නිරන්තරයෙන් සිත පිරිසිදු කිරීමේ වටිනාකම. (19-02-2024)

නිරන්තරයෙන් සිත පිරිසිදු කිරීමේ වටිනාකම. (19-02-2024)

සිත පිරිසිදු කිරීම කොතරම් වටිනා කරුණක් වන්නේද යන්න පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා දක්‍ෂ ආකාරයෙන් සිදුකල වටිනා දහම් විවරණයකි.

හිතවත් දායකයකු වූ දීප්ති මහතාගේ අභාවය පිළිබඳව සිදුකල මෙම දේශනාවෙන් සිත පිරිසිදු කරගැනීම පිළිබඳව වැදගත් අංශ දෙකක් ඇසුරින් පැහැදිලි කෙරිනි.  පළමුව මියගිය කෙනාගේ ගුණ ඇසුරින් සසර ගමනට උදවු වෙන කුසල් තුලින් සත්පුරුෂ මනසක ස්වභාවය පැහැදිලි කෙරිණි.  දෙවනුව දේශනාවේ අවසාන භාගයේ දී ලෝක ධර්මතා කෙරේ අකම්පිත මනසක් ඇතිකර ගන්නා ලෙස සිත පිරිසිදු කරමින් දියුණු කරගන්න ආකාරය පැහැදිලි කෙරිණි.

එමෙන්ම ධර්ම දේශනාව තුලින් ශ්‍රාවකයාගේ මනස ක්‍රමිකව මරණයේ නියම ස්වභාවය දැන ගැනීමෙන් සහ සංසාරයේ චක්‍රීය ස්වභාවය දැන ගැනීමත් තුලින් ප්‍රඥා ඇස උපදවා ගැනීමට යම් මහඟු අවස්ථාවක් සලසා දේ.  ඒ තුලින් අප සියලු දෙනා තුල මරණය පිළිබඳව ඇතිවෙන ද්වේශය නැති කර ගැනීමට හැකි වීම මෙම දේශනාවේ ඇති සුවිශේෂ වටිනා කමකි.

එමෙන්ම බෞධයෙකු ලෙස නිරන්තරයෙන් සිත පිරිසිදු කිරීමේ වැදගත් කමත්, එය නිවන් දක්නා අවස්ථාව දක්වා බලගතු ශක්තියක් සහ එක්තරා ආකාරයක ප්‍රාර්ථනාවක් ලෙස ප්‍රගුණ කිරීමේ වැදගත් කමත් මේ තුලින් අපට පැහැදිලි වේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, ප්‍රභාස්වර වර්ගයේ එන දෙවන සූත්‍ර රත්නයයි. එම වටිනා සූත්‍රය මෙතැනින් කියවන්න: “පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං…”


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.