දස පාරමිතා අංක: 02 (හැඳින්වීම) 27-01-2024

දස පාරමිතා අංක: 02 (හැඳින්වීම) 27-01-2024

දස පාරමිතා අංක: 02 (හැඳින්වීම) 27-01-2024

දස පාරමිතා අංක: 02 (හැඳින්වීම) – Saturday Dhamma Discussion was conducted via Zoom on 27th January 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජනවාරි මස 27 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් පාරමිතා යනු කුමක්දැයි හඳුන්වා දීම තව දුරටත් සිදු කෙරිණි.  මෙහිදී පාරමිතා ධර්ම සහ බෝධි පාක්‍ෂික ධර්ම අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන ලදී.  පරමාර්ථය සඵල කර ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙල කිරීම පැතුමකින් පමණක් නොලැබෙන බවත් ඒ සඳහා පාරමිතා ධර්ම දියුණු කිරීම අවශ්‍ය බවත් මෙහි දී පැහැදිලි කෙරිණි.

එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාවේදී පාරමිතා පුහුණු කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: පාරමිතා ධර්ම සහ බෝධි පාක්‍ෂික ධර්ම අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරමින් පාරමිතා ධර්ම නිවන් සාක්‍ෂාත් කරගැනීමට හේතුවෙන ආකාරය පැහැදිලි කරන්න. *** (වර්ථමානයේ පාරමිතා දියුණු කිරීම පිළිබඳව පවතින වැරදි ආකල්ප මතු කෙරුණු වටිනා දේශනාවකි.  මෙම කරුණු පාදක කොට ඉතා වැදගත් පැන රැසක් පසුව මතු කෙරිණි.)
  2. “අපගේ පාරමිතා කොතරම් වැඩී ඇති දැයි දැන ගැනීමට නොහැකි නිසා වර්ථමානයේ නිවන් සාක්‍ෂාත් කිරීමට උත්සුක වන්න” යන අදහස පිළිබඳව පැහැදිලි කරන්න. *** (වටිනා කාලීන පැණයක් සහ පිළිතුරකි.)
  3. විශේෂ ප්‍රාර්ථනාවක් ඇති කෙනෙක් එය දරාගෙන භවයෙන් භවයට යන්නේ කෙසේ ද? ***
  4. බුද්ධ ධර්මය පහසුවෙන් අවබෝධ කල හැකි අය දැන් අවම නිසා දහම පැහැදිලි කෙරෙන අභිධර්මය වැනි දහම් වර්ථමානයේ දේශනා කිරීම සුදුසු දැයි පහදා දෙන්න. ***
  5. අපගේ දුක අඩුකර ගැනීමේ අවශ්‍යතාවය මුලිකත්වයේ තබා ගැනීම නිවන අරමුණු කරනවාට වඩා පහසු, පැහැදිලි අරමුණක් වෙනවා නොවේද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. රුවන්වැලිසෑයේ ඇතුලත බුදුරජාණන්වහන්සේ ජීවමාන යැයි ඇතැම් ස්වාමින්වහන්සේලා කියන කරුණ නිවැරදි දැයි පැහැදිලි කරන්න. ***
  7. පාරමිතා, ප්‍රර්ථනා සහ කර්මය වැනි නියාම නිසා අප පුද්ගල භාවයක් ආරෝපණය කරගනිමින් “සෝද, සෝදා මඩේ දැමීමක්” සිදු කරනවා කියා සිතේ. මේ ගැන පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. නෙය්‍ය සහ පදපරම පුද්ගලයින් යනු පාරමිතා සම්පුර්ණ නොවූ අය ද? ***
  9. අවසානය සහ ඊළඟ වැඩසටහන පිළිබඳව දැනුම් දීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.