කුසල විපාක අවභාවිතය. (02-10-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.

කුසල විපාක අවභාවිතය නොකොට සුභාවිතය සඳහා යොදවන්නේ කෙසේද යන මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා මාතෘකාවකි.  කුසල විපාකයකින් ලබා ගන්න ලද අපගේ ඉතා විරල මනුෂ්‍ය ජීවිතය නුසුදුසු වැරදි ආකාරයෙන් තමන්ටත් අනුන්ටත් හානිදායක ආකාරයෙන් ගතකිරීම නොකොට සුභාවිතය සඳහා යෙදවීම මෙහිදී පැහැදිලිව දේශනා කෙරේ.

එමෙන්ම කුසල විපාක අවභාවිතය සඳහා යොමුවෙන්නේ ඥාණ සම්ප්‍රයුක්ත කුසල බලයකින් ඉපදෙන්නේ නැති අය බවත්, ඕනෑම කුසලයක් සිදුකල පමණින්ම එය අපගේ සහ අන්‍යයන්ගේ සංසාරික යහපත පිණිස නොවනවා විය හැකි බව මෙහිදී පැහැදිලි කෙරේ.  එසේම, කුසල විපාක සුභාවිතය සඳහා අපගේ ජීවිතය තුල දියුණු කරගත යුතු ගුණයන් හතර පිළිබඳවද මෙම ධර්ම දේශනාවෙන් ගැඹුරින් විස්තර කෙරේ.

“කුසල විපාක අවභාවිතය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“කුසල විපාක අවභාවිතය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූ ඛුද්දක නිකායේ, අපදානපාළි-1, බුද්ධාපදානයේ, උපාළි ස්ථවිරාපදානයේ ඇති 578 වන ගාථා රත්නයයි. එම ගාථාව ත්‍රිපිටකයේ මෙම යොමුවෙන් කියවන්න: උපාළි ස්ථවිරාපදානය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 02 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, ලක්ෂ්මී කොඩිතුවක්කු මහත්මිය විසින් සිය ජන්ම දිනය නිමිති කොටගෙන මියගිය සිය දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පිං පිණිස සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.