දස පාරමිතා අංක: 34 (මෛත්‍රී පාරමිතාව 02) 04-01-2025

දස පාරමිතා අංක: 34 (මෛත්‍රී පාරමිතාව 02) 04-01-2025

දස පාරමිතා අංක: 34 (මෛත්‍රී පාරමිතාව 02) 04-01-2025

දස පාරමිතා අංක: 34 (මෛත්‍රී පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 04th January 2025 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට එක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ජනවාරි මස 04 වන දින සිදුකරන ලදී.

මෙම ධර්ම දේශනාව තුලින් මෛත්‍රී පාරමිතාව පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු පැහැදිලි කෙරිණි.  විශේෂයෙන් පරිපාලන කටයුතු කිරීමේදී ප්‍රඥාව පදනම් කොටගෙන මෛත්‍රී පාරමිතාව ප්‍රගුණ කල යුතු ආකාරය පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: මෛත්‍රී පාරමිතාව පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න. *** (මෛත්‍රී පාරමිතාව පුහුණු කිරීමේදී අප විසින් සැලකිය යුතු ප්‍රධාන සිධාන්ත රැසක් පැහැදිලි කෙරුණු වටිනා ධර්ම දේශනාවකි.)
  2. යම් කෙනෙකු හට යහපතක් කරන අදහසින් ඔහුට ගරහා කරමින් කථා කරන විට අප එය මෛත්‍රිය තුලින් කරනවා යැයි විශ්වාස කලත් ඒ තුල වංචක ද්වේශය ක්‍රියාත්මක වෙනවා විය හැකි නොවේ ද? *** (ඉතා වටිනා පැනයක්, පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  3. මෛත්‍රී පාරමිතාව පුහුණු කිරීමේදී වඩාත්ම වැදගත් වන්නේ ප්‍රඥාව නොවේ ද? *** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  4. බුදුරජාණන් වහන්සේ අභිධර්මය පිළිබඳව ශ්‍රාවකයන් උද්‍යෝගී කල අවස්ථා සඳහන් වෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. ඉහත සඳහන් කල ආකාරයෙන් මෛත්‍රී පාරමිතාව පුහුණු කිරීමට සතිය මහෝපකාරී වෙනවා නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ඉහත කරුණු තේරුම් ගැනීමට අපට අභිධර්මය මහෝපකාරී වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදුන විට එම බ්‍රහ්මයාට ඇති වන්නේ විපාක සිත් පමණද නැතහොත් කුසල් සිතුත් උපදිනවා ද? ***
  8. අභිධර්මය ඉගෙන ගැනීමේ දී මෙම කරුණු පමණක් ප්‍රමාණවත් වේද? ***
  9. ඇතැම් භාවනායෝගීන්ට අභිධර්ම දැනුම නොමැතිව නාමරූප පරිච්චේද ඥානය පසු කරමින් අනිත්‍යතාවය තම මිනිස් ඇසට පේන අයුරින් දැකීමට පවා පුළුවන් නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි. මෙම පැනය ඉහත පැන අංක: 08, 06 සහ 04 ට සම්බන්ධ වේ.)
  10. ප්‍රඥප්ති අරමුණු සහිත භාවනා ධ්‍යාන මට්ටම් දක්වා වැඩිය හැකි වීමටත්, පරමාර්ථ අරමුණු සහිත භාවනා උපචාර මට්ටම් දක්වා වැඩීමටත් හේතුව කුමක්ද ස්වාමින්වහන්ස? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. ශුෂ්ක විපස්සක යනු සැහෙන කාලයක් සුතමය ඥානය සහ චින්තාමය ඥානය මනසිකාරය කර පැමිණෙන කෙනෙක් ද? ***
  12. වැඩසටහන පිලිබඳ කෙටි අවවාදය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.