Saturday Dhamma Discussion – 52 (29-01-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 52 ( සැබෑ විවේකය – අනුරුද්ධ සූත්‍රය: 05) 29-01-2022

Saturday Dhamma Discussion – 52 was conducted on 29 January 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 52 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් දෙවන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 ජනවාරි මස 29 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී අනුරුද්ධ සූත්‍රයේ තෙවන මහා පුරුෂ විතර්‍කය වන සඞ්ගණිකාරාමය පිළිබඳව පැහැදිලි කරන ලදී.  සඞ්ගණිකාරාමය යනු පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කිරීමයි. කාර්ය බහුල බව, උදාසීන බව සහ සැබෑ විවේකය යනු කුමක්ද යන්න තුලින් කාය, චිත්ත සහ උපධි විවේකයන් පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ත්‍රිපිටකයේ තිස්‌ස මෙත්‌තෙය්‍ය සූත්‍ර නිර්දේශය මෙතනින් කියවන්න: තිස්‌ස මෙත්‌තෙය්‍ය සූත්‍ර නිර්දේශය.


  1. අනුරුද්ධ සූත්‍රයේ තෙවන මහා පුරුෂ විතර්‍කය පිළිබඳව පැහැදිලි කරන්න. ***
  2. බුදුරජාණන්වහන්සේ කාය, චිත්ත සහ උපධි විවේකයන් අනුදැන වදාලේ මේ ශාසනයේ මහණ වූ අයට පමණද? ***
  3. චිත්ත විවේකයට පැමිණීමට පෙර ඇති කාය විවේකය දියුණු කිරීමට සම්මා වායාමය, සතිය සහ සමාධිය උපකාර වෙනවා නේද? (වර්ථමානයේ දහම් මග ගමන් කිරීමට සහ ගමන් කරනා අයට ඉතා වැදගත් කාරණයකි.) ***
  4. විවාහ ජීවිතය තුලදී සතුටින් සහ සමාදානයෙන් භාවනාව ප්‍රගුණ කරන ආකාරය. ***
  5. අනුන් තමන් ගැන සිතනා ආකාරය සහ අනුන් තුල තමන් ගැන ඇතිවන ආකල්ප ගණන් නොගැනීම යන කරුණු දෙක අතර සමතුලිත බවක් ඇතිකරගන්නේ කෙසේද? ***
  6. මෙම ආකාරයෙන් පුහුණු කරන භාවනාව නිවැරදිද? 
  7. එක් භාවනා කිරීමේදී ඒකාග්‍රතාවය බිඳවැටුන විට වෙනත් භාවනා අරමුණකට මාරුවීම නිවැරදිද? (වටිනා පිළිතුරකි.) ***
  8. පරිසරය සහ පුද්ගලයින් සමග ගැටීම නිසා එතනින් ඉවත්වී භාවනාව කිරීමට වෙනත් තැනකට යාම වැරදිද? (ඉහත ප්‍රශ්න/පිළිතුරු අංක 3 සහ 4 ට සම්බන්ධ ඉතා වටිනා පිළිතුරකි.) ***
  9. සිත එකඟ කිරීම සඳහා තැන්පත් වූවත් අතීතයේ සිදුවූ ගැටීම්, වැරදීම් ආදිය සිතට පැමිණ වද දීම නවත්වා ගත හැක්කේ කෙසේද? (මෙම පැනය ඉහත 8 වෙනි පැනයට යම් සම්බන්ධ තාවයක් දක්වන වටිනා ප්‍රශ්නයක් සහ පිළිතුරක් වේ.) ***
  10. ගිහියන්ගේ භාවනාව වැඩි දියුණු වීම සඳහා පංච ශීලයට වඩා ඉහල ශීලයක් රැකිය යුතු නේද? ***
  11. බස් රථයකදී ඇතිකරගත් මානසික හුදෙකලා බවක් පිලිබඳ ප්‍රායෝගික අත්දැකීමක්. ***
  12. අවසානය. ***