බෝධි පාක්ෂික ධර්ම අංක: 04 (26-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 04 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (26-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 04 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (26-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 04 Saturday Dhamma Discussion was conducted via Zoom on 26th August 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දහසය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අගෝස්තු මස 26 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල අවස්ථා අටක දී යෙදෙන සති චෛතසිකය පිලිබඳ පැහැදිලි කෙරිණි.  සතිය පිළිබඳව පෙර යම් දැනුමක් හෝ පුහුණුවක් හෝ ඇති යෝගාවචරයන් හට පවා දැන ගැනීමට අවශ්‍ය සහ වටිනා කරුණු අද දින ධර්ම දේශනාවේ දී පැහැදිලි කෙරිණි.  එමෙන්ම අද දින ධර්ම දේශනාවේ මූලිකව සතර සතිපට්ඨානයේ කායගතාසතිය විස්තර කෙරිණි.

ඉදිරි සති වල දී සතිය බෝධි පාක්ෂික ධර්ම වල යෙදෙන අනෙකුත් ආකාරයන් පැහැදිලි කෙරෙනු ඇත.

එමෙන්ම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් වලින් සතිය පිලිබඳ ඇතැම් අප්‍රකට වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: සතිය බෝධි පාක්ෂික ධර්ම වල සතර ආකාරයකින් යෙදෙන ආකාරය සහ කායානුපස්සනාවේ සතියේ අවස්ථා පැහැදිලි කරන්න. *** (සති චෛතසිකය බෝධි පාක්‍ෂික ධර්මයක් වශයෙන් යෙදෙන ආකාර පිලිබඳ වටිනා ආරම්භක දේශනාවකි. මෙහිදී සිහියේ මූලික ගති ලක්‍ෂණ පුළුල් අකාරයෙන් පහදා දෙන ලදී.)
  2. පෙර විසූ ආත්ම පිළිබඳව සිහි කිරීමට හැකිවන සතිය ධ්‍යාන වලට සම්බන්ධ වූ සතියක් ද? *** (මෙම පැනයට දුන් පිළිතුර සුවිශේෂී වැදගත් කමකින් යුතු වන්නේ වර්තමානයේ ධ්‍යාන ගැන කථා කිරීමේ දී සතිය සහ ප්‍රඥාව එයට සම්බන්ධ නොකෙරෙන බැවිනි.)
  3. ඉරියාපථ මනසිකාරය ඉතා හොඳින් දියුණු වී එය අසම්මෝහ සම්පජඤ්ඤය සමග ක්‍රියා කරන විට පුද්ගලක්, කෙනෙකුන් පිලිබඳ දැක්ම බොඳ වෙනවා නොවේ ද? *** (මෙලෙස විපස්සනාව දියුණු වීමේ දී ඇතිවිය හැකි එකිනෙකට වෙනස් මාර්ග දෙකක් පිළිබඳව මෙහි දී පැහැදිලි කෙරේමෙය භාවනා මාර්ගය පිලිබඳ ඉතා වැදගත් උපදේශයකි.)
  4. ධාතු ගුණ දැනීම ආනාපානසතියේ, ඉරියාපථ මනසිකාරයේ සහ සක්මන් භාවනාවේ දියුණු අවස්ථාවක් ද? *** (දියුණු වන කායගතාසතියේ සතියේ ස්වභාවය මෙහිදී පැහැදිලි කෙරේ.) 
  5. සතිමත් බවෙන් යුතුව නිවස අතුගෑම වැනි යහපත් ක්‍රියාවක් කරන විට සති සම්බොජ්ඣංගය තුලින් ඒ සම්බන්ධ අනිකුත් දේ පැහැදිලි විය යුතු ද? *** (සතිය වැඩි දියුණු කිරීමට ලැබෙන අවස්ථා අප බොහෝ විට ප්‍රයෝජන නොගැනීම සහ ඒවා එසේ යොදා ගැනීමේ වැදගත්කම මෙහි දී පැහැදිලි කෙරේ. සතිය තුලින් අභිඥා ලබා ගැනීමට පවා මෙසේ හේතු ඵල සම්බන්ධතාවය පිලිබඳ අවබෝධය දියුණු කිරීමේ වැදගත්කම මෙහි දී පැහැදිලි කෙරේ.)
  6. වෛද්‍යවරියක් ලෙස මාංශ පේශී ක්‍රියාවලිය ගැන මන අවබෝධයක් ලැබුවා වුවත් මගේ වයස 45-50 පමන දී සක්මන් භාවනාව කරන තුරු ඇවිදීමේ දී සිරුරේ බර වෙනස් වීම පවා දැනගෙන සිටියේ නැහැ. *** (ගරුකභාවය සහ වංචක ධර්ම පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  7. තෙවෙනි ඇස පිළිබඳව විකිපීඩියා වල බුදු දහමටත් සම්බන්ධ කර තිබීම නිවැරදි දෙයක් ද? *** (විශේෂ හැකියාවන් දියුණු කරගැනීම පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. අට්ථිඛ සංඥාව වැඩීම සම සතලිස් කර්මස්ථාන වලට අයත් ද? එය සමථ භාවනාවක් ද? 
  9. මෛත්‍රී භාවනාව බොහෝ දෙනෙක් පුහුණු කිරීමට වෑයම් කරන්නේ වංචක ධර්මයකට හසු වී ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ ආජීව අෂ්ටමක ශීලය ගැන සඳහන් වී ඇති කරුණ පැහැදිලි කරන්න.
  11. අවසානය. *** (ගරු ස්වාමින්වහන්සේගේ ප්‍රකාශය වැදගත් වේ.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.