Saturday Dhamma Discussion – 51 (22-01-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 51 (සාමිස සහ නිරාමිස සතුට – අනුරුද්ධ සූත්‍රය: 04) 22-01-2022

Saturday Dhamma Discussion – 51 was conducted on 22 January 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 51 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් එක්වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 ජනවාරි මස 22 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී, අනුරුද්ධ සූත්‍රයේ දෙවන මහා පුරුෂ විතර්‍කය වන ලද දෙයින් සතුටු වීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. මෙහිදී සාමිස සතුටේ සීමාවන් ඇති බව සහ ප්‍රඥාවෙන් එය හසුරුවා ගැනීම යන කරුණු පැහැදිළි කරන ලදී. නිරාමිස සතුට පිළිබඳව ඒ පදනම තුලින් ප්‍රවේශයක් ලබා ගන්නා ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. සාමිස සහ නිරාමිස සතුට, ලද දෙයින් සතුටුවීම ඇති කරන ආකාරය පැහැදිලි කරන්න. ***
  2. දිට්ඨි සම්ප්‍රයුක්ත සෝමනස්ස අසංකාරික සිතක් මරණ මොහොතේ ඇතිවීමට කුමන ආකාර සතුටක් තිබිය යුතුද? 
  3. දිට්ඨිගත සම්ප්‍රයුක්තව කුසලය කිරීම පැහැදිලි කරන්න.
  4. අවසන් සිත ඇතිවෙන්නේ කර්මානුරූපව නොවේද? 
  5. පින් පොතක් තබා ගැනීම මරණාසන්න මොහොතේදී උදව් වේද? 
  6. භව දුක භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නේ කෙසේද?
  7. වැඩි වැඩියෙන් ප්‍රගුණ කරන කර්මය චුති සිතට එන්නේද?
  8. මරණාසන්න මොහොතේ පහළවෙන නිමිති දෙවියන් සහ බ්‍රහ්මයන්ටත් ඇතිවෙනවද?
  9. මියයන මොහොතේ බුද්ධාලම්භන සතුටින් සැනසේවා කියා පුහුණුවීම සුදුසුද? *** (මෙහිදී ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුර ඉතා වටිනා වේ. තමන් සිටිනා තත්වය සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් හඳුනාගෙන ඒ සඳහා කල යුත්ත කිරීමේ වැදගත්කම මෙහිදී පැහැදිලි කෙරේ)
  10. චිත්ත නියාමය බලවත් නම් කර්ම, ඉර්තු සහ බීජ නියාමයන් වෙනස් කල හැකිද?
  11. නිවනට පත්වූ අයෙක් නිවන් සුව විඳින්නේ කෙසේද? 
  12. නවගුණ වැල ආධාරයෙන් බුද්ධානුස්සතිය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  13. චිත්ත නියාමය බලවත් වීමෙන් නියාම ධර්ම වශයෙන් වෙනස් විය හැකිද?
  14. පශ්චිමභවිකයෝ යන්නෝ කවරේද?
  15. යෝගාවචරයකු තදංග නිබ්බුතිය සාමාන්‍ය ජීවිතයේදී ලබන ආකාරය පිලිබඳව ප්‍රායෝගික විස්තරයක් ඉදිරිපත් කිරීම. ***  (මෙහිදී එම අත්දැකීම පැහැදිලි කිරීම තුලින් එදිනෙදා ජීවිතයේදී සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් සිටීමත් දහම් දැනුම විමසිලි නුවනින් යුතුව ප්‍රයෝගික ජීවිතයට එකතු කිරීමත් සහ විපස්සනා භාවනාව නීති පතා වැඩීමේ වැදගත්කමත් පැහැදිලි කෙරිණි.)
  16. ජවන් සිත් වලින් පමණක් කර්ම රැස්වේද?
  17. කයට පහස දැනෙනවා කියන්නේ ස්පර්ශයද?
  18. අවසානය.

ඉදිරි සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවන් වලදී ගරු ස්වාමින්වහන්සේගේ දේශනාව, එදිනට අදාල මාතෘකාවට සම්බන්ධ ප්‍රශ්න සහ ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරයට සම්බන්ධ ප්‍රශ්න/පිළිතුරු පමණක් මෙහි පල කෙරෙනු ඇත. මූලධර්ම ප්‍රශ්න ඇතුලත් නොකෙරෙනු ඇත.