
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
සල්ලේඛ සූත්රය පිලිබඳ දේශිත මෙය ඉතා අපූර්ව සහ සිතට කා වදින ධර්ම දේශනාවක් වන්නේ ඒ තුලින් දැනටමත් දහම් මාර්ගයේ ඇතුල්ව කටයුතු කරන අයටත්, දහම් මගින් පිටත දුසිල්වත්ව ගතකරන අයටත් එකසේ වැදගත්වන බැවිනි.
වැරදි දැකීම් සහ අවබෝධ කරගැනීම් භාවනා කරන අය තුලත් ඇතිවන බවත් සමථ භාවනාව කරමින් විදර්ශනා භාවනාව වඩනවා යයි මුලාවට පත්වන ආකාරයත්, මමත්වය වැඩෙන ආකාරයත් පිලිබඳ කරුණු දැනටමත් දහම් මගට අවතීර්ණ වුවන් අවධි කරන කරුණු ඇතුලත් වටින දේශනාවකි.
එමෙන්ම මත්පැන් බීම වැනි දුසිල්වත් පුරුදු වලට ඇබ්බැහි වූවන්ට එයින් ගැලවෙන්නට අමාරු වන්නේ ඇයිදැයි මෙම දේශනාවෙන් පැහැදිලි වේ.
ඕනෑම දුර්වලකමක් නැවත නොහටගන්නා ලෙස නැති කිරීමට අංග පහකින් යුත් වූ ක්රමවේදයක් සල්ලේඛ සූත්රයෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබේ.
අප බොහෝදෙනාට අනෙක් අයගේ වැරදි දුටුවිට නිතැතින්ම ඒ අය පහත්කොට සැලකීම සිදුවේ. එලෙස අනෙක් දෙන දෙසට මනස යොමුකිරීම වෙනුවට තමන්වෙත යොමුවී එබඳු දුබලකම් තමන් තුල තිබෙනවාදැයි දැකීමට පුහුණුවීම සල්ලේඛ ප්රතිපදාවේ වැදගත් ආරම්භයක් වේ.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 13 වෙනි දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී. එම මහඟු ධර්ම දානය, හදිසි අනතුරකින් වර්ෂ 2019 අගෝස්තු මස 12 වන දින අභාවප්රාප්ත වුනු චංචලා ඉෂානි ගුණරත්න දියණියට පිං පිණිස පවුලේ ඥාතීන් විසින් සිදුකරන ලදී.
මෙම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.
මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.