ආශීර්වාද සහ සත්‍යක්‍රියා – Saturday Dhamma Discussion – 79 (17-09-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 79 (ආශීර්වාද සහ සත්‍යක්‍රියා – අකුසල විපාක යටපත් කරන ක්‍රම) 17-09-2022

ආශීර්වාද සහ සත්‍යක්‍රියා – Saturday Dhamma Discussion – 79 (17-09-2022) was conducted on 17 September 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 79 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ නවවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 සැප්තැම්බර් මස 17 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර ධර්ම දේශනාවේ දී ආශීර්වාද සහ සත්‍යක්‍රියා ආධාරයෙන් අකුසල විපාක යටපත් කරන්නේ කෙසේදැයි පහදා දුන් සේක. ආශීර්වාද සහ සත්‍යක්‍රියා යනු මොනවාද සහ ඒවා සිදුකරන්නේ කෙසේද යන වග ධර්ම දේශනාවේදී සහ ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කෙරිණි. එමෙන්ම එහි ඇති සීමාවන් ද මනාකොට පහදා දෙන ලදී. 

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ආශීර්වාද සහ සත්‍යක්‍රියා තුලින් අකුසල විපාක යටපත් කරගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පවා අකුසල විපාක යටපත් කරගැනීමට පිරිත් දේශනා ආශීර්වාද ලෙස යොදාගත් ආකාරයත් සහ සෙත්කවි, සත්‍යක්‍රියා යනාදිය සිදුකරනා ආකාරය ප්‍රායෝගික කරුණු ඇසුරු කරගනිමින් පැහැදිලි කෙරේ. එමෙන්ම බුදුගුණ භාවිතා කරමින් අපට සත්‍යක්‍රියා කල නොහැක්කේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි කෙරේ.)
  2. පිරිත් දේශනා ඇසුරින් ආශීර්වාද කිරීමේදී එය ශ්‍රවණය කරන අයගේ මානසික තත්වය එම ආශීර්වාදයේ ප්‍රතිඵලය කෙරේ බලපානවා නොවේ ද? *** (පිරිත් ආශීර්වාදයේ ශක්තිය ගොඩ නැගීමට දේශක සහ ශ්‍රාවක දෙපිරිසේම සාධක බලපවත්නා බව මෙහිදී පැහැදිලි කෙරේ.  පිරිත් දේශනාවේ ආශීර්වාදය ලබා ගැනීමට අවශ්‍ය බල හත මෙහිදී පැහැදිලි කෙරිණි.)
  3. තමන් විසින් නිවසේදී පිරිත් සජ්ඣායනා කිරීමෙන් තමන්ට පවා කායික මානසික සුවයක් සහ යහපතක් සැලසෙනවා නොවේ ද? *** (තමන් විසින්ම නිවසේදී පිරිත් සජ්ඣායනා කිරීම තුලින් ආශීර්වාදයට පරිබාහිරව තමා විසින් තමන්ට ඇති කර ගන්නා යහපත, බලය වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරේ.)
  4. සත්‍යක්‍රියාවක දී විශ්වයට අධිෂ්ඨාන කිරීම නිවැරදි ද?
  5. සෝවාන් මාර්ග ඵල අයෙක් එය ඇසුරින් නොයෙක් වර අධිෂ්ඨාන කිරීමෙන් සත්‍යක්‍රියා කිරීමේදී සාර්ථක වීම තුලින් එම ආර්ය තත්වය සනාථ වෙනවා ද?
  6. බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සත්‍යක්‍රියාවකට යොදා ගැනීමට පුලුවන් ද? (සමාජයේ පවතින මෙම වැරදි මතය නැවත වරක් මෙහිදී නිවැරදි කෙරිණි.)
  7. සත්‍යක්‍රියාවල සීමාවන් මොනවා ද? *** (ඉතා වටිනා කරුණු මෙහිදී මතු විනි. සත්‍යක්‍රියාවකට අවංකව උත්සහ කිරීම නිසාවෙන්ම ඒ අය තුල සිදුවෙන වටිනා වෙනස්කම් සහ ප්‍රගමනය මෙහිදී මතු කෙරිණි.)
  8. ස්වාමීන්වහන්සේලා ආශීර්වාද කරනා විට ගිහියන් එයම කීම නිවැරදි ද? ***
  9. බුදු ගුණ සිහි කිරීමෙන් ලෙඩ සුව වීමට හැකි වේ ද?
  10. මරණාසන්න කෙනෙකු වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කල හැකි ද?
  11. අප කෙනෙකු වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කරන විට එම තැනැත්තා ඒ ගැන දැනුවත් කල යුතු ද?
  12. බුදුරජාණන් වහන්සේ පිලිබඳ විශ්වාසයෙන් දිගින් දිගටම මෙත් සිත ප්‍රගුණ කිරීමෙන් නිවන් දැකිය හැකි ද?
  13. රේඩියෝවේ පිරිත් දමා වතුර එතැන තැබුවහොත් එම වතුර පිරිත් බලයෙන් යුතු වෙනවා ද?
  14. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.