දස පාරමිතා අංක: 29 (සත්‍ය පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 23rd November 2024 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 නොවැම්බර් මස 23 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් සත්‍ය පාරමිතාව පිලිබඳ පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම සත්‍ය පාරමිතාවේ තුන් ආකාරය වන වාග් දුශ්චරිතයෙන් වැළකීම, ආත්මාර්ථ පරාර්ථ සාධනය පිණිස සත්‍ය කීම සහ පොරොන්දූ කඩ නොකිරීම පිළිබඳව පුළුල් ආකාරයෙන් මෙහිදී පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ ගැඹුරු සහ පුළුල් පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
- ධර්ම දේශනාව: සත්‍ය පාරමිතාව සහ එහි තුන් ආකාරයන් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා දේශනාවකි.)
- සත්‍ය පාරමිතාව පළවෙනි සහ දෙවෙනි ආකාරයෙන් දියුණු කරන විටදී ඒ සඳහා මෙම අනෙක් ගුණධර්මයනුත් අවශ්‍ය වෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථාවේ ගැබ්වෙන අදහසක් වන්නේ අන්‍යයන්ට අහිතක් වුවත් පොරොන්දූ කඩ නොකිරීම පිළිබඳවයි. ඒ ගැන පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ ඉතා පුළුල්, වටිනා පැහැදිලි කිරීමකි.)
- ආත්ම අර්ථය සහ පර අර්ථය බුදු දහමට අනුව පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- දැන, දැන වැරදි කිරීමේ විපාකය නොදැනුවත් ව වැරදි කිරීමේ විපාකයට වඩා අඩුවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අප පිංකමක් කරනවිට ඒ සමග සිදුවෙන අකුසලයක බලය වැඩි වෙනවාද?*** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අප විසින් සිදුකල කුසල් නැවත මතක් කිරීමෙන් එය උපාදාන කරගැනීමක් සිදු වෙනවා ද?*** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- යමෙක් මාර්ග ඵලයකට පැමිණි බව කිව හැක්කේ බුදු වරයෙකුට පමණ ද?
- වන්දනා කර පිරිත් කීමේදී කුහුඹින් සිටින මල් කඩා පුජා කරනු වෙනුවට ඒවා නොකඩා පහන් පුජාව පමණක් සිදුකලාට කමක් නැතිද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- කරණීය මෙත්ත සූත්‍රයේ දෙවන ගාථාවේ අවංක වෙනවා සහ වඩාත් අවංක වෙනවා යන ප්‍රකාශයන් මෙම සත්‍ය පාරමිතාවට යම් සමාන වීමක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.