පටිච්චසමුප්පාදය අංක: 03 – සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (22-04-2023)

Ven. Kukulpane Sudassi Thero – පටිචිචසමුප්පාදය අංක: 03 – Saturday Dhamma Discussion – 102 (22-04-2023)

පටිච්චසමුප්පාදය අංක: 03 – Saturday Dhamma Discussion No: 102 was conducted on 22 April 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion No: 102 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දෙවෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අප්‍රේල් මස 22 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන “සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්න පැහැදිලි කරන ලදී. එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ දී එම මාතෘකාවට අදාල වටිනා ප්‍රශ්නයන් බොහොමයක් සාකච්ඡා විනි. 

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.

පළමු ධර්ම දේශනාවේ දී සඳහන් කල අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද “පටිච්ච සමුප්පාද විවරණය” ධර්ම ග්‍රන්ථයේ pdf පිටපත මෙතැනින් බාගත කර ගන්න: පටිච්ච සමුප්පාද විවරණය.

එම ධර්ම ග්‍රන්ථයේම html පිටපත කියවීම සඳහා මෙම යොමුව භාවිතා කරන්න: පටිච්ච සමුප්පාද විවරණය.


  1. ධර්ම දේශනාව: සංඛාර පච්චයා විඤ්ඤාණං යන්න පැහැදිලි කරන්න. *** (විඤ්ඤාණයේ ජනිත වීම සහ නැවත උප්පතියක් සකස් වීම වන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා වටිනා කරුණු ඇතුලත් දේශනාවකි.)
  2. අතිශයින් දිගු වන සංසර ගමන යහපත් කර ගැනීමට අප කුමක් කල යුතු ද? *** (ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු සාකච්ඡාවකි.
  3. සංඛාර සහ සංස්කාර වල වෙනස පැහැදිලි කරන්න.
  4. හදයවස්තු රුපය කියන දෙය නාම ධර්මයක් ද නැතහොත් රූප ධර්මයක් ද? *** (අපට නොදැනෙන හදයවස්තු රුපය පිලිබඳ වටිනා විස්තරයකි.)
  5. ප්‍රතිසන්ධි විඤ්ඤාණයම චුති සිතේ වේ නම් ගති නිමිති ආදිය ගන්නේ කිනම් මොහොතේදී ද? *** (වර්ථමානයේ පවතින වැරදි මතයක් නිවැරදි කිරීම මෙම පිළිතුරෙන් සිදු වේ.)
  6. මරණයේ දී ඇති වෙන කායික වේදනා නිසා ඇතිවෙන පටිඝ සිත අපට නරක උපතක් ලබා දේද? *** (අප බොහෝ දෙනා හට වැදගත් වෙන කරුණු රැසක් පැහැදිලි කරන පිරිතුරකි.)
  7. සත්වයාගේ ප්‍රසාද රූපය හටගැනීමට හේතු වන්නේ කර්මය පමණක් ද?
  8. නින්දේ දී මිය යන කෙනෙකු ගේ චුති සිත සැකසෙන්නේ කෙසේ ද?
  9. චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අතර ඇත්තේ චිතක්ෂණයක් ද නැතහොත් අන්තරාභවයක් ද? *** (සමාජයේ පවතින වැරදි මතයක් නිවැරදි කිරීම මෙම පිළිතුරෙන් සිදු වේ.)
  10. මාර්ග ඵල වලට පත් වූ විට අහෝසි වෙන කර්ම තිබෙනවා ද? *** (සමාජයේ පවතින තවත් වැරදි වැටහීමක් නිවැරදි කිරීම මෙම පිළිතුරෙන් සිදු වේ.)
  11. ලෙඩවීම සහ දුබල වීම නිසා සුක්‍ෂම ශරීරයක් ඇති දේවත්වයක් පැතීම නිවැරදි වේ ද? *** (වටිනා පිළිතුරකි.)
  12. දෙමාපියන් රෝහලේ coma තත්වයෙන් සිටින විට දරුවන් කෙසේ තීරණ ගත යුතු ද? ***
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.