නැවැත්ම සඳහා පැවැත්ම 01 (07-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම 01 – Saturday Dhamma Discussion – 91 (07-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම 01 – Saturday Dhamma Discussion – 91 was conducted on 07 January 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  Saturday Dhamma Discussion – 91 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ එක්වෙ නි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජනවාරි මස 07 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාවේ මූලික වැදගත්කම පැහැදිලි කෙරුණි.  එමෙන්ම නැවැත්ම සඳහා යන ගමනේ පැවිදි සහ ගිහි ප්‍රතිපදාවන් අරියවංශ සූත්‍ර දේශනාවේ ඇතැම් කරුණු ඇසුරු කරගෙන නැවැත්ම සඳහා පැවැත්ම කෙසේ සිදුකල යුතු ද යන්න පැහැදිලි කරන ලදී.  එමෙන්ම ධර්ම සාකච්ඡාවේදී ඒ පිලිබඳ වැදගත් ප්‍රායෝගික කරුණු මතු කෙරිණි.

ත්‍රිපිටකයේ එම අරියවංශ සූත්‍රය මෙතනින් කියවන්න: අරියවංශ සූත්‍රය.

මෙම (නැවැත්ම සඳහා පැවැත්ම 01 – 07-01-2023) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – නැවැත්ම සඳහා පැවැත්ම දියුණු කිරීමේ වැදගත්කම සහ එය සිදුකල යුතු ආකාරය පිළිබඳව මූලික හැඳින්වීමක් සිදු කරන්න. *** (තමන්ගේ අවසාන ඉලක්කය කෙබඳු ආකාරයකින් සාක්‍ෂාත් කරනවාදැයි පැහැදිලි කමක් ඇති කරගැනීමේ වැදගත්කම, ගිහි සහ පැවිදි පතිපදා වල ඇති වෙනස් කම් සහ මේ පිලිබඳ වැදගත් සූත්‍ර දේශනා, අරියවංශ සූත්‍රයේ දැක්වෙන පරිදි නිවැරදි ජීවන දැක්මක් ඇතිකර ගැනීමේ  ඇති අවශ්‍යතාවය යනාදී වටිනා කරුණු රැසක් පැහැදිලි කෙරිණි.) 
  2. විශේෂ පණිවිඩය. ***
  3. තමන් නිවන් මග තුල ශක්තිමත් නොවී අන්‍යයන්ට ඒ සඳහා උදව් කරන්නේ කෙසේ ද? *** (ඉතා වැදගත් පැනයක් සහ පිළිතුරකි.)
  4. නැවැත්ම සඳහා පැවැත්ම වගේම හොඳින් කරන පැවැත්වම නැවැත්ම කෙරේ උදව් වෙනවා නොවේ ද? *** (ගිහි ප්‍රතිපදාවට බොහෝ වැදගත් ප්‍රායෝගික කරුණු මෙහි දී මතු කෙරේ.)
  5. විශාකාව මෙන් අන්‍යයන්ට උපකාරී කරමින් අපටත් නිවන් දැකීම කිරීමට හැකි නොවේ ද? 
  6. ඇතැම් දූ දරුවන් විවාහයට අකමැති වීම මේ නැවැත්ම සඳහා කරන පැවැත්ම තුලදී කෙසේ තේරුම් ගත යුතු ද? *** (වටිනා කාලීන පැනයක් සහ පිළිතුරකි.)
  7. බුදු, පසේ බුදු හෝ මහා රහත් තත්වයක් සඳහා පැතුමක් ඇති අයෙකුට අතීත භවයන් දැකීමට නොහැකි නම් කුමක් කල යුතු ද? ***
  8. කාම භෝගී දිවියක් ගත කිරීමට කැමති වූවත් සමාජයේ දුෂිත බව නිසා බ්‍රහ්මචාරීව දිවි ගෙවීම පැහැදිලි කරන්නේ කෙසේ ද? *** (වටිනා කාලීන පැනයක් සහ පිළිතුරකි.)
  9. සිව් වන ධ්‍යානයේ තියෙන උපෙක්ෂාවත් සහ උපෙක්ෂා භාවනාවේ ඇති උපේක්ෂාවත් අතර ඇති වෙනස පැහැදිලි කරන්න. ***
  10. ජීවිතයට එළඹෙන දුක් කම්කටොළු උපෙක්ෂාවෙන් විදර්ශනා කරන්නේ කෙසේ ද?
  11. නැවැත්ම සඳහා පැවැත්මට කටයුතු කිරීමේදී ශ්‍රද්ධාව සහ ශීලය අත්‍යවශ්‍ය වෙනවා නොවේ ද?
  12. කල්පිටිය දහම් පාසල් පිංකමේ දී ගීත ගායනය සහ අත්පොලසන් දීම නිසා අකුසල් රැස් වෙනවා ද? ***
  13. පින්කමක් කර මේ ආත්ම භාවයේම නිවන් දැකීම යන ප්‍රර්ථනා කිරීම නිවැරදි ද? ***
  14. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.