Saturday Dhamma Discussion – 37 (25-09-2021)

Saturday Dhamma Discussion – 37 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවඅංක: 37)

Saturday Dhamma Discussion – 37 was conducted on 25 September 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 37 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස් හත් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 25 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්ඡාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්ඡාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ චතුරාර්‍ය සත්‍ය ධර්මයේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


මෙවර ධර්ම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය පැහැදිලි කරන්න. ***
  2. ඉදිරි වැඩසටහන් පිලිබඳ විශේෂ දැනුම් දීම.
  3. ආශ්‍රව ක්ෂයවීම සිදුවන්නේ රහත් ඵලය ලැබෙන විටදී නොවේද?
  4. කර්මස්ථාන වඩන විට ඕනෑම ගාථාවක් අරගෙන විදර්ශනා කල හැකිද?
  5. ධ්‍යාන වශී භාවය දියුණු කිරීමට සම්බන්ධ කරුණු 05 පැහැදිලි කරන්න.
  6. සම්මා වාචා වල ලෞකික සහ ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ග වල වෙනස පහදා දෙන්න. ***
  7. චිත්ත ඒකාග්‍රතාවය ඇතිවන විට නැවතත් මෝහය වැඩෙන්නට පුලුවන්ද? ***
  8. කායානුපස්සනාවෙන් පමණක් සෝවාන් ඵලයට පත්විය හැකිද? ***
  9. ධ්‍යාන නොමැතිව නිවන් දැකීමේදී සමාධිය කුමන ආකාරයෙන් පැවතිය යුතුද? ***
  10. සෝවාන් ඵලය ලැබීමට විදර්ශනා ඥානයන් ලැබිය යුතුද? ***
  11. එදිනෙදා ජීවිතයේ සමාධිය සහ විදර්ශනාව දෙකම වඩමින් ධ්‍යාන දක්වා ප්‍රගුණ කරන්නේ කෙසේද? ***
  12. මේ දිනවල වෙනදා මෙන් රජයේ සේවයක් නොවන නිසා එම වැටුප අධාර්මික ද?
  13. සෝවාන් මගඵල ලාභියෙකුගේ ශිලය කෙබඳුද? ***
  14. සම්මා ඥාණ සහ සම්මා විමුක්ති පැහැදිලිකර දෙන්න.
  15. සෝවාන් වූ පුද්ගලයකු ආත්ම හතක් ඇතුලත රහත් වෙනවද? (කුඩා දරුවෙකු විසින් නැගූ පැනයකි)
  16. සෝවාන් වී සිටින රාජ්‍ය පාලකයකුට තම ශිලය රැකගෙන කටයුතු කල හැකිද? ***
  17. සෝවාන් මාර්ග ඥානය ලෞකිකද? ***
  18. සෝවාන් මාර්ගයේ යන්නා කියන්නේ කුමන පුද්ගලයෙක්ද? ***
  19. ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම සෝවාන් ඵලය ලැබීමට කෙතරම් පිටිවහලක් වේද? 
  20. චුල්ල සෝතාපන්න තත්වය කුමන ස්වභාවයක්ද? ***
  21. චිත්තානුපස්සනාවෙන් පුහුණුකළ හැකි භාවනාවක් සහ පුර්ව කෘත්‍යයක් සඳහන් කරන්න.
  22. කායානුපස්සනාව වඩන විට කායගතාසතිය වැඩීම නිවැරදිද?
  23. ප්‍රත්‍යවේක්ෂා නුවණ යනු කුමක්ද?
  24. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.