දස පාරමිතා අංක: 13 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව) 18-05-2024

දස පාරමිතා අංක: 13 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව) 18-05-2024

දස පාරමිතා අංක: 13 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 18th May 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මැයි මස 18 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව යනු කුමක් දැයි පැහැදිලි කරන ලදී.  නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව දියුණු කිරීම නිවන් දැකීම සම්බන්ධව ඉතාම සුවිශේෂී පාරමිතාවක් වන බව මෙහි දී ගැඹුරින් පැහැදිලි කෙරිණි.

මෙහි දී නිවන් දැකීම යනු කෙලෙස් නැති කිරීම ලෙස අප තේරුම් ගැනීමේ අත්‍යවශ්‍යතාවය පැහැදිලි කරන ලදී.

අපගේ නිවන් මග දියුණු කිරීමට ඇතිවෙන ප්‍රධාන බාධකයන් සහ ඒවා හොඳින් තේරුම් ගෙන දක්‍ෂතාවයෙන් යුතුව කටයුතු කරගන්නා ආකාරය පැහැදිලි කිරීම මෙම දේශනාවෙන් සහ සාකච්ඡාවේ ඇතැම් පැන තුලින් හොඳාකාරව සිදු විනි.  ඒ තුලින් ප්‍රඥාව දියුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පැහැදිලි කරන්න. *** (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව දියුණු කිරීම නිවන් දැකීම සම්බන්ධව ඉතාම සුවිශේෂි පාරමිතාවක් වන බව මෙහි දී ගැඹුරින් පැහැදිලි කෙරිණි.  එමෙන්ම එම පාරමිතාව දියුණු කිරීමට සහ එසේ දියුණු කිරීමට අපට බාධා වෙන කරුණු ඉතා ප්‍රඥා ගෝචර අයුරින් මෙහි දී පැහැදිලි කෙරිණි.  ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. ප්‍රකට ආදීනවය වන කායික සහ මානසික වේදනාවෙන් ගැලවීමට ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාවක් ලෙසින් සුඛය සෙවීමට අප යොමු වෙනවා පමණක් නොව ඒ සඳහා වැඩි යොමුවක් ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත දහම් තුලින් ද ඇති කෙරෙනවා.  අප්‍රකට ආදීනවය වන නින්දිත වූ හිස් ගතිය දැකීමට අප වැඩිය යුතු ප්‍රතිපදාව විය යුත්තේ යෝනිසෝමනසිකාරය දියුණු වෙන මෙවන් මාර්ගයක් ද? *** (මෙම පැනය තුලින් ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඇති කෙරුණු අතර එහි වටිනා දිගුවක් ලෙස පහත අංක:10 ශ්‍රවණය කරන්න. ඒ තුලින් ආර්ය ධර්මයට අනුව ප්‍රඥාව දියුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු රැසක් මතු කෙරිණි.)
  3. නිවන ශුන්‍යයි කීම ථේරවාද බුදු දහමට එකඟ වේ ද? ***
  4. සම්මුතිය සහ සම්මතය යන ඒවායේ තේරුම සහ වෙනස පැහැදිලි කරන්න. ***
  5. දුක යනු නින්දිත වූ හිස් බවක් යන්න තව දුරටත් පැහැදිලි කරන්න. *** (නින්දිත වූ හිස් බව පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ගිහි ජීවිතයේ වගකීම් ඉටු කරන විට අපට මේ ආකාරයෙන් දහම් මග ප්‍රගුණ කිරීමට හැකියාවක් තිබේ ද? ඒ පිලිබඳ ප්‍රායෝගික උපදේශනයක් ලබා දෙන්න. *** (සමාජයේ ප්‍රචලිත ප්‍රායෝගික ගැටළුවකට සැපැයූ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. පස්ස, වේදනා, සංඥා, සංකාර, විඥ්ඤාණය නැමති පංච ඉනද්‍රිය කියන්නේ එකම ක්‍රියාවලියක්ද? ඒ ක්‍රියාවලි එක එක ඉන්ද්‍රියවලට ගොචරව හැසිරෙන නිසා එවා ක්‍රියාවලි පහක්ද? ***
  8. කෙනෙකුගේ සිතේ සහ කයේ හටගන්නා දුක් කම්ටොලු හමුවේ ‘කම්මලේ බල්ලාට අත්වී ඇති තත්ත්වය’, “මධ්‍යස්ථභාවයක්” ලෙස හඳුනා ගෙන ඇති අයෙක්ට එයින් මිදීමට කෙටි උපදෙසක් ලබාදෙන්න. *** (ඉතා වටිනා ප්‍රායෝගිකව වැදගත් වෙන පැහැදිලි කිරීමකි.)
  9. එක් අයකුගේ උපක්‍රමශීලී ක්‍රියාවකින් තවත් අයෙකුට අපහසුවක් සිදුවේ නම් එය අකුසලයක් වේ ද? ***
  10. දුක්ඛ ලක්‍ෂණ හතර සහ තෘෂ්ණාවේ ලක්‍ෂණ හතර විපස්සනා භාවනාවේ පුරුදු කරන ආකාරය පැහැදිළ කරන්න. *** (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව ප්‍රායෝගිකව දියුණු කිරීම සම්බන්ධ වටිනා පැනයක් සහ පිළිතුරකි.  මෙය ඉහත අංක: 02 ට සම්බන්ධ වේ. ආදීනව වෙන් වෙන් කොට දැකීමේ වැදගත්කම මෙහි දී පැහැදිලි කෙරේ.)
  11. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.