අභිධර්මයේ මූලික කරුණු අංක:16 (අකුසල චෛතසික)19-07-2025

අභිධර්මයේ මූලික කරුණු අංක:16 (අකුසල චෛතසික) 19-07-2025

අභිධර්මයේ මූලික කරුණු අංක:16 (අකුසල චෛතසික) Saturday Dhamma Discussion was conducted via Zoom on 19th July 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ජූලි මස 19 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල මෝහය ඉතා විශිෂ්ඨ ආකාරයෙන් පැහැදිලි කෙරිණි.  අකුසල චෛතසික පිළිබඳව හොඳාකාරව තේරුම් ගැනීම විපස්සනාව දියුණු කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන බව මෙහිදී පැහැදිලි කෙරිණි.

එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ වටිනා ප්‍රායෝගික පැන බොහොමයක් මතු කෙරුණු අතර ගරු ස්වාමින්වහන්සේ විසින් ඒ පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල මෝහ චෛතසිකය පැහැදිලි කරන්න. **** (මෝහ චෛතසිකය පිළිබඳව බුදු දහමට අනුව පැහැදිලි කෙරෙන ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. මෝහ චෛතසිකය ආනාපානසති භාවනාව තුල දී ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ප්‍රායෝගික උදාහරණයක්. **** (වටිනා උදාහරණයක් සහ විපස්සනා භාවනාවේ දී මෝහය අඩු කර ගැනීමේ සංධිස්ථානයක් පැහැදිලි කරන ඉතා වටිනා සාකච්ඡාවකි.
  3. පංචස්ඛන්ධය දුක නිසා අරූපාවචර ධ්‍යාන වඩා අරූපාවචර බඹ ලොව ඉපදීම නුවණැති ක්‍රියාවක් ද? ***
  4. රූපයන් ඇසට දකින්නට පුළුවන් වෙන්නේ වර්ණ සටහන තුලින් පමණක් නම් වර්ණයේ ස්වභාවය කුමක් ද? ***
  5. විතක්ක, විචාර සහ චිත්ත යන තුන අකුසල පක්‍ෂයට වැටෙන ආකාරය පැහැදිලි කරන්න. එසේම මිච්චා දිට්ටිය යනුවෙන් හැදින්වෙන තැන සම්මා දිට්ටියත් තිබිය හැකි නොවේ ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  6. යෝගාවචරයා හා පෘතග්ජනයා අතර වෙනස පැහැදිලි කර දෙන්න. ***
  7. බුදුදහමේ කොතනක හෝ භෞතික කයින් මනෝ කාය බැහැර වීමක් පිලිබඳව සඳහන් වනවා ද? දූරංගමන් ඒකචරං කියන ගාථාව අනුව එසේ විය නොහැකියි නේද? *** 
  8. අටසිල් සමාදම් වීමේ දී නිවන අරමුණු කර ගැනීම සීලබ්බත පරාමාසයක් ද? ***
  9. අප සම්මුතියෙන් එදිනෙදා ජීවිතියේදී කථා කිරීමේ දී මෝහ චෛතසිකය නිසා අකුසල වේ නම් ඉන් ගැලවෙන්නේ කෙසේද? ***
  10. සෝවාන් මර්ග ඵලයට පත්වෙන කොට මෝහය කොයී තරම් දුරට නැතිවෙලා යනවා ද? ***
  11. බන ඇසීමෙන්, අභිධර්මය හැදෑරීමෙන් උප්පති මෝඩකම (ත්‍රිහේතුක ප්‍රතිසංධියක් නැති අය) අඩුකර ගැනීමට හැකි වේද? ***
  12. සංඥාව මිරිඟුවක් යන බුද්ධ දේශනාව මේ කරුණු හේතු කොට ඉතාම සත්‍යයක් ලෙස තේරුම් යනවා. **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  13. අධිමොක්ඛය, වීර්ය, ප්‍රීතිය, ඡන්දය යන ප්‍රකීර්ණක චෛතසිකයන් කුසල පක්ෂයට ද වැටෙන්නේ?
  14. විපරිනාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා සහ සංස්කාර දුක්ඛතා තුන හඳුනා ගන්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ අනුව ද?
  15. සමාලෝචනය, තෙසැත්තෑ ඥාන පූජා විස්තරය සහ අවසානය. ****

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.