අභිධර්මයේ මූලික කරුණු අංක:18 (අකුසල චෛතසික 03) 09-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක:18 (අකුසල චෛතසික 03) 09-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක:18 (අකුසල චෛතසික 03) Saturday Dhamma Discussion  was conducted via Zoom on 09th August 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 අගෝස්තු මස 09 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල දිට්ඨිය පිළිබඳව පැහැදිලි කෙරිණි.


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල දිට්ඨිය පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා දේශනාවකි.)
  2. ප්‍රායෝගික ජීවිතයේ ධර්මය ප්‍රගුණ කිරීමේ දී දිට්ඨිය සංකීර්ණ ලෙස ජීවිතයේ ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳ උදාහරණයක්. **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. සම්මා දිට්ඨිය, මිච්චා දිට්ඨියෙන් වෙන් වෙන සීමාව කුමක් ද? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  4. පටිච්චසමුප්පාදයේ දිට්ඨිය ඇතුලත් කර නැත්තේ කුමක් නිසා ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. අකිරිය දෘෂ්ටිය නිසා ඇතිවන චෛතසික මොනවාද? ***
  6. යමෙක් නිතරම මම කියල කෙනෙක් නැත කියා අවබෝධයෙන් මනසිකාර කරනව නම් ඔහුට සොවාන් මාර්ගයට පිවිසීමට එය පහසු වෙනවාද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. භින්නෝන්මාදය වැනි මානසික රෝගයක් නිසා ඇතිවන හැලුසිනේෂ්න්ස් සහ ඩිලූශන්ස් නිසා කරන ක්‍රියා වලට විපාක ඇතිවේ ද? එවැනි තත්ත්වයක් නිසා මාර්ගඵල ලැබූ බව පවසන කෙනෙක් වෙන්කර ගන්නේ කෙසේද? ***
  8. නැන්දම්ම ලේලි දෙදෙනාත් දෙදෙනාම හිතන විදියට අනෙකා පැවතිය යුතුයි කියල හිතන නිසා නේද ගැටුමක් හට ගන්නෙ?
  9. දිට්ඨානුසය පිළිබඳව පහදා දෙන්න. ***
  10. ඥාන සම්ප්‍රයුක්ත සිත් වලට එසේ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය තියෙන නිසා ද නැතහොත් හේතුඵල පිළිබඳව නුවණ ඇති වීම නිසා ද?*** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  11. සම්මා දිට්ඨිය පටිච්චසමුප්පාදයේ සඳහන් නොවීම මේ ආකාරයෙනුත් පැහැදිලි වෙනවා නොවේ ද? *** (මෙය ඉහත පැන අංක 04 ට සම්බන්ධ වේ.)
  12. බුදුරජාණන් වහන්සේත් ඇතැම් අවස්ථා වල මනාප, අමනාප කම් පෙන්වීම පැහැදිලි කරන්නේ කෙසේ ද? **** (වටිනා සාකච්ඡාවක් සහ ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.  මෙය ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.)
  13. පටිච්චසමුප්පාදය දකින කෙනා ධර්මය දකින නිසා සම්මා දිට්ඨිය පටන් ගන්නවා ද? *** (මෙය ඉහත පැන අංක 04 සහ 11 ට සම්බන්ධ වේ.)
  14. සෝවාන් පුද්ගලයෙකුට අරමුණ නිවැරදිව දැකීමට පුළුවන්කම තියෙන විට මෝහය අඩු වෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  15. සෝවාන් මාර්ග සිත පහල වන විට මාර්ග අංග අටම එක විට පිහිටනවා යන්න කරුනාවෙන් පහදා දෙන්න. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.