
අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
වෛරය, මාන්නය සහ ඊර්ෂියාව නිසා ඇතිවිය හැකි, අපගේ සංසාරය පුරා දිවයන අහිතකර ප්‍රතිඵල ගැන දැන ගැනීම වටිනා වේ. එමෙන්ම එම දුබලතා නැතිකර ගැනීමට අප විසින් ප්‍රගුණ කලයුතු කුසලතාවයන් පිළිබඳව දැනගැනීම එයටත් වඩා ඉතා වැදගත් වේ. බොහෝ දෙනා නොදන්නා එම කුසලතාවයන් සිත් කාවදිනා ආකාරයෙන් මෙම ධර්ම දේශනාවේ ඉදිරිපත් කෙරේ.
උදාහරණයක් ලෙස වෛරය නැතිකරගනීමට හැකි ප්‍රබලම ක්‍රමවේදයක් ලෙස වෛරය ඇතිවන විටදීම එයට මූලික හේතුවන අභ්‍යන්තර මානසික ගැටීමත්, ප්‍රත්‍ය වන බාහිර අරමුණ/පුද්ගලයා පිලිබඳවත් විමසුම් නුවණින් දැකීම පුහුණුවීම ඉදිරිපත් කෙරේ. එය ක්‍රම වේදයක් ලෙස දිනපතා පුහුණු වූ විට වෛරය නිසා ඇතිවිය හැකි විනාශයන් අවම කරගැනීමට හැකිවේ.
“වෛරය, මාන්නය සහ ඊර්ෂියාව” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.
“වෛරය, මාන්නය සහ ඊර්ෂියාව” ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූ මජ්ඣිම නිකායේ, මූල පන්නාසකයේ වත්ථුපම සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: වත්ථුපම සූත්‍රය.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 06 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී. එම මහඟු ධර්ම දානය, අභාවප්‍රාප්ත වුනු ඒ. ඒ. සිල්වා මහතාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස බිරිඳ වූ සීතා කරුණාරත්න මහත්මිය ඇතුළු දු දරුවන් විසින් සිදුකරන ලදී.