දස පාරමිතා අංක: 19 (ප්‍රඥා පාරමිතාව 04) 27-07-2024

දස පාරමිතා අංක: 19 (ප්‍රඥා පාරමිතාව 04) 27-07-2024

දස පාරමිතා අංක: 19 (ප්‍රඥා පාරමිතාව 04) 27-07-2024

දස පාරමිතා අංක: 19 (ප්‍රඥා පාරමිතාව 04) – Saturday Dhamma Discussion was conducted via Zoom on 27th July 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජූලි මස 27 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් නිවනේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම පැහැදිලි කිරීම අවසාන කරන ලදී. එහි දී සමුදය සහ මාර්ග සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ පැහැදිලි කෙරිණි.

මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: සමුදය සහ මාර්ග සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  2. තණ්හාව දුකට හේතුව බව ප්‍රත්‍යවේක්ෂාවක් තුලින් හිතට හඳුන්වා දීම වැදගත් වෙනවා නොවේ ද? *** (අප බොහෝ දෙනාට ඉතා වැදගත් වෙන දෛනික පුහුණුවක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  3. රහතන් වහන්සේලාට වේදනාව හට ගන්නේ කෙසේද?
  4. ආහාරයට ඇතිවෙන රුචිය අකුසල කර්මයක් ද?*** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. බුදුගුණ කියමින් සාදන ලද සුර යන්ත්‍ර පැළඳීමෙන් අකුසල කර්ම යටපත් කල හැකි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. අපට සිදුවෙන ඇතැම් දේවල් කර්මය නිසා සිදු නොවන බව තේරුම් ගන්නේ කෙසේදැයි පහදා දෙන්න.
  7. ඉන්ද්‍රිය භාවනාව පුරුදු කිරීමෙන් අවිද්‍යාව දුරු කිරීමට පුහුණු වීම, තණ්හාව ගැන හිතට හඳුන්වා දීමට වැඩ වැදගත් වෙනවා නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.  ඉහත අංක 02 න් දැක්වූ පුහුණු කිරීම ආරම්භයට වඩාත් යෝග්‍ය බව මෙයින් පැහැදිලි වේ.)
  8. අධිමොක්ඛ චෛතසිකය ඇති විට චන්ද, චිත්ත, විරිය සහ වීමංසා වලින් එකක් බලවත් වී අධිමොක්ඛය වෙනවා ද?
  9. නාම රූප ධර්ම අනිත්‍යතාවයට පත්වීම ධර්මතාවයක් වුවත් එය තේරුම් යාමට අප මනසිකාර කල යුතු නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. සමථය නොවඩා විදර්ශනා භාවනාව පමණක් වැඩීම නිවන් මග දියුණු කිරීමට දුෂ්කර හේතුවක් වේද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.  සමථ සහ විදර්ශනා මාර්ග දෙකෙහිම ප්‍රතිඵල ලැබීමට සමාධිය යම් තරමකට හෝ දියුණු කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරේ.)
  11. බුදු දහමේ අකුසල් සමා කිරීමක් කල හැකි ද? එසේ නම් ඒ කුමන ඒවා ද? ***
  12. වැරදි කර්ම දාමයෙන් ඉවත් වන්නේ කෙසේ ද? ***
  13. කෙලෙස් දුරුකළ රහතන් වහන්සේට කයේ ඇතිවෙන වේදනාව සිතින් දරාගත නොහැක්කේ ඇයි ?
  14. මෛත්‍රී භාවනාව පුහුණු කිරීමේ දී එය වැඩීම සඳහා අප අරමුණු කල යුත්තේ කුමන පිරිස් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  15. බුදු දහමේ සූත්‍රයක මිනිසුන් ඇතිවූ ආකාරය පැහැදිලි කර කිබුනා වුවත් එහි සතුන්ගේ හට ගැනීම දක්වා නැත්තේ ඇයි?
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.