කුසලාකුසල සිත් හඳුනාගැනීම සහ සිත පාලනය. (13-02-2020)

කුසලාකුසල සිත් හඳුනා ගැනීම සහ සිත පාලනය යන මෙම ධර්ම දේශනාව බෞද්ධයන් හට බොහෝ වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු කෙරෙහි ඔවුන් යොමු කෙරෙන නිසාවෙනි.

  1. අප දහම් දැනුමෙන් පමණක් දැන ගන්නා කුසලය සහ අකුසලය පිලිබඳ දැනුම කුසලාකුසල සිත් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව අප බොහෝ දෙනා නොදන්නා කාරණයකි.  එවැනි කුසලාකුසල සිත් හඳුනා ගැනීමට නොහැකි වන්නේ මන්දැයි කියා සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරින් මෙහිදී ප්‍රායෝගිකව පැහැදිළි කෙරේ.
  2. එවන් කුසලාකුසල සිත් හඳුනා ගෙන සිත පාලනය කිරීමට අත්‍යාවශ්‍ය සතිය, ප්‍රඥාව සහ නිවැරදි දැකීම යනු කුමක්ද සහ එය පුහුණු කිරීමේ වැදගත් කම මෙහිදී පැහැදිලි කෙරේ.
  3. එමෙන්ම දරුවෙකුට සතිමත් බව ඉගැන්වීමට ප්‍රථම එම දරුවා මව් කුසට පැමිණීමටත් පෙරාතුවම කුසලයේ සිත පිහිටන අයුරින් දෙමාපියන් හැසිරිය යුතු ආකාරයත් සහ ඉතා කුඩා කාලයේදීම කුසලය සහ අකුසලය කුමක් දැයි ප්‍රායෝගිකව කියාදීමේ ඇති වැදගත් කමත් මෙහිදී පැහැදිලි කෙරේ.

“කුසලාකුසල සිත් හඳුනාගැනීම සහ සිත පාලනය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“කුසලාකුසල සිත් හඳුනාගැනීම සහ සිත පාලනය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, මූල පන්නාසකයේ, මූලපරියාය වර්ගයේ ඇති සම්මාදිට්ඨි සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සම්මාදිට්ඨි සූත්‍රය.

මෙම මහඟු ධර්ම දානය, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2022 පෙබරවාරි 13 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.