ප්‍රඥා භාවනාව – Saturday Dhamma Discussion – 75 (13-08-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 75 (ප්‍රඥා භාවනාව – ලෝණඵල සූත්‍රය) 13-08-2022

ප්‍රඥා භාවනාව Saturday Dhamma Discussion – 75 was conducted on 13 August 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 75 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ පස්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 අගෝස්තු මස 13 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී ප්‍රඥා භාවනාව සහ ප්‍රඥා භාවනාව ප්‍රගුණ කිරීම තුලින් අකුසල විපාක යටපත් වෙන ආකාරය පිළිබඳව ලෝණඵල සූත්‍රය පාදක කොට දේශනා කල සේක.  එසේම ප්‍රඥා භාවනාව යනු සතර සතිපට්ඨානයේ අවසානයේ දැක්වෙන ධම්මානුපස්සනාව බවත් එහි ප්‍රභේධ සහ එය වඩනා ආකාරයත් ධර්ම දේශනාවේදී පැහැදිලි කල සේක. ධර්ම සාකච්ඡාව තුල දී ඇතැම් වටිනා ප්‍රායෝගික කරුණු විමසීමට ලක් කෙරිණි. 

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ප්‍රඥා භාවනාව පැහැදිලි කර එය වැඩීමෙන් අකුසල විපාක යටපත් වෙන ආකාරය පහදා දෙන්න. *** (ගෞරවනීය ස්වාමින්වහන්සේ ප්‍රඥා භාවනාව යනු සතර සතිපටිඨානයේ අවසානයේ දැක්වෙන ධම්මානුපස්සනාව බවත් එහි ප්‍රභේධ සහ එය වඩනා ආකාරයත් ධර්ම දේශනාවේදී පැහැදිලි කල සේක.)
  2. රටේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට ඉදිරි පෝය දෙකේදී සිදු කිරීමට යන සත්‍යක්‍රියාව පිලිබඳ විස්තරය.
  3. ධර්මය දැකීමට සියල්ලම අත්හැරිය යුතුද? *** (වර්ථමාන බෞද්ධ සමාජයේ පවතින මතයක් විමසීමට ලක් කෙරෙමින් සිදුකරන මෙම සාකච්ඡාවේ ප්‍රඥාව අවධි කෙරෙන වටිනා කරුණු රැසක් ඇතුලත් වේ.)
  4. වර්ථමාන ගිහි ජීවිතයේ ඇති සංකීර්ණ ස්වභාවය සහ ආමිසයට පමණක් ඇති නැමියාව නිසා කුඩා වයසේදීම ශීලය පාදක කොට භාවනාව ඉගැන්වීම නිසා භාවනා රාමතාවය ඇතිවී ගිහි නිවන් ප්‍රතිපදාව දියුණු කිරීමට හේතු වියහැකි නොවේද? *** (ඉහත පැනයට සම්බන්ධ වෙන කරුණක් මූලික කරගත් වටිනා සාකච්ඡාවකි.)
  5. බෝධිපාක්ෂීය ධර්ම සහ ක්‍රමිකව සතර සතිපට්ඨාන භාවනාව දියුණු කිරීම වැදගත් වෙනවා නොවේද? ***
  6. අප අකමැති, බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවන විට එය පෙර කර්මය නිසා වුවක් යැයි සිතීම ප්‍රඥා ගෝචර ද? *** (බෞද්ධ සමාජයේ බහුල ලෙස සිදුවෙන මෙම කරුණ පිළිබඳව වටිනා ප්‍රායෝගික විග්‍රහයකි.)
  7. නිබ්බිදාව නිසා ඇතිවෙන අතහැරීම සහ ආතතිය නිසා ඇතිවන අකමැත්ත අතර ඇති වෙනස පැහැදිලි කරන්න. *** (අරමුණක් සමග ඇතිවන ගැටීම නිසා සිදුවන එපාවීම සහ නිබ්බිදාව අතර ඇති වෙනස පැහැදිලි කෙරෙන වටිනා පිළිතුරකි.)
  8. ඇතිවීම සහ නැතිවීම, පජානාති වශයෙන් දැකීමේ වැදගත් කම සහ ගිහි පැවිදි ප්‍රතිපදා පැහැදිලි කිරීම සඳහා යොදාගත් උදාහරණය. 
  9. ධර්මය දැනගන්නා විට දුක ගැන තේරීම.
  10. සමථ භාවනාවෙන් විපස්සනාවට පිවිසෙමින් එය පිරිහෙන විට නැවත සමථයට පිවිසෙන ආකාරයෙන් කරන යුගනන්ද භාවනාව සුදුසු ද? ***
  11. නිරන්තරයෙන් සිතේ පසුබිමින් ඇසෙන ගීතය කෙරේ ඇතිවන රාගය, ද්වේෂය නැතිකර ගන්නේ කෙසේද? *** (මෙම පිළිතුර තුලින් වටිනා ක්‍රම වේදයක් ඉදිරිපත් කෙරේ.)
  12. රටේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට මෙවර පෝය දිනයේදී සිදුකල සත්‍යක්‍රියාව පිලිබඳ පුන්‍යානුමෝදනාව.
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.