
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන ඉගෙන ගැනීම ඉතා අවශ්‍ය වන්නේ එය බුද්ධ දේශනාවේ සඳහන් නිවන් දැකීම පිණිස ඇති ඒකායන මාර්ගය වන නිසාවෙනි. විපස්සනා භාවනාවට යොමුවූ බෞද්ධයන් සතිපට්ඨානය භාවනාවක් ලෙසට ප්‍රගුණ කලත් ඒ බොහෝ දෙනා හට එය එදිනදා ජීවිතයට ගලපා, සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැත.
සතිපට්ඨානය දියුණු කිරීම තුලින් අවසාන අරමුණ වෙන නිවන සාක්ෂාත් කරගැනීමට ප්‍රථම අපගේ ජීවිතයේ දුක් දොම්නස් දුරුකර ගැනීමට සහ ශෝකය පරිදේවය දුරුකර ගැනීමට හැකිවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. එබැවින් මෙම ධර්ම දේශනාව කිහිප විටක් ශ්‍රවණය කර එහි දැක්වෙන ක්‍රමවේදයන් දියුණු කිරීම තුලින් අපගේ ජීවිතයට බෙහෙවින් ප්‍රායෝගික වන හැකියාවන් සහ වටිනාකම් ලබාගත හැකි වනු ඇත.
”සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
”සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, දීඝ නිකායේ එන මහා සතිපට්ඨාන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 දෙසැම්බර් 19වෙනි දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී. මෙම මහඟු ධර්ම දානය, ලාල් එදිරිසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතාට චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම පිණිස පවුලේ සෑම දෙනා විසින් සිදුකරන ලදී.