බෝධි පාක්ෂික ධර්ම අංක: 05 (02-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 05 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (02-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 05 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (02-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 05 – Saturday Dhamma Discussion was conducted via Zoom on 02 September 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දහහත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 සැප්තැම්බර් මස 02 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේද සති චෛතසිකය පිලිබඳව  වැඩි දුරටත් පැහැදිලි කෙරිණි.  මෙහිදී වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව පදනම් කරගෙන සිහිය පුහුණු කිරීම පැහැදිලි කරන ලදී.

එමෙන්ම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් වලින්ද සතිය පිලිබඳ වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: සතිය බෝධි පාක්ෂික ධර්ම වල දී වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වශයෙන් දියුණු කරන ආකාරය පැහැදිලි කරන්න. *** (බෝධි පාක්‍ෂික ධර්ම අනුව සතිය දියුණු කිරීමේ දී ඇති සියුම් බව සහ ගැඹුරු බව මෙම ධර්ම දේශනාව තුලින් පැහැදිලි වේ.)
  2. විපස්සනා මාර්ගය පැහැදිලි කරන සතිපට්ඨානයේ දී ධ්‍යාන සිත් ගැන සඳහන් කරන්නේ ඇයි? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි. මෙහිදී විපස්සනා තුලින් හෝ සමථය තුලින් හෝ දෙයාකාරයෙන් ධ්‍යාන ඇති වූ විට එයින් ඇතිවිය හැකි සංකීර්ණතාවයන් මගහරවා ගැනීමට යෝගාවචරයා ප්‍රගුණ කලයුතු ඉතා වටිනා අංගයක් පැහැදිලි කෙරේ. එම දක්‍ෂතාවය ශුෂ්ක විදර්ශනා, යුගනන්ද, සමථ පුබ්බංගම විපස්සනා යනාදී යෝගාවචරයන් සියලු දෙනා හට අවශ්‍ය වෙන, ප්‍රගුණ කල යුතු කරුණකි.)
  3. සාමිස උපේක්‍ෂාව සහ නිරාමිස උපේක්‍ෂාව යන මානසික තත්වයන් දැනගැනීම අපහසු නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. මට ශාරීරිකව දැඩි දුක්ඛ වේදනාවක් ඇතිවෙන විට ඒ සමග ගැටීම් සිතක් ඇතිවීම වලක්වා ගැනීම දුෂ්කර වෙනවා. එනමුත් ගරු ස්වාමින්වන්සේ අද දින අපට කියාදුන් පරිදි වේදනානුපස්සනාව දියුණු කිරීම අපගේ මරණ මංචකයේ දී ඉතා වැදගත් විය හැකි නොවේ ද? *** (අප සෑම දෙනාටම වැදගත් වෙන පැනයක් සහ පිළිතුරකි.)
  5. යමක් දැකීමේ දී පෙනීමේ දී මුලින්ම එම විඥානය උපේක්ෂා සහගත වුවත් පසුව එම චිත්ත වීදිය ඇලීම හෝ ගැටීම ඇති කරවනවා නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. අප සති අන්තයේ දී දහමට අනුව පුහුණු කරන සිත, සතිය මැද වෙනවිට මානසික පුහුණුව ගිලිහෙන තත්වය ගැන කුමක් කල යුතු ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. නැටුම් ගැයුම් සහිත ප්‍රියසම්භාෂණයකට සහභාගී වනවිට ඒවා දෙස සතිමත්ව බලා හිඳීමෙන් සතිය දියුණු වෙනවා ද? *** (දහම් මග නිරතුරුව දියුණු කිරීමට වෙර දරන අයට වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  8. අප බහු කාර්යක (multi tasking) නිරත වන විට සිහියෙන් එම කාර්යයන් අතර මනස පැවැත්වීම පිලිබඳ පැහැදිලි කරන්න. *** (බහු කාර්ය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  9. රාගී බව සහ විරාගී බව ඇති සිත් පවතින විට ඒවායේ වෙනස්කම් දැන ගනිමින්ම තේරුම් ගැනීම පිළිබඳව ප්‍රයෝගික උදාහරණයක් දෙන්න. *** (එදිනෙදා ජීවිතයට ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. තායිලන්තයේ භාවනා යෝගී ස්වාමින්වහන්සේලා ‘බුද්ධෝ, බුද්ධෝ’ යනුවෙන් සිතින් කියමින් වෙන කටයුතු වල පවා නිරත වීම පැහැදිලි කරන්න. *** (සමථ ක්‍රමයක් පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  11. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.