අල්පේච්ඡතාවය හා බැඳුණු මැදුම් පිළිවෙත…

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

අප සියළු දෙනාම වාගේ සතුටින් සිටීමටත් සහ එම සතුට වැඩිකරගැනීමටත් ඉතා කැමැත්තකින් කටයුතු කරනෙමු.  එය එසේ වුවත් එම සතුට ලඟා කරගැනීමට අප බොහෝ දෙනෙකු සිතන සහ කරන දේ වලින් අසතුට, අසහනය වැඩිවෙන බවත් එසේ අසතුට වැඩිවන වන යාන්ත්‍රනයත් නොදැන සිටිනෙමු.  යම් භාජනයකට ජලය පිරවීමේදී එය පිරෙන ලෙස අපගේ ආශාවන් අනුව වැඩි වැඩියෙන් දේවල් අත්පත් කරගැනීමෙන් අපගේ මනස පිරවිය නොහැකි බව ඉතා පැහැදිලි ලෙස මෙම අල්පේච්ඡතාවය හා බැඳුණු මැදුම් පිළිවෙත පිලිබඳ ධර්ම දේශනාවෙන් පහදා දේ.

එයින් ඇත්ත වශයෙන් සිදුවන්නේ අසතුට සහ අසහනය වැඩිවීමත් අකුශලධර්ම වැඩිවීමත් බව බුදුරජාණන්වහන්සේ පැහැදිලි කල සේක.

“මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්” – අප්පිච්ඡ සූත්‍රය.

මෙම වටිනා දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, වීර්යාරම්භ වර්ගයේ එන ඉතා වටිනා සූත්‍රයකි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: අප්පිච්ඡ සූත්‍රය.

මෙම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 16 වෙනි දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, වර්ෂ 2020 සැප්තැම්බර් මස 16 දින මියගිය හඳපාන්ගොඩ විසු අභයවර්ධන එදිරිසිංහ මහතාට පුණ්‍යානුමෝදනා පිණිස පවුලේ ඥාතීන් විසින් සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.