
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ
සියළු බුදුවරුන්ගේ අනුශාසනය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට බෙහෙවින් වැදගත් වේ. එම අනුශාසනය නම් දුක අවම කරගැනීමේ සහ නැති කරගැනීමේ ධර්මානු ධර්ම ප්රතිපත්තියයි.
එමෙන්ම දහම් මග ගමන ආරම්භ කල බොහෝ අය ප්‍රඥාව දියුණු කිරීම සිදු නොකර ගන්නා වැදගත් හේතුවක් මෙහි පැහැදිළි කර තිබීම ඉතා ප්‍රොයෝජනවත් වේ.
එම ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කුඩා දරුවෙකුට වුවත් ආරම්භ කිරීමට පුළුවන් වන මට්ටමේ සිට ඉතා ගැඹුරට ප්‍රඥාව අවධි කරන පරාසයක් ඇතිව බුදුරජාණන්වහන්සේලා එම දහම දේශනා කර ඇති බව ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ. ටිකෙන් ටික අකුසල් නොකරමින්, කුසල් දියුණු කරමින් අවසානයේ මනස දියුණු කරන ආකාරය මෙහිදී ප්‍රායෝගික උදාහරණ සහිතව පැහැදිලි කෙරේ.
මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.
මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ, බුද්ධ වග්ගයේ පස්වන ගාථාවයි.
“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන ශාසනං”
එම ගාථාව මෙනනින් කියවන්න: ආනන්ද මහාතෙරුන් ඇසු ප්‍රශ්න.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 10 දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී. එම මහඟු ධර්ම දානය, නුගේගොඩ පදිංචිව සිට අභාවප්‍රාප්ත වූ රවීන්ද්‍ර මුනින්ද්‍රදාස මහතාට පුණ්‍යානුමෝදනා පිණිස පවුලේ ඥාතීන් විසින් සිදුකරන ලදී.