Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05

මෙය පස්වන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1. ක්‍ෂණ සම්පත්තිය. (24-09-2021): බුදුරජාණන්වහන්සේ විසින් සෑම උදැසනකම භික්ෂුන් වහන්සේලාහට සිහිකරදුන් වැදගත් කරුණු පහට අයත්වූ මෙම ‘ක්‍ෂණ සම්පත්තිය’ නමැති ඉතා වටිනා ධර්මය අප සියළු දෙනා මැනවින් පරිශීලනය කර පුරුදු පුහුණු විය යුතු දෙයකි.
    ක්‍ෂණ විපතියට පත් නොවී ක්‍ෂණ සම්පත්තිය ඇතිකර ගැනීමේ වැදගත් කම සහ එය ලඟා කරගන්නා මාර්ගය පිළිබඳව මනා අවබෝධයක් මෙම දේශනාවෙන් ලබාගත හැක.
    මෙම වටින ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම දූ දරු වැඩිහිටි සෑම දෙනා හටම ඉමහත් වැඩදායක වනු ඇත.
    ”ක්‍ෂණ සම්පත්තිය” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  2. වෛරය, මාන්නය සහ ඊර්ෂියාව. (06-10-2021): වෛරය, මාන්නය සහ ඊර්ෂියාව නිසා ඇතිවිය හැකි, අපගේ සංසාරය පුරා දිවයන අහිතකර ප්‍රතිඵල ගැන දැන ගැනීම වටිනා වේ. එමෙන්ම එම දුබලතා නැතිකර ගැනීමට අප විසින් ප්‍රගුණ කලයුතු කුසලතාවයන් පිළිබඳව දැනගැනීම එයටත් වඩා ඉතා වැදගත් වේ. බොහෝ දෙනා නොදන්නා එම කුසලතාවයන් සිත් කාවදිනා ආකාරයෙන් මෙම ධර්ම දේශනාවේ ඉදිරිපත් කෙරේ.
    වෛරය, මාන්නය සහ ඊර්ෂියාව ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  3. මව්පිය උපස්ථානය හා නිර්වාණාවබෝධය. (08-10-2021): මව්පිය උපස්ථානය පිළිබඳව අප බොහෝ දෙනා නොදුටු පැතිකඩ දක්වමින් සිදුකෙරෙන මෙම ධර්ම දේශනාව අප සියළු දෙනාට ඉතා වටිනා වේ.  ඒ මන්ද යත් අප සියළු දෙනාම කුමන වයසක පසුවූවත් මාපියන්ගේ දරුවන් වන බැවිනුත් ටිකෙන් ටික හෝ නිවන කරා උත්සාහ කරන්නන් වන බැවිනුත් වේ.
    එමෙන්ම මව්පියන්ගේ ගුණ පිලිබඳ අප නොසිතන සහ නොදන්නා බොහෝ කරුණු මෙම දේශනාවේ ඇතුලත් වේ. විශ්වයේ බොහෝ සත්වයින් මිනිස් ලොව ඉපදීමට සුදුසු වුවත් මිනිස් මව් කුසක් ලැබෙනා තුරු බලා සිටීම එයින් එක කරුණකි.  එමෙන්ම මව්පිය උපස්ථානයක් සිදුකල පමණින්ම එය නිර්වාණාවබෝධය පිණිස හේතු වන්නාවූ කුසලයක් නොවන බවත් මෙහිදී පැහැදිලි වේ. සියලුම දූ දරුවන් කිහිපවිටක් ශ්‍රවණය කිරීමට සුදුසු අගනා ධර්ම දේශනාවකි.
    මව්පිය උපස්ථානය හා නිර්වාණාවබෝධය ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  4. සම්මා සතියේ සිත පිහිටවා ගැනීම. (17-01-2021):  සම්මා සතියේ සිත පිහිටවා ගැනීම යන මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සියළු දෙනාටම ඉතා ප්‍රයෝගික වටිනා කමකින් පරිපුර්ණ වූ දේශනාවකි.  සතිය යන්න කුමක්ද කියා අද සමාජයේ නොයෙකුත් අදහස් සහ මතිමතාන්තර පවතී. මෙම දේශනාවේ සම්මා සතිය යනු කුමක්ද යයි පැහැදිලිව තේරුම් කර තිබේ.එමෙන්ම කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝ දෙනා හට සම්මා සතිය දියුණු කරගැනීමට ඕනෑකමක් තිබුනත් ඒ සඳහා භාවනාවක් කිරීමට කාලයක් සපයා ගැනීම අපහසු වේ. එවන් අය සඳහා චින්තාමය ඥානය යොදවා සිත දියුණු කිරීමට සිදුකල හැකි පහසු සහ වටිනා ක්‍රම වේදයක් මෙම දේශනාවේ අන්තර්ගත වේ.
    සම්මා සතියේ සිත පිහිටවා ගැනීම ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  5. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී: “ධර්මයේ හැසිරෙන්නා දහම විසින් ආරක්ෂා කරයි” යන බුද්ධ වචනය පිලිබඳ වර්තමානයේ බොහෝ දෙනා සැක පහල කරති. එයට හේතුවන්නේ දහම් න්‍යාය පිලිබඳ දැනුම අඩු බව සහ ධම්මානු ධම්ම ප්‍රතිපදාව පුහුණු කිරීමේ ඇති දුබල තාවයන් වේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ ඉදිරියට දියුණු වීමට නම් එම මාර්ගය පිලිබඳ පැහැදිලි වැටහීමක් ඇතිකරගත යුතුවේ. දහමින් ලැබෙන ආරක්ෂාව කුමක්ද සහ එම ආරක්ෂාව ලබන්නේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන මෙම දේශනාව ඉතා කාලෝචිත වේ. මෙම ධර්ම දේශනාව බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේදී වස්සාන දේශනාවක් ලෙස අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කෝවිඩ් වසංගතයේ ආරම්භක සමයේදී සිදු කරන ලදී.
    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  6. කුසල විපාක අවභාවිතය. (02-10-2021): කුසල විපාක අවභාවිතය නොකොට සුභාවිතය සඳහා යොදවන්නේ කෙසේද යන මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා මාතෘකාවකි.  කුසල විපාකයකින් ලබා ගන්න ලද අපගේ ඉතා විරල මනුෂ්‍ය ජීවිතය නුසුදුසු වැරදි ආකාරයෙන් තමන්ටත් අනුන්ටත් හානිදායක ආකාරයෙන් ගතකිරීම නොකොට සුභාවිතය සඳහා යෙදවීම මෙහිදී පැහැදිලිව දේශනා කෙරේ.  එමෙන්ම කුසල විපාක අවභාවිතය සඳහා යොමුවෙන්නේ ඥාණ සම්ප්‍රයුක්ත කුසල බලයකින් ඉපදෙන්නේ නැති අය බවත්, ඕනෑම කුසලයක් සිදුකල පමණින්ම එය අපගේ සහ අන්‍යයන්ගේ සංසාරික යහපත පිණිස නොවනවා විය හැකි බව මෙහිදී පැහැදිලි කෙරේ.  එසේම, කුසල විපාක සුභාවිතය සඳහා අපගේ ජීවිතය තුල දියුණු කරගත යුතු ගුණයන් හතර පිළිබඳවද මෙම ධර්ම දේශනාවෙන් ගැඹුරින් විස්තර කෙරේ.
    “කුසල විපාක අවභාවිතය” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  7. පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. (08-10-2021):  පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව අපට කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. 01. බුදුරජාණන් වහන්සේ ජීවත්වන සමයේදී ශ්‍රාවකයන්ගේ චරිත සුවිශේෂ ඥානයකින් දැක ඒ අනුව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට යොමුකිරීම සිදුකල සේක.  එම චරිත විශ්ලේෂණය අනුව යමින් අන්‍ය සිත් දක්නා ඥානයන් සහිත රහතන් වහන්සේලාට යම් ප්‍රමාණයකට ශ්‍රාවකයන්ගේ චරිත අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියහි යොමු කිරීමට අතීතයේදී හැකිවුවා.  වර්තමානයේ එවන් හැකියාවන් ඇති ගුරුවරුන් සොයා ගැනීම දුෂ්කර නිසා එම පුද්ගල චරිත විශ්ලේෂණය ඉගෙනීම සහ පැහැදිලි කරගැනීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දියුණු කරගන්න අප සැමට ඉතා වැදගත් වේ. 02. එම හැකියාව හොඳින් පරිශීලනය කරමින් අපගේ මනස වඩාත් හැසිරෙන්නේ කුමන අරමුණු වලද යන්න පැහැදිලි වෙන විට එම දක්‍ෂතාවය අපගේ භාවනාමය හැකියාව සහ අපගේ සාමාජීය අන්තර් සම්බන්ධතා දියුණු කරගැනීමටත් උදවුවේ.  03. එමෙන්ම එම හැකියාව ඉහත #1 සහ #2 අනුව අපට ඉතා හොඳින් දියුණු කල හැකි වූවොත්, අප ළඟින් ඇසුරු කරන අය හට කල්‍යාණ මිත්‍ර භාවයෙන් පිහිට වීමේ හැකියාවද අප තුල වැඩි දියුණු වේ.
    “පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  8. නිර්වාණ අවබෝධය පිණිස කුසල් සිත් වැඩි දියුණු කරන ආකාරය. (27-10-2021): මෙය ඉතා වැදගත් මාතෘකාවක් වන්නේ අප සිදුකරන ඕනෑම කුසලයකින් නිර්වාණ අවබෝධය පිණිස හේතු නොවන නිසාවෙනි.  එබැවින් සියළුම බෞද්ධයන් නිවනට උපකාර වෙන ලෙසට කුසල් සිදුකරන ආකාරය පිළිබඳව දැනගැනීම බෙහෙවින් වටිනා වේ.
    පැහැදිලි ඉලක්කයක් ඇතිව කුසල් කිරීමේ අවශ්‍යතාවය, නිවන සඳහා උත්සහ කිරීමේදී ඇති අගතිගාමී පිළිවෙත්, නිවන ඉලක්ක කරගෙන භාවනා සහ කුසල් කරන විට ඇතිවිය යුතු අනිවාර්ය ලක්ෂණ තුන, හේතු සහ ප්‍රත්‍ය පැහැදිලිව වටහා ගැනීමේ වැදගත්කම යනාදී වටිනා කරුණු මෙහි පැහැදිලි කෙරේ.  එමෙන්ම නිවන ඉලක්ක කරගෙන සිදුකරන පාරමී කුසල් වල තිබිය යුතු ගුණාංගයන් සහ කෙලෙස් වලින් නිදහස් වූ ස්වභාවය මෙම දේශනාවේ හොඳින් විස්තර කෙරේ.
    “නිර්වාණ අවබෝධය පිණිස කුසල් සිත් වැඩි දියුණු කරන ආකාරය” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  9. ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය. (30-10-2021): ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය පිළිබඳව වූ මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා ප්‍රයෝගික වැදගත් කමකින් යුක්ත වන්නේ එම දේශනාව තුලින් බුද්ධ ධර්මයේ ඇති සමථ හරය අපගේ ජීවිත වල පැවැත්ම සහ නැවැත්ම කෙරේ යොදාගන්න ආකාරය ඉතා මැනැවින් ඉදිරිපත්කර ඇති බැවිනි.  එමෙන්ම දැනටමත් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වී ඇති අයට මෙම දේශනාව තුලින් බුදුදහම සහ ජීවිතයේ අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව මනාව පැහැදිලි වෙනු ඇත.
    “ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  10. පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු. (11-09-2021): පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු පිලිබඳ මෙම ධර්ම දේශනාව ඉතා වැදගත් මාතෘකාවක් වන්නේය. මෙම පටිපදා සූත්‍ර තුලින් නිවන් දැකීම සඳහා කටයුතු කරන අයගේ හැකියාවන් සහ දුබල කම් හේතු කොට ගෙන ඔවුන් ගමන් කරන ප්‍රතිපදා හතරක් අපට පැහැදිලි කෙරේ. ඒවා නම්; 01.දුක් සහිත වූ දිගු කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව, 02. දුක් සහිත වූ කෙටි කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව, 03. සුඛ සහගත වූ දිගු කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව, 04. සුඛ සහගත වූ කෙටි කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව.
    මෙම ප්‍රතිපදා වල වෙනස්කම් ඇතිවීමට හේතු වන හැකියාවන් සහ දුබල කම් මෙම ධර්ම දේශනාවෙන් මනා කොට පැහැදිලි කෙරෙන බැවින් එය දහම් මග ගමන් කරන අයට බොහෝ වටිනා වේ.
    “පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  11. සතිය ඉන්ද්‍රිය ධර්මයක් ලෙස පුහුණු කිරීම. (06-11-2021): සතිය ඉන්ද්‍රිය ධර්මයක් ලෙස පුහුණු කිරීම යන මෙම ධර්ම දේශනාව ඉතාම වැදගත්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල සතිය නිවන් දැකීම පිණිස දියුණු කරන ආකාරය මෙම දේශනාවේ මනාව ඉදිරිපත්කර ඇති නිසා වෙනි. සතිය පිළිබඳව බොහෝ උනන්දුවක් ඇති මෙම කාලයේ ඒ පිළිබඳව විවිධ විග්‍රහයන් පවතින නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කල සතිය ගැන පැහැදිලි වැටහීමක් ඇතිකර ගැනීම අපට ඉතා වටිනා වේ. මෙම දේශනාවේදී නිවන් මග වැඩීම සඳහා සතිය වැඩි දියුණු කල යුත්තේ විවේකය, විරාගය, නිරෝධය සහ නිවන කරා නැමුණු සද්ධින්ද්‍රිය වැඩීමෙන් බව මානාව පැහැදිලි කෙරේ.
    “සතිය ඉන්ද්‍රිය ධර්මයක් ලෙස පුහුණු කිරීම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  12. ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය. (13-11- 2021): ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය යන මෙම ධර්ම දේශනාව වටිනා ධර්ම දේශනාවක් වන්නේ එකිනෙකට සමීප කුසල කර්ම දෙකක් පිළිබඳව කරුණු නොයෙක් පැතිකඩ වලින් පැහැදිලි කරන නිසාවෙනි.  එබැවින් මෙම දේශනාව තුලින් අපට හෙළි පෙහෙළි වෙන කරුණු බොහෝ වේ.  ප්‍රඥා සම්පන්න ලෙස මෙම කුසලයන් කරන්නට හැකියාව දියුණු කරගැනීම නිසා අපගේ එදිනෙදා චර්යා රටාව තුලින් මෙම කුසලයන් වැඩිදියුණු වෙන ආකාරය අප බොහෝ දෙනා නොදන්නා එබඳූ පැතිකඩක් වේ.
    “ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  13. කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය. (16-11-2021): කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය පිලිබඳ මෙම ධර්ම දේශනාව ඉතාම වැදගත් මාතෘකාවක් පැහැදිලි කෙරෙමින් සිදුකෙරෙන වටිනා ධර්ම දේශනාවකි.  එය එසේ වන්නේ මෙය නිවන පැහැදිලි කෙරෙන තවත් ආකාරයක් වෙන නිසාවෙනි.  ආශ්වාදය පමණක් ඉතිරි කර ගනිමින් ආදීනවය ඉවත්කර දැමිය නොහැක්කේ ඇයිදැයි මෙහි මානව පැහැදිලි කෙරේ.  ආදීනවය බැහැරකළ යුතු නම් ආශ්වාදයට ඇති ඇල්මද බැහැර කරමින් නිස්සරණය ලබා ගැනීමේ ප්‍රතිපදාවට අප එළඹිය යුතු වේ.
    “කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න 
  14. වයස්ගත වනවිට දියුනු කර ගතයුතු ගුණ ධර්ම – (27-11-2021): වයස්ගත වන විට දියුනු කර ගතයුතු ගුණ ධර්ම මොනවාද කියා පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා සහ විරල දේශනාවකි. වයස් ගත වන විට සිදුවන කායික දිරාපත් වීම නිසා ඉන්ද්‍රියන්ගේ දුබලතාවය සිදුවීමත් සමග ඔවුන්ගේ මානසික සහ ගුණ ධර්ම දුබල වීම නියත වශයෙන්ම සිදුවන්නක් නොවිය යුතු බව මෙම ධර්ම දේශනාවෙන් මනා ලෙස පැහැදිලි වේ.
    ”වයස්ගත වනවිට දියුනු කර ගතයුතු ගුණ ධර්ම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  15. එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම – (17-12-2021): එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම යන මෙම ධර්ම දේශනාව වර්ථමාන කාලයට ඉතා යෝග්‍ය ධර්ම දේශනාවකි.  එකම ඉරියව්වක සිට භාවනාව පුහුණු කිරීම යන ක්‍රමවේදය මේ කාලයේ බොහෝ දෙනා භාවනා කරන පිළිවෙලයි. එනමුත් නිවැරදිව භාවනාව යනු සිත දියුණු කිරීමයි.සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන සිදුවීම් තුලදී අපගේ සිත, කය සහ වචනය හසුරුවන ආකාරය භාවනාවේ දියුණුවේ මාපකයක් බව බොහෝ දෙනෙකුට මග හැරෙන කරුණකි.
    උදාහරණයක් ලෙස මේ දිනවල නිරන්තරයෙන් වැඩිවන භාණ්ඩ සහ සේවා මිල ගැන අපගේ සිත් තුල ද්වේශයක් සහ දොම්නසක් ඇතිවන්නේ නම් එහි මුල් හේතුන් සොයා දැනගෙන ඒ සඳහා කලයුතු ක්‍රියා මාර්ගය මෙම වටිනා දේශනාවෙන් ඉදිරිපත් කෙරේ. එවන් අවස්ථා වලදී මෛත්‍රී කිරීමේ නිෂ්ඵලත්වය මෙහි පැහැදිලි කෙරේ. එමෙන්ම විශේෂයෙන් එදිනෙද ජීවිතයේදී භාවනාමය මනසක් ඇතිකර ගැනීම සඳහා අපට පුහුණු කරගත හැකි සරල ක්‍රමවේදයක්ද මෙම දේශනාවෙන් පෙන්වා දේ.
    ”එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙම යොමුව භාවිතා කරන්න.
  16. සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට. (19-12-2021): සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන ඉගෙන ගැනීම ඉතා අවශ්‍ය වන්නේ එය බුද්ධ දේශනාවේ සඳහන් නිවන් දැකීම පිණිස ඇති ඒකායන මාර්ගය වන නිසාවෙනි. විපස්සනා භාවනාවට යොමුවූ බෞද්ධයන් සතිපට්ඨානය භාවනාවක් ලෙසට ප්‍රගුණ කලත් ඒ බොහෝ දෙනා හට එය එදිනදා ජීවිතයට ගලපා, සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැත.
    සතිපට්ඨානය දියුණු කිරීම තුලින් අවසාන අරමුණ වෙන නිවන සාක්ෂාත් කරගැනීමට ප්‍රථම අපගේ ජීවිතයේ දුක් දොම්නස් දුරුකර ගැනීමට සහ ශෝකය පරිදේවය දුරුකර ගැනීමට හැකිවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. එබැවින් මෙම ධර්ම දේශනාව කිහිප විටක් ශ්‍රවණය කර එහි දැක්වෙන ක්‍රමවේදයන් දියුණු කිරීම තුලින් අපගේ ජීවිතයට බෙහෙවින් ප්‍රායෝගික වන හැකියාවන් සහ වටිනාකම් ලබා ගතහැකි වනු ඇත.
    ”සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  17. කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම. (01-01-2022):  කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ කුමන හේතුන් නිසාද යන්න පළමුවෙන් පැහැදිලි කිරීම වැදගත් වේ. සමාජයේ ජීවත්වෙන සෑම දෙනෙකුටම වාගේ නිතර ඇසුරු කරන, අදහස් හුවමාරු කරගන්නා මිතුරන් එක්කෙනෙකුන් හෝ කිහිප දෙනෙක් සිටී. ඒ අයගේ ඇසුර නිසා කාලය ගතවීමෙන් අපගේ සිතුම් පැතුම්, ක්‍රියා සහ ආවේග හැඩ ගැසීම හොඳ අතට හෝ නරක අතට හෝ වෙනස් වීම අපට නොදැනීම සිදුවේ.  එම වෙනස්වීම් යාන්ත්‍රණය හඳුනා ගැනීමත්, කල්‍යාණමිත්‍රයා යනු කවරේද, එම ඇසුර සම්පත්තියක් ලෙස දක්වන්නේ මොන හේතුන් නිසාද යන කරනා බුදු දහමට අනුව මනා ලෙස මෙම දේශනාවෙන් පැහැදිළි කෙරේ. මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ ඒ නිසා වෙනි.
    ”කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  18. චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව. (07-02-2022): චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව පිලිබඳ වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 පෙබරවාරි 07 දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී.  සමථ භාවනාවෙන් විපස්සනාව වෙනස් වන ආකාරය සහ විපස්සනාවේ ඇති වැදගත්කම මෙහිදී අසන්නාට විස්තර කෙරේ. එමෙන්ම මෙම ක්‍රමය මහා විපස්සනා භාවනාව යනුවෙන් දැක්වෙන්නේ කවර හේතුන් නිසාද සහ එය වඩනා ආකාරයද මෙහි හඳුන්වා දේ.
    ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය, චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව පොතේ PDF පිටපත සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  19. වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද? (12-02-2022): වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද යන මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් තමන් වහන්සේගේ මෑණියන්ගේ 85 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සිදුකරන ලදී.  මෙම දේශනාව කරුණු කිහිපයක් නිසා අප සැමට ඉතා වැදගත් වේ.
    බුදුරජාණන්වහන්සේ විසින් දෙමාපියන්ගේ යුතුකම් වල ප්‍රධාන යුතුකම් වන දරුවන් ගුණ දහමට යොමුකිරීමත්, වැරැද්දෙන් සහ පාපයෙන් මුදවීමත් යන ප්‍රවේශයෙන් ඇරඹෙන මෙම දේශනාව බහුපුත්‍රිකා රහත් තෙරණියගේ පුවත තුලින් ඉතා ප්‍රායෝගික සහ වටිනා දහම් ප්‍රවේශයකට අපව යොමු කරවයි. වයස්ගත වනවිට අප සන්තානයේ දියුණු කරගත යුතු කරුණු මොනවාද සහ ඒ තුලින් අපට දෙලොවටම වැඩදායක ලෙස ඇතිවන ප්‍රතිඵල පිළිබඳව මෙහි මානව පැහැදිලි කෙරේ.
    “වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද?” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.
  20. කුසලාකුසල සිත් හඳුනාගැනීම සහ සිත පාලනය. (13-02-2020): 1. අප දහම් දැනුමෙන් පමණක් දැන ගන්නා කුසලය සහ අකුසලය පිලිබඳ දැනුම කුසලාකුසල සිත් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව අප බොහෝ දෙනා නොදන්නා කාරණයකි.  එවැනි කුසලාකුසල සිත් හඳුනා ගැනීමට නොහැකි වන්නේ මන්දැයි කියා සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරින් මෙහිදී ප්‍රායෝගිකව පැහැදිළි කෙරේ.  2. එවන් කුසලාකුසල සිත් හඳුනා ගෙන සිත පාලනය කිරීමට අත්‍යාවශ්‍ය සතිය, ප්‍රඥාව සහ නිවැරදි දැකීම යනු කුමක්ද සහ එය පුහුණු කිරීමේ වැදගත් කම මෙහිදී පැහැදිලි කෙරේ.  3. එමෙන්ම දරුවෙකුට සතිමත් බව ඉගැන්වීමට ප්‍රථම එම දරුවා මව් කුසට පැමිණීමටත් පෙරාතුවම කුසලයේ සිත පිහිටන අයුරින් දෙමාපියන් හැසිරිය යුතු ආකාරයත් සහ ඉතා කුඩා කාලයේදීම කුසලය සහ අකුසලය කුමක් දැයි ප්‍රායෝගිකව කියාදීමේ ඇති වැදගත් කමත් මෙහිදී පැහැදිලි කෙරේ.
    “කුසලාකුසල සිත් හඳුනාගැනීම සහ සිත පාලනය” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  21. මහා රාහුලෝවාද සූත්‍රය. (23-02-2022): මහා රාහුලෝවාද සූත්‍රය පිලිබඳ මෙම දේශනාව භාවනා කරන වර්ථමාන බෞද්ධයන් හට ඉතාමත් වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් වේ. (1). වර්ථමාන භාවනා ලෝකයේ විපස්සනා යානික සහ සමථ යානික යනුවෙන් ඇතිව පවතින දැඩි භේදයක් පවතින බව පෙනී යන කරුණකි. එම භේදයේ ප්‍රමාණය පැහැදිලි වන්නේ ඇතැම් වර්ථමාන විපස්සනා භාවනා ආචාර්යවරයන් කරන ”මෛත්‍රෙය හෝ කරුණාව හෝ මම උගන්වන්නේ නැහැ” වැනි දැඩි ප්‍රකාශ වලිනි. එනමුත් අපගේ ගුරු වූ බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රය තුලින් විපස්සනා සහ සමථ භාවනාවන් සමූහයක් එකට එකතු කරමින් ඉතාම වටිනා භාවනා මගක් හෙලි දැක්වූ සේක. එම සමබර මග මෙම දේශනාවේ දී මනාව පැහැදිලි කෙරේ. (2). එමෙන්ම අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රය තුලින් ආනාපානසති භාවනාවෙන් මහත් ඵල මහානිසන්ස ලබාගත හැකි ක්‍රමයක් දේශනා කල සේක. එම ක්‍රමය එසේ වන්නේ කෙලෙස දැයි මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කෙරේ.
    “මහා රාහුලෝවාද සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  22. ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට. (05-03-2022): ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට යන මෙම ධර්ම දේශනාව සුවිශේෂ කරුණක් නිසා ගිහියන්ට වැදගත් වේ. එනම් ගිහියන් ඇතැම් දෙනා විශ්වාස කරන පරිදි ‘සෝවාන් වීමට නම් මහණ විය යුතුය’ යන සාවද්‍ය කරුණ පිළිබඳව පැති කිහිපයකින් සිදු කෙරෙන පහදා දීම නිසාවෙනි. එකම නිවන් මග සාක්‍ෂාත් කරගැනීමට ගිහි සහ පැවිදි ප්‍රතිපදා දෙකේ අතර ඇති වෙනස සහ එම ප්‍රතිපදාවන් හොඳින් වටහා නොගැනීම නිසා සිදුවිය හැකි, සෝවාන් මග ඇහිරෙන විකෘති මොනවාද යන්න ප්‍රායෝගිකව මෙහිදී මනාව පැහැදිලි කෙරේ. එපමණක් නොව දහසක් ආකාරයට නිවන සාක්‍ෂාත් කරනවා යන්නත් මෙහි දී පැහැදිලි කෙරේ. එමෙන්ම සෝවාන් ඵලය සාක්‍ෂාත් කරගැනීමට වර්ධනය කලයුතු සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්මපටිපදාව පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ.
    “ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  23. භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම. (26-02-2022): මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වර්තමාන තත්වයට ඉතාම සුදුසු වන්නේ; 1. වර්තමානයේ අප ගතකරන කැළඹුණු, ගැටෙනකාරී තත්වයෙන් මියගිය හොත් දුගතියක උප්පතියක් ඇති කිරීමට හේතු වන හැටි, 2. දැනට බෞද්ධ සමාජයේ මුල්බැසගෙන ඇති වැරදි විශ්වාස දෙකක් පිළිබඳව කෙරෙන නිවැරදි කිරීම, 3. අපගේ මරණය ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බැවින් අපගේ සිත කැළඹෙන තත්වයෙන් ඉවත් කරගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ එය සිදුකරන ආකාරය, 4. සහ සංඛාරුප්පත්ති සූත්‍රය අනුව පෘතග්ජනයන් විසින් ඇතිකරගත යුතු මරණින් පසු සුදුසු උප්පත්තියක් සඳහා ඇතිකරගත යුතු අධිෂ්ඨානය, යනාදී කාලීන කරුණු පිළිබඳව මානාව ගලපා පහදා දෙන බැවිනි.
    “භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  24. සොඳුරු හුදකලාව හුදකලාව – ලොමසකඞ්ගිය භද්දෙකරත්ත සූත්‍රය (15-05-2022): මෙම ධර්ම දේශනය නිවන්මග පුහුණු කරන අයට බොහෝ ප්‍රයෝගික වටිනාකමක් ඇති දේශනයකි.  වර්ෂ 2022 වෙසක් පොහෝ දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම දේශනාවේදී පහත සඳහන් මුලික කරුණු මනාව පැහැදිලි කෙරේ. 1. බුදුරජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට අවශ්‍ය හුදකලා බව කුමක්ද? 2. අතීතය සහ අනාගතය ගැන සිත නොපවත්වනවා යන්නෙහි තේරුම කුමක්දැයි අපගේ එදිනෙද ජීවිත තුලින් ගත් උදාහරණ වලින් මානාව පැහැදිලි කිරීම. 3. වර්තමානයේ සිත පැවැත්විය යුත්තේ කෙසේද? 4. මරණානුස්සතිය නියම ආකාරයෙන් වැඩිය යුත්තේ කෙසේද?සහ, 5. නිවන් මගට අවශ්‍ය සතිය සහ  සම්පජඤ්ඤය වැඩිය යුතු ආකාරය යනාදී වටිනා කරුණු රැසක් පැහැදිලි කෙරේ.
    “සොඳුරු හුදකලාව හුදකලාව – ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  25. චාගානුස්සතිය – (24-05-2022):  චාගානුස්සතිය පිලිබඳ මෙම ධර්ම දේශනාව වර්ථමාන කාලයට ඉතාම ගැලපෙන දේශනාවක් වන්නේ පහත සඳහන් මූලික කරුණු නිසාවෙනි.
    1. ත්‍යාගී ගුණය නියම ආකාරයෙන් වඩන්නේ කෙසේදැයි මෙහිදී ධර්මානුකූලව පැහැදිලි කෙරේ. බොහෝ බෞද්ධයන් මෙම සූත්‍රයේ දැක්වෙන කරුණු හය පිලිබඳ නියම අවබෝධයක් නොමැතිව දන් දීම සිදු කරන්නෝ වෙති.
    2. ධර්ම මාර්ගය දියුණු කිරීම සඳහා මානුෂීය සංකල්පයේ ඇති වැදගත් කම.
    3. පරිත්‍යාගය සහ නෙක්ඛම්මයේ ඇති වෙනස.
    ”චාගානුස්සතිය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.