කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය පිලිබඳ මෙම ධර්ම දේශනාව ඉතාම වැදගත් මාතෘකාවක් පැහැදිලි කෙරෙමින් සිදුකෙරෙන වටිනා ධර්ම දේශනාවකි. එය එසේ වන්නේ මෙය නිවන පැහැදිලි කෙරෙන තවත් ආකාරයක් වෙන නිසාවෙනි. ආශ්වාදය ලෙස සුඛ සෝමනස්ස ස්වභාවය ගන්නා ආකාරය, ආදීනවය ලෙස අනිත්‍ය සහ විපරිනාමය ඇතිකරමින් සිදුවන පරිවර්තනය, දවන තවන ගතිය, යන ආකාරයෙන් ආශ්වාදය සහ ආදීනවය පැහැදිලි කෙරේ.
ආශ්වාදය පමණක් ඉතිරි කර ගනිමින් ආදීනවය ඉවත්කර දැමිය නොහැක්කේ ඇයිදැයි මෙහි හොඳින් පැහැදිලි කෙරේ. ආදීනවය බැහැරකළ යුතු නම් ආශ්වාදයට ඇති ඇල්මද බැහැර කරමින් නිස්සරණය ලබා ගැනීමේ ප්‍රතිපදාවට අප එළඹිය යුතු වේ.
“කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
“කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සංයුත්ත නිකායේ, ඛන්ධ වර්ගයේ, ඛන්ධ සංයුක්තයේ එන පළවැනි අස්සාද සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: පළවැනි අස්සාද සූත්‍රය.