පටිච්චසමුප්පාදය අංක: 01 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (01-04-2023)

පටිච්චසමුප්පාදය අංක: 01 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 100 (01-04-2023)

පටිච්චසමුප්පාදය අංක: 01 – Saturday Dhamma Discussion No: 100 was conducted on 01 April 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion No: 100 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ සිය වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අප්‍රේල් මස 01 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදය පිළිබඳව සූත්‍ර දේශනා ඇසුරින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු විග්‍රහයක් ආරම්භ කෙරිණි.  පටිච්චසමුප්පාදය යනු කුමක් ද යන්න කෙටියෙන් පළමු කොට විස්තර කරන ලදී.  එමෙන්ම “අවිජ්ජාපච්චයා සංඛාරා” යනු කුමක්ද සහ එය සිදුවෙන ආකාරයත්, වේදනාව දුක ලෙස වටහා ගැනීමෙන් තණ්හාව තව දුරටත් පෝෂණය කරමින් ඇති වෙන පටලැවිල්ල පිළිබඳවත් මෙහිදී මනා කොට විස්තර කෙරිණි.  එමෙන්ම ආර්යයන් වහන්සේලා වටහා ගන්නා දුක්ඛ ලක්‍ෂණ මොනවාද සහ ඒවා පළමුව මනාකොට සුතමය වශයෙන් දැනගැනීමේ වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

එමෙන්ම, මෙදින මතු කෙරුණු සියළු පැනයන් මාතෘකාවට සම්බන්ධ පැනයන් වූ බැවින් ධර්ම සාකච්ඡාව ද ඉතා වටිනා, කරුණු ගොනු වූවක් විය.

ධර්ම දේශනාවේ දී සඳහන් කල අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද “පටිච්ච සමුප්පාද විවරණය” ධර්ම ග්‍රන්ථයේ pdf පිටපත මෙතැනින් බාගත කර ගන්න: පටිච්ච සමුප්පාද විවරණය.

එම ධර්ම ග්‍රන්ථයේම html පිටපත කියවීම සඳහා මෙම යොමුව භාවිතා කරන්න: පටිච්ච සමුප්පාද විවරණය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – පටිච්චසමුප්පාදය යනු කුමක් ද සහ එය මනාකොට දැන ගැනීම වැදගත් වන්නේ මන්ද? **** (සියළු බෞධයන් හට ඉතා වැදගත් වන දේශනාවකි.)
  2. ඇතැම් දුක්ඛ ලක්‍ෂණ දැනගත් පමණින්ම සුතමය ඤාණය නොමැති වීම නිසා එය ආර්ය මාර්ගය සාක්‍ෂාත් කිරීමට ප්‍රමාණවත් නොවිය හැකි වේද? **** (සුතමය ඤාණයේ වැදගත්කම පැහැදිලි කෙරෙන වටිනා සාකච්ඡාවකි. ඇතැම් විට උදයව්‍ය ඤාණය (වහා ඇති වීම් නැති වීම් පිලිබඳ ඥානය) පමණක් ඇති වූ පමණින්ම, සුතමය ඤාණය නැතිවීම නිසා ප්‍රඥාව පහල නොවීමෙන් සංස්කාර වල නිසරු බව අවබෝධ නොවිය හැකි බව මෙහිදී පැහැදිලි කෙරේ.)
  3. සැපයක් යැයි අප සලකන සෑම දෙයක්ම නාම රූප බිඳීමක් නිසා දුකක් නොවේ ද? **** (මෙම පිළිතුර කාලීනව ඉතා වැදගත් වේ.)
  4. “පටිච්ච සමුප්පාද විවරණය” ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන උපනිස සූත්‍රය ඉදිරි දිනෙක පැහැදිලි කරන්න. ***
  5. සතර සතිපට්ඨානය දින හතක් වැඩු විට නිවන් දැකීම සඳහා අප කල යුත්තේ කුමක් ද? **** (මෙම පිළිතුර ඉතා වටිනා වේ.)
  6. කැලේට ගොස් භාවනා කිරීමෙන් නිවන් මග සඳහා උදව්වක් කිබේද? **** (මෙම පිළිතුර කාලීනව ඉතා වැදගත් වේ.)
  7. සුඛ කියා ලක්‍ෂණයක් නැහැ නොවේ ද? ****
  8. තණ්හාව දුක්ඛ ලක්‍ෂණයට ගැලපෙන්නේ කෙසේ ද? **** (මෙම පිළිතුර ඉතා වටිනා වේ.)
  9. විඥාණය මායාවක් යන්න පටිච්චසමුප්පාදයටත් ගැලපෙනවා ද? ***
  10. අනුරාධපුරයේදී ගරු ස්වාමින් වහන්සේ සිදු කල දේශනාව පිලිබන්දව. (එම YouTube දේශනාවට මෙතනින් පිවිසෙන්න.)
  11. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.