Saturday Dhamma Discussion – 50 (15-01-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 50 (ලද දෙයින් සතුටු වීම – අනුරුද්ධ සූත්‍රය: 03) 15-01-2022

Saturday Dhamma Discussion – 50 was conducted on 15 January 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 50 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 ජනවාරි මස 15වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී, අනුරුද්ධ සූත්‍රයේ දෙවන මහා පුරුෂ විතර්‍කය වන ලද දෙයින් සතුටු වීම පිළිබඳව පැහැදිලි කරන ලදී.  මෙහිදී සාමිස සතුට මූලික කරගෙන ලද දෙයින් සතුටුවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අණන සූත්‍රය ආදී දේශනා අනුව පැහැදිලි කරන ලදී.  නිරාමිස සතුට පිළිබඳව ඊළඟ සතියේදී සාකච්චා කෙරෙනු ඇත.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ත්‍රිපිටකයේ එම අණන සූත්‍රය මෙතනින් කියවන්න: අණන සූත්‍රය.


  1. අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන දෙවන මහා පුරුෂ විතර්‍කය වන ලද දෙයින් සතුටුවීම පිළිබඳව පිළිබඳව පැහැදිලි කරන්න. ***
  2. සාමිස සතුට තුලින් පමණක් සතුට සෙවීමට ගිහියන් පුරුදුවීම නිසා ඔවුන් තුල ඇතිවෙන අසහනය සහ කෙලෙස් වැඩිවීම අඩුකිරීම සඳහා නිරාමිස සතුට දියුණු කිරීමත් වැදගත් වෙනවා නේද? ***
  3. යහපත් අදහසකින් ලොතරැයි ගැනීම හොඳ දෙයක්ද? ***
  4. කරණීය මෙත්ත සුත්‍රයේදීත් ලද දෙයින් සතුටුවීම පිළිබඳව සඳහන් වෙනවා නේද? ***
  5. ලෞකික මට්ටමෙන් සම්මා දිට්ඨිය තේරුම් ගන්නේ කෙසේද? ***
  6. ස්වාමීන්වහන්සේලාට දානය පිලිගන්වීමෙදී අනුගමනය කලයුතු පිළිවෙල පැහැදිලි කරන්න. ***
  7. ඊළඟ භවයක් පිලිබඳ ප්‍රර්ථනා කිරීම කරණීය මෙත්ත සුත්‍රයට අනුව නිවැරදිද? ***
  8. ගිලන් ස්වාමින්වහන්සේ කෙනෙකුට දානය පිළියෙළ කිරීමේදී අපත්‍ය ආහාර ඉල්ලුවිට කුමක් කල යුතුද? ***
  9. ස්වාමීන්වහන්සේලාට දානයක් දෙන විට මස් මාංශ පිළිගැන්වීම සුදුසුද?
  10. මලගිය ඥාතීන් වෙනුවෙන් පින්කමක් කරන විට පින් අනුමෝදම් කරන ආකාරය පැහැදිලි කරන්න.
  11. දේවාල වලට ගොස් පින් අනුමෝදම් කිරීම තුලින් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ බැල්ම නැතිවිය හැකි නේද? ***
  12. ස්වාමීන්වහන්සේලා වරදින් මුදවා ගැනීම සාසනයේ චිර පැවැත්මට උපකාරීවන ආකාරය.
  13. බුදුන් වඳින විට එකම වේලාවක එය දිනපතා කලයුතුද?
  14. අවසානය.