Saturday Dhamma Discussion – 62 (30-04-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 62 (ප්‍රඥාව 07 – අනුරුද්ධ සූත්‍රය: 15) 30-04-2022

Saturday Dhamma Discussion – 62 was conducted on 30 April 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 62 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැට දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 අප්‍රේල් මස 30 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. එමෙන්ම මෙදින ධර්ම දේශනාවේදී ප්‍රඥාව ඇති කරගැනීමට උපකාරක හේතු 20 පිළිබඳව පසුගිය සති වලදී ඉතිරිව පැවති කරුණු මෙවර පැහැදිලි කර අවසන් කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. ප්‍රඥාව ඇති කරගැනීමට උපකාරක හේතූන් විස්ස පැහැදිලි කරන්න. ***
  2. පහාන සංඥාව දවස මුළුල්ලේ වැඩීමේදී ආත්ම සංඥාවෙන් සිත මිදේ. ඒ ගැන පහදා දෙන්න. *** (ගෞරවණීය ස්වාමින්වහන්සේ මෑතකදී ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් ”පහාන සංඥාව” පිළිබඳව සිදුකල ඉතා වටිනා ධර්ම දේශනාව ඇසුරින් නගන ලද ප්‍රයෝගික පැනයකි.)
  3. ධර්මය අන්‍යයන්ට සාකච්චාවෙන් පැහැදිළි කිරීමට උත්සහ ගත්තා වුවත් ඒ දහම ඔවුනට නොතේරෙන විට කුමක් කල යුතුද? ***  (ගුරුවරයෙක් දියුණු කරගත යුතු වටිනා හැකියාවන් මොනවාදැයි පැහැදිළි කෙරෙන පිළිතුරකි.)
  4. මමත්වය නැතිවුන විට අනුන් හට යුතුකම් ඉටුකිරීම නිතැතින් සිදු වෙනවද? *** (දහම කියාදීම සහ යුතුකම් පිලිබඳ කෞශල්‍ය නිවන් දුටු පමණින්ම ඇති නොවන බව පැහැදිලි කෙරෙන ඉතා වටිනා පිළිතුරකි.)
  5. කෙලෙස් තුනී කිරීම පිළිබඳව තවදුරට පැහැදිලි කරන්න. *** (ප්‍රායෝගිකව දහම් මග ප්‍රගුණ කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් පිළිතුරකි.)
  6. නලයක් තුල වෙනත් ඩිම්බයකින් ඇතිකරන දරුවකුගේ නියම මව කවුද?
  7. අපගේ මතකය තැන්පත් වී තිබෙන්නේ භවංග චිත්ත පරම්පරාවේද?
  8. සෝවාන් වීමට නොහැකි වූවත් මනුෂ්‍ය ධර්ම දියුණු කිරීමෙන් මනුෂ්‍ය ලොව ඉපදීමට හැකිවෙනවා නේද? *** (ප්‍රායෝගිකව දහම් මග ප්‍රගුණ කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් පැනයක් සහ පිළිතුරකි. එමෙන්ම වර්තමානයේදී බොහෝ දෙනා සෝවාන් වීමට පිවිසෙන වැරදි ආකාරයද මෙහිදී පැහැදිලි වේ.)
  9. බුද්ධ පූජාව කුඩා බඳුන් වල පුජා කිරීම සුදුසුද?
  10. භාවනාව තවත් කෙනෙකුට කියාදීමේදී ඔහු/ඇය මගේ භාවනාව පිළිබඳව දැනගැනීම වරදක්ද?
  11. පුද්ගලභාවය බහුල ලෙස ඇති අයෙක් රහත්වුවිට එම පුද්ගලිකත්වය නැතිවෙනවා නේද?
  12. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.