දස පාරමිතා අංක: 30 (සත්‍ය පාරමිතාව 02) 30-11-2024

දස පාරමිතා අංක: 30 (සත්‍ය පාරමිතාව 02) 30-11-2024

දස පාරමිතා අංක: 30 (සත්‍ය පාරමිතාව 02) 30-11-2024

දස පාරමිතා අංක: 30 (සත්‍ය පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 30th November 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 නොවැම්බර් මස 30 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් සත්‍ය පාරමිතාව වර්ධනය කරන ආකාර තුන වන ආත්ම මූලික, සමාජ මූලික සහ ආධ්‍යාත්මික මූලික ආකාරයන් පැහැදිලි කෙරිණි. එමෙන්ම සත්‍යක්‍රියාවන් සිදුකරනා ආකාරය සවිස්තරාත්මකව සහ එම හැකියාව ප්‍රයෝගිකව වර්ධනය කරගන්නා ආකාරයන් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: සත්‍ය පාරමිතාව වර්ධනය කරන ආකාරයන් තුන සහ සත්‍යක්‍රියාවන් සිදුකරනා ආකාරය පැහැදිලි කරන්න.*** (ඉතා වටිනා කරුණු හෙළිකෙරෙන දේශනාවකි.)
  2. සත්‍යක්‍රියාවන් සිදුකිරීමට ආත්ම මූලික, සමාජ මූලික සහ ආධ්‍යාත්මික මූලික යන තුන් ආකාරයන් ගෙන් කවරෙකුට හැකි වේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  3. මවිසින් පැවැසූ දෙයක් පටලවාගෙන සිටින අයෙකු ඇති විට ඒ ගැන නිහඬ වීමෙන් මගේ සත්‍ය පාරමිතාවට හානි වේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. මිත්‍යා ආජීවයකින් ජීවත්වෙන අභිසාරිකාවක් සත්‍යක්‍රියාවක් සිදුකලේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. මාහට පාඩුවක් වුවත් අන්‍යයන්ගේ යහපත සලකා සත්‍ය කථා කිරීම පිලිබඳ මෙම තත්වය පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. මනසට දැනෙන අරමුණකින් පංච උපාදානස්ඛන්ධයේ අනිත්‍ය දකින්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. ගරු ස්වාමින්වහන්සේ සත්‍යක්‍රියාවන් පිළිබඳව දැක්වූ අතීත උදාහරණයන් තුලින් මාහට වැටහුණු මේ කරුණු නිවැරදි ද? *** (ඉතා වටිනා නිරීක්‍ෂණයක් සහ පැහැදිලි කිරීමකි.)
  8. සතුන් මරණ අදහසින් යම් කෙනෙක් උගුලක් ඇටවූ පසු එහි සතුන් අසුවන තාක් ඔහුට පව් සිද්ධවෙයි ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. ගරු ස්වාමින්වහන්සේ ඊයේ දිනයේ සිදුකල ධර්ම දේශනාවේදී සඳහන් කල නිවන් දැකීම සඳහා කෙලෙස් දුරු කිරීම යන කරුණ තව දුරටත් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
    එම ඊයේ දිනයේ සිදුකල ධර්ම දේශනාවට මෙතැනින් පිවිසෙන්න:
    සසර ගමන කළමනාකරණය. (29-11-2024)
  10. සතුන් මරණ අදහසින් යම් කෙනෙක් උගුල ගැන පැහැදිලි කල ආකාරයට සත්ව මාංශ අනුභාවයෙදී කාර්ම රැස්වීමට පුළුවන් ද? ***
  11. අප ආධ්‍යාත්මික මූලිකව බොරු කීමෙන් වැලකී සිටියත් එහිදීත් ‘මම’ සිටිනවා නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)

  12. මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.


සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.