Saturday Dhamma Discussion – 54 (12-02-2022)

Saturday Dhamma Discussion – 54 was conducted on 12 February 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 54 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් හතර වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 පෙබරවාරි මස 12 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී අනුරුද්ධ සූත්‍රයේ පස්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය සතර සතිපට්ඨාන වසයෙන් එළැඹ සිටි සිහි ඇත්තහුට ය” යන කරුණ පැහැදිලි කරන ලදී.  මෙම මහා පුරුෂ විතර්‍කයට ‘දෛනික ජීවිතය නිවැරදි සතියෙන් ඵලදායි කරගනිමු’ යන තේමාවෙන් ප්‍රවිෂ්ට වෙන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: Anuruddha Sutta –අනුරුද්ධ සූත්‍රය 2013.


  1. අනුරුද්ධ සූත්‍රයේ පස්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය සතර සතිපට්ඨාන වසයෙන් එළැඹ සිටි සිහි ඇත්තහුට ය” පිළිබඳව පැහැදිලි කරන්න. ***
  2. සක්මන් භාවනාව තුලින් සතිය දියුණු වෙන ආකාරය. ***
    (
    එළඹ සිටි සිහියෙන් යුතුව ථීනමිද්දයෙන් තොරව සිහියෙන් නිදා ගන්නා ආකාරය ආකාරය පිළිබඳව Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013 එම දේශනා වලියේ 25 වන දේශනාවෙන් උපුටා ගත ධර්ම ඛණ්ඩයක්:
    ථීනමිද්දයෙන් තොරව සිහියෙන් නිදා ගන්නා ආකාරය.
    එමෙන්ම ථීනමිද්දය හඳුනා ගැනීම භාවනාවේ යෙදෙන විට ඉතා අපහසු කාරණයක් විය හැක.  එයින් මිදෙන ආකාරය ගැන වැඩි දුර දැන ගැනීමට ”අනුරුද්ධ සූත්‍රය 2013” මෙම 25 වෙනි දේශනාවට සවන් දෙන්න. 
    අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ථීනමිද්දය.
  3. බොහෝ දෙනා විසින් තමන් දන්නා දහම් කරනා සතියෙන් තොරව උපාදාන කරගන්නා හැටි. ***
  4. තරහා ගිය විට කයට සිත ගැනීම නිවැරදි ක්‍රමයක් වේද?  ***
  5. අපට සිතා ගැනීමට බැරි ආකාරයේ උගත් සහ ප්‍රසිද්ධ සාර්ථක චරිත දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ ඇයි? ***
  6. බුද්ධ වන්දනාවේ යෙදෙන විට ආයාසයෙන් සිහිය පවත්වා ගැනීම සුදුසුද?
  7. ස්වාමින්වහන්සේ දේශනාවේ සඳහන් කල පා ගමනේ සිදුවූ අපහසුතාවය විස්තර කරමින් පහදා දුන් උපාදානයම නව භවයක් සකස් කිරීමට හේතු වෙනවද? ***
  8. පොඩි කාලයේදී කූඹින් මැරීම නිතර මතක් වීම නවතා ගන්නේ කෙසේද? ***
    (මෙහිදී සඳහන් වුනු ගරු ස්වාමින්වහන්සේ විසින් රචනා කල “පසුතැවීම” කෙටි දහම් පොතේ pdf කොපියක් මෙතනින් බාගත කරගන්න.
  9. කලින් සිතා සූදානම්ව සිටීම අනාගතයේ කටයුතු වලට උදව් වෙනවා නොවේද?
  10. කෙනෙක් අප සමග ගැටෙන විට ඔහු සුවපත් වේවා යැයි මනසිකාරය කිරීම නිවැරදි ද?
  11. කිසිදු කෙනෙකුට කිසිදු අයුරකින් වැරැද්දක් සිදු නොවන බොරුවක් පැවසූ විට අකුසලයක් සිදු වන්නේද?
  12. අනිත්‍ය භාවනාව කරන නිවැරදි ක්‍රමය පැහැදිලි කරන්න.
  13. තරහක් සිතට ආ විට එය යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් එය අකුසල පථයක් වීම වලක්වා ගත හැකිද? ***
  14. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.