නැවැත්ම සඳහා පැවැත්ම අංක: 09 (18-03-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 09 – අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය (18-03-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 09 Saturday Dhamma Discussion – 99 was conducted on 18 March 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 99 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ නව වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 මාර්තු මස 18 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී මෙතෙක් සිදුකල දේශනා වල ගොනු කිරීමක් සහ අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය ඇසුරු කොටගෙන කායික, මානසික සහ වාචසික ක්‍රියා සිදු කිරීමට ප්‍රථම ඒවා ගැන ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ වැදගත්කම පැහැදිළි කරන ලදී.  එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී දේශනාව සම්බන්ධයෙන් ඉතා වටිනා ප්‍රශ්නයන් මතු කෙරුණු අතර ඒ අනුසාරයෙන් බෙහෙවින් වටිනා පිළිතුරු සහ පැහැදිලි කිරීම් සිදුවිණි.

ත්‍රිපිටකයේ එම අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය.

මෙම නැවැත්ම සඳහා පැවැත්ම අංක: 09 ධර්ම දේශනාවේ සහ සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – නැවැත්ම සඳහා පැවැත්මේ දී සිත, කය සහ වචනය කෙසේ හැසිරවිය යුතු දැයි අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය ඇසුරින් පැහැදිලි කරන්න. *** (සසර පැවැත්ම නැවැත්ම සඳහා සිදුකරන විට පුහුණු කල යුතු ඉතා වැදගත් වූ ප්‍රතිපදාවක් මෙම ධර්ම දේශනාවේ දී පැහැදිලි කෙරිණි.)
  2. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රයේ පැහැදිළි කෙරෙන ප්‍රත්‍යවේක්‍ෂාව සම්පුර්ණයෙන් නිවැරදිව සිදුකල හැක්කේ සම්මා සම්බුදු වරයාණන් වහන්සේ කෙනෙකුට පමණක් නොවේ ද? *** (ඉතා වටිනා කරුණු පහදා දෙන පිළිතුරකි.)
  3. මරණාසන්න මොහොතේ සිත පිහිටවිය යුත්තේ කුමන අරමුණක ද? *** (ඉතා වටිනා කරුණු පහදා දෙන පිළිතුරකි. මෙම පැනය සහ පිළිතුර පහත සඳහන් අංක 09 සහ 10 පැනයන්ට සම්බන්ධ වේ.)
  4. ආත්ම අර්ථය නිවැරදිව වටහා නොගත්තොත් අප වංචක ධර්ම වලට රැවටීමට පුළුවන් නොවේ ද? *** (ප්‍රත්‍යවේක්‍ෂනය පිළිබඳව වටිනා කරුණු මෙම පිළිතුරෙන් පැහැදිලි කෙරේ.)
  5. ආත්ම අර්ථය සහ පර අර්ථය සඳහා අපගේ කායික, මානසික සහ වාචසික ක්‍රියා පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ වැදගත්කම නිතර සිහියට නගා ගැනීමට යොදාගත හැකි උපක්‍රමය කුමක් ද?
  6. බුදුරජාණන් වහන්සේ මාගන්ධිය කෙරේ සිදුකල ප්‍රකාශය නිසා ඇතිවන අනිසි විපාක ගැන නොදැන හෝ නොසලකා හෝ සිටිය ද? **** (ඉතා වටිනා කරුණු පහදා දෙන පිළිතුරකි.)
  7. අපගේ ආධ්‍යාත්මික දියුණුව මීළඟ ඉහල මට්ටමට ගෙනියන්නේ කෙසේ ද? 
  8. ප්‍රත්‍යවේක්‍ෂාව ක්‍රමානුකූලව දියුණු කරගත හැකි ක්‍රමයක් පහදා දෙන්න. ****(ප්‍රත්‍යවේක්‍ෂනය පිළිබඳව ඉහත පැන අංක 05 ට සම්බන්ධ ඉතා වටිනා පිළිතුරක් වේ.) 
  9. මරණාසන්න මොහොතේ චෛත්‍යයක් සිතට නැගුනොත් අප අපායේ වැටෙන්නේ නැහැ යන ප්‍රකාශය නිවැරදි ද? *** (ඉහත පැන අංක 03 ට සහ අංක 10 ට සම්බන්ධ වේ.)
  10. අපගේ මරණාසන්න මොහොත ගැන දැන් කරදර නොවී වර්තමානයේ යහපත් දේ කලොත් ඒ යහ ගුණ/පුරුදු අවසාන මොහොතේ මතු වෙන්නට පුළුවන් නොවේ ද? **** (ඉතා වටිනා කරුණු පහදා දෙන පිළිතුරකි. මෙම පැනය සහ පිළිතුර ඉහත පැන අංක 03, 09 සහ 12 ට සම්බන්ධ වේ.)
  11. මරණාසන්න මොහොතේ දී ප්‍රාර්ථනාවත් වැදගත් වෙනවා නොවේ ද?
  12. මහානාම ශාක්‍යයා හට දේශනා කල පරිදි බහුලව පුරුදු කල දේ මරණාසන්න මොහොතේ දී උපකාර වෙනවා නොවේ ද? **** (ඉතා වටිනා කරුණු පහදා දෙන පිළිතුරකි. මෙම පැනය සහ පිළිතුර ඉහත පැන අංක 03, 09 සහ 10 ට සම්බන්ධ වේ.)
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.