බෝධි පාක්ෂික ධර්ම අංක: 06 (09-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 06 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (09-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 06 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (09-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 06 – Saturday Dhamma Discussion was conducted via Zoom on 09th September 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දහඅට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 සැප්තැම්බර් මස 09 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ බෝධි පාක්ෂික ධර්ම වලදී සති චෛතසිකය ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, බොජ්ඣංග ධර්මයක් සහ මාර්ග අංගයක් ලෙස වැඩෙන ආකාරය පැහැදිලි කරන ලදී. 

එමෙන්ම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් වලින්ද සතිය පිලිබඳ වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.  ධර්ම සාකච්ඡාවේ දී සතිමත්බව ළමුන්ට ඉගැන්වීම පිලිබඳ ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමක් සහභාගී වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අතර සිදුවිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: සතිය බෝධි පාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, බොජ්ඣංග ධර්මයක් සහ මාර්ග අංගයක් වශයෙන් වැඩෙන ආකාරය පැහැදිලි කරන්න. *** (සතිය පිළිබඳව සිදුකෙරුණු අවසාන ධර්ම දේශනාව මෙය වේ.)
  2. අපට ඇතිවී තිබෙන අකුසල් සිත සති චෛතසිකයෙන් පෙන්වා දීම එක්තරා අද්භූත කරුණක් නොවේ ද? ***
  3. ක්ලේශයක පරිඋට්ඨාන අවස්ථාව අපට දැනගැනීමට නොහැකි වන්නේ අපගේ චිත්තානුපස්සනාව දියුණු නොමැති නිසා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. ඇලීම් ගැටීම් නොමැති සිතේ ස්වභාවය හා එහි රසය දන්නා සිතකට එම සිතේ ඇලීම් ගැටීම් ඇතිවෙන රසයට හා ස්වභාවයට වෙනස් බව දැනෙන විට සිතේ පිරිසිදු බව ආරක්‍ෂා කර ගැනීම පහසු වෙනවා නොවේ ද? *** (ඉහත පැනයන්ට සම්බන්ධ වටිනා පැහැදිලි කිරීමකි.)
  5. සිද්ධියක් ඇතිවීමේ දී එය පංච උපාදානස්කන්ධයේ ඇතිවීමක් ලෙස දැකීමට පුළුවන් වීම කෙටිම ක්‍රමයක් නොවේ ද? ***
  6. සති ඉන්ද්‍රිය සහ යෝනිසෝමනසිකාරය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න. ***
  7. සතියෙන් ලබා දෙන ආවරණ ස්වභාවය පැහැදිලි කරන්න. ***
  8. අප කුඩා කල ශිෂ්‍යයන් වශයෙන් “සිහියෙන් ඉගෙනීම” සහ බුදුරජාණන් වහන්සේ දේශනා කල සිහිය අතර වෙනස්කම් පවතිනවා ද? **** (සතිමත්බව ළමුන්ට ඉගැන්වීම පිලිබඳ ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  9. පාසැල් කාලයේ දී අපව ලෝකෝත්තර මාර්ගයට යොමු කිරීමේ වටිනාකම පිලිබඳ පුද්ගලික උදාහරණයක්. *** (වත්මන් සමාජයේ සිදුවෙන විශේෂ අඩුපාඩුවක් පිළිබඳව සිදු කෙරුණු වටිනා ප්‍රකාශයකි.)
  10. වර්ථමාන සමාජයේ දී භාවිතා කරන “සතිය” යන ඒකීය වචනය වෙනුවට සති සම්පජඤ්ඤය ලෙස යොදා ගැනීම දහමට වඩා එකඟ නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ” යන තැන සපඤ්ඤෝ ලෙසින් දැක්වෙන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයෙක් ගැනද? ***
  12. පින්දීම සහ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.