මනස සහ සිතුවිලි පිළිබඳව මෙම වටින ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 14 දින සිදුකරන ලදී. මනස සහ සිතුවිලි වල පිරිසිදු භාවය සහ අපිරිසිදු භාවය ඇතිවන ආකාරය සහ එම ක්‍රියාකාරීත්වය අධ්‍යනය කර අපගේ සිතුවිලි වල පිරිසිදු භාවය ඇතිකරගැනීම, දියුණුකිරීම සහ පවත්වාගැනීම පිළිබඳව මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
මෙම ධර්ම දේශනාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 01 දින අභාවයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යනංශයේ හිටපු මහාචාර්ය රවී විජේසුන්දර මැතිතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් සිදුකරන ලදී.
මෙම වටින දේශනාවට පාදක වූයේ ධම්මපදයේ යමක වර්ගයේ දෙවෙනි ගාථා රත්නයයි. එම ගාථාව සහ එහි නිධාන කතාව ධම්මපදයෙන් මෙතනින් කියවන්න: “මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා…”
එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.