රමාණවත් ද? *** (මෙය ඉහත අංක එකොළහේ පිළිතුරට සම්බන්ධ වේ.)
- මා රට රැකියාවකට යෑමට සිටියෙමි. නමුත් එය මාස කීපයකින් ප්‍රමාදයට පත්විය. භාවනා කරන විට මට ඒ පිළිබඳ නිතර සිහියට පැමිණේ. සිතට දුකක් ද්වේශයක් හටගනී. මෙම අවස්ථාව මිදිය හැක්කේ කෙසේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පළමුවන ලෝභ මූල සිතෙහි දෘෂ්ටි ගත සම්පයුත්ත යන්නෙහි තේරුම සක්කාය දිට්ඨිය ද නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
- මා සති අන්තයේ සීල භාවනා වැඩසටහන් වලට යමි. නමුත් සමහර දිනවල දී දවස් දෙකම සුදු ඇඳීමට ඇති නිසා සිතට අපහසුතාවයක් ඇති වෙයි. එම අවස්ථාවේදී මා කරන්නේ පාට ඇඳුමක් ඇඳගෙන යෑමය. පාට ඇඳුමක් ඇඳගෙන යෑම සතියට ගැටලුවක් ද? ***
- සමහර අවස්ථා වලදී මා බණ ඇසූ පසු ගෙදරදොරේ වැඩ කිරීමට වීර්ය අඩු බව හැඟේ. එය නැති කිරීමට මා ඒ අවස්ථාවේ දී සිංදුවක් දමා ශ්‍රවණය කරමි. වීර්ය වඩවා ගත හැකි ආකාරය පහදන්න. ***
- දිනපතාම බුදුන් වන්දනා කරන අවස්ථවේ දී මාහට ඈනුම් යාම සිදුවේ. එසේ වීම නිසා මාහට මාගේ කාර්ය්ය හරියාකාරව චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කරගෙන යාම නොහැකි වේ. ඒ කුමක් නිසාද? ***
- තවමත් කාමච්ඡන්දයක් ඇතිවන විට එය හඳුනා ගැනීමට හැකිය. නමුත් ඊට එහා කළ යුතු දේ සිතට නොහැඟේ.
- මම ආනාපානසතිය වසර දහයක පමණ සිට විදර්ශනා ක්‍රමයට වඩන්නෙමි. දැන් අවුරුදු නවයක පමණ කාලයක සිට මට ආනාපනය ගෙවී හුස්ම නොදැනේ. සිතුවිලි නැති තැනක් දකිමි. මට ඒ සිතුවිලි නැති තැන වැඩි කර ගන්න කියා උපදෙස් ලැබුනා. ආනාපානසතිය නැති වීම ගැන උපදෙසක් ලැබුනේ නැත. සමහර විට කයේ වේදනා දැනේ. ඔබවහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- රූපාවචර සිත්වල පංචම ධ්‍යානයේ හැරුණු විට ඉතිරි සිත් වල උපේක්ෂා චෛතසිකය යෙදෙයි ද? ***
- මාගේ අවුරුදු හතේ කුඩා දරුවන් දෙදෙනා මා නිසා ධර්මයට යොමු වූහ. නමුත් ඔවුන් දෙදෙනා බොහෝ වෙලා බුද්ධ වන්දනාව භාවනා කටයුතු සිද්ධ කරති. මෙය ඔවුන්ගේ අධ්‍යාපනයට බාධාවක් වේද? ***
- සමාලෝචනය, උපදේශය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.